භාතිය හස්තියා ජීවිතක්ෂයට..
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.
වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය.
එසේ වුවත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පශු වෛද්‍යවරුවන් පැවසීය.
කෙසේවෙතත් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම සිදුකර තිබුණි.
මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වනජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබුණේ මහත් පරිශ්‍රමයක් දරමිනි.
භාතිය වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන අවුරුදු 30 - 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙකි.
අවස්ථා කිහිපයකදීම හස්තියා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතය හැර ගියේ රටම කම්පාවට පත්කරවමිනි.
පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක හස්තියා සතියක පමණ කාලයක් වැතිර සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..