News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලු‍ණු සමාගම පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.