රට පුරා ආර්ථික මධ්‍යස්ථාන 14ක් පෞද්ගලික සමාගමකට..
දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට පැවරීමේ තීරණය වහාම ඉවත් කර නොගතහොත් රටපුරා විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය රජයට ලෙස අනතුරු අඟවයි.
දඹුල්ලේදී පැවති විශේෂ සාකච්ඡාවකදී, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම තීරණය වහාම හකුළා නොගතහොත් රටපුරා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමා දැවැන්ත විරෝධතා දියත් කරන බවයි.
එමෙන්ම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය වී ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය මැයි 7 වන දින කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇත්තේ, විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම සඳහා වගකීමෙන් සීමිත සමාගමක් (Limited Liability Company) ස්ථාපිත කිරීමටයි.
මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනටමත් යොමු කර තිබේ.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, නිසි ලෙස ලියාපදිංචි වී නොමැති පෞද්ගලික සමාගමකට මෙවැනි වැදගත් ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට අමාත්‍යවරයා උත්සාහ කිරීම සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් දැඩි විරෝධය පළ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි