News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස කළ අරගලය දැන් රජයේ නිලධාරීන්ට ඒරෙහිව සිදු කිරීමට සිදුව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ , දැනට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි.

ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට වටේම තියෙන මුහුද පාවිච්චි කරලා හදාගන්න තියෙන ලුණු ටික මේ මොහොත වන විට පිටරටින් ගේන තත්වයකට පත්වී ඇති බව ජාතික කාන්තා එකමුතුවේ සභාපති හෂිනි සිල්වා පවසයි. අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෂිනි සිල්වා මෙසේද පැවසීය.

රුපියල් මිලියන 9ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ තවත් ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමගි ජනබලවේගය (SJB) සමග සන්ධානගත සිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එහි ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ඊයේ ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ප්‍රධාන පුවත්

රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු, දිවයිනේ වෙනත් ප්‍රදේශ කිහිපයකට එල්ල කිරීමට සැලසුම් කර තිබූ දෙවන ප්‍රහාර රැල්ල ව්‍යර්ථ කිරීමට ප්‍රධානතම තොරතුරු සැපයූ ලොරි රථ රියදුරු විතානගේ ශාන්ත මහතා තමන්ට සහ තම පවුලේ අයට මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැති බව පවසයි.

අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.