රංගිරි ශ්‍රී ලංකා රෑපවාහිනියේ නින්නාද වැඩසටහනට එක් වූ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර මහතා ලංකාවේ දේශපාලන මහා පිංතූරයේ යටිපොළ සම්බන්ධයෙන් විග්රහයක නිරත විය. එහිදි ඔහු සදහන් කර සිටියේ මේ සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් නිවැරදිව විග්රහ කර ගැනීම මගින් පමණක් අර්බුදයට විසදුම් සොයා ගත හැකි බවත් එසේ නොවුනහොත් කලාපීය භූ දේශපාලනඋවමනාවන්හි ගොදුරක් වීමේ අවධානම පවතින බවත්ය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් මෑතක දී කළ නිර්දේශවලට එරෙහිව විරෝධය දක්වන මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන මාධ්‍යවේදින්ගේ ඝාතන සහ පැහැරගැනීම් ගැන සොයා බලන බවට මැතිවරණ වේදිකාවේ දී ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අද ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් බලහත්කාරයෙන් හෝ ස්වෛච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම වෙත විශේෂ ලිපියක් යොමුකරන TGTE (දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) අගමැති විශ්වනාදන් රුද්රකුමාරන් සඳහන් කරන්නේ, කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ශ්‍රී ලංකා හමුදාවට භාරවූ LTTE සාමාජිකයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙසයි.
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..