News Category
From Date
To Date
Maximum Number of Result

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තංගල්ලේ පැවති විවාහ උත්සවය වෙනුවෙන් විදුලිය ලබාගැනීම සඳහා වැයවූ බවට සඳහන් රුපියල් ලක්ෂ 26ක හිඟ බිල්පත ගැන පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්‍රික ග්‍රිල් වැනි නවීන මැෂින් යොදා ගනිමින් පුරාණ ගල කීප තැනකින් විඳ පුපුරා හැරීමට උත්සාහ කර ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති, උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කරති.

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදීමට සූදානම් වන බව වාර්තා වේ.

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.

ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කර ඇත.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.