News Category
From Date
To Date
Maximum Number of Result

IQ, EQ, SQ, AQ: "බුද්ධි" වර්ග හතරෙන් එකකට වඩා පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ ඇයි?

Aug 18, 2025 at 11:13 AM
|

තම රැකියාවේදී දක්ෂයෙකු වන නමුත් සාමාන්‍ය සබඳතාවයන් පවත්වා ගැනීමට අරගල කරන පුද්ගලයෙකු ඔබට කවදා හෝ හමු වී තිබේද? නැතහොත් තමා වටා සිටින අයවළුන් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි නමුදු ගණිත ගැටලුවක් විසඳීමේ බෙහෙවින් වෙහෙසට පත් වන කෙනෙකු ඔබ දන්නවා විය හැකිය. එයට හේතුව  බුද්ධිය යනු විවිධ ප්‍රභේදයන්ගෙන් අපට හමුවන ප්‍රපංචයක් වන බැවිනි.

අපි "බුද්ධිය" යනු IQ හෙවත් බුද්ධි ලබ්ධිය ලෙස සිතීමට නැඹුරු වී සිටිමු. එනම් ගැටළු විසඳීමට, තොරතුරු සැකසීමට සහ කරුණු කටපාඩම් කිරීමට ඇති හැකියාවට බුද්ධිය යැයි කීමට පෙළඹී සිටිමු. නමුත් මනෝවිද්‍යාඥයින් "බුද්ධිය" නැමැති ප්‍රපංචය වඩාත් පුළුල් කර ඇති අතර, පුද්ගලයෙකු තුළ වැඩ, සබඳතා සහ සම්ස්ත ජීවිතයම සැරිසැරීමට ඇති හැකියාව හැඩගස්වන ප්‍රධාන බුද්ධි වර්ග හතරක් හඳුනා ගෙන ඇත. ඒව නම්,

IQ (Intelligence Quotient) හෙවත් බුද්ධි ලබ්ධිය(සමහරු මෙය බුද්ධි ප්‍රමාණය ලෙසද හඳුන්වති ): තර්කනය, මතකය සහ අපෝහනය පිළිබඳ සම්භාව්‍ය "පොතේ ගුරු" මිනුම.

EQ (Emotional Quotient ) හෙවත් චිත්තවේගී ලබ්ධිය (සමහරු මෙය චිත්තවේගීය ප්‍රමාණය ලෙසද හඳුන්වති ): තමාගේ සහ අනෙක් අයගේ හැඟීම් තේරුම් ගැනීමට සහ කළමනාකරණය කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාව.

SQ (Social Quotient ) හෙවත් සමාජ ලබ්ධිය (සමහරු මෙය සමාජ ප්‍රමාණය ලෙසද හඳුන්වති ): සබඳතා ගොඩනඟා ගැනීමේ, ජාල නිර්මාණයේ සහ අන් අය සමඟ හොඳින් වැඩ කිරීමට පුද්ගලයෙකු සතු කුසලතාව.

AQ (Adversity Quotient ) හෙවත් අහේතුක හෝ විපත්ති ලබ්ධිය (සමහරු මෙය විපත්ති ප්‍රමාණය ලෙසද හඳුන්වති) : පුද්ගලයෙකුගේ අර්බූදයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගැටළු සහ අභියෝග ජයගැනීමේ හැකියාව.

මෙම කරුණු නිවැරදිව තේරුම් ගැනීම පුද්ගලයෙකු සතු ශක්තීන් උපයෝගී කර ගැනීමට සහ එම පුද්ගලයාට වර්ධනය වීමට අවශ්‍ය ස්ථාන සංවර්ධනය කරගැනීමට උපකාරී වේ. මෙම කරුණු අවබෝධ කර ගැනීමෙන් අඩු ලුහුඬු කම් බිඳ දමා ප්‍රායෝගික වීමට පුද්ගලයෙකුට අවස්ථාව සැලසේ.

IQ බුද්ධි ලබ්ධිය: මොළයෙහි සිතීමේ හැකියාව

IQ යනු ඔබ පාසලෙන් උකහා ගන්න ගැටළු විසඳීමට ඔබට උපකාරී වන දැනුම සහ පුහුණුවයි.  අවන්හල් බිල්පත ලැබුණු විට ඔබට පහසුවෙන් මූලික ගණිතය යොදාගත හැකි බව සහතික කරයි. එය තර්කනය, විශ්ලේෂණය සහ අමු දත්ත සැකසුම් හැකියාවයි. නමුත් IQ පමණක් ජීවිතයේ සාර්ථකත්වය සහතික නොකරයි.

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නව නිපැයුම්කරුවෙකු වන නිකොලා ටෙස්ලාගේ IQ අගය 160 ක් පමණ අගයක තිබී ඇති බව ඇස්තමේන්තු කර තිබුණි. එහෙත්, ඔහු සතුව දක්ෂතාවය තිබියදීත්, ඔහු ව්‍යාපාර කිරීමේදී සහ මානව සබඳතා ගොඩ නැගීම සමඟ අරගල කළ අතර අවසානයේ අන්ත දුගියෙකු ලෙස මිය ගියේය. ඔහුගේ ජීවිත කතාව IQ පමණක් ප්‍රමාණවත් නොවන්නේ මන්ද යන්න පිළිබඳ සිද්ධි අධ්‍යයනයකි. ඒ අනුව EQ සහ SQ නොමැතිකම බුද්ධිමත් මනස පවා පීලි පැනිය හැකි බව නිගමනය කළ හැක.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1)ඔබේ බුද්ධි මට්ටම භාවිතා කරන්න!- ගැටළු විසඳීම, සැලසුම් කිරීම සහ අලුත් දේ ඉගෙනීම කෙරෙහි යොමුවීම කළ හැකිය.

2) එහි සීමාවන් හඳුනා ගන්න! ඓQ ඔබව ස්වයංක්‍රීයව හොඳ නායකයෙකු හෝ සන්නිවේදකයෙකු බවට පත් නොකරයි.

3) IQ ඔබ සතුව ඇති ශක්තිය නම්, චිත්තවේගීය දැනුවත්භාවය සමඟ තර්කනය යෙදීමට ඔබටම අභියෝග කරන්න.

EQ චිත්තවේගී ලබ්ධිය: භාවාත්මක මාලිමාව

“මිනිස්සු නරක රැකියා අත්හරින්නේ නැහැ, නරක කළමනාකරුවන් අතහැර යනවා” කියා කවදා හෝ අසා තිබේද? එය බොහෝ විට චිත්තවේගී ලබ්ධිය හෙවත් EQ සම්බන්ධ ගැටලුවකි. ඉහළ චිත්තවේගී ලබ්ධිය සහිත  නායකයින් විශ්වාසය ගොඩනඟා ගැනීම, ගැටුම් හොඳින් හසුරුවා ගැනීම සහ මිනිසුන් සමෘද්ධිමත් වන පරිසරයන් නිර්මාණය කිරීම කරනු ලබයි. එය යහපත් වීම සම්බන්ධ ප්‍රවේශයක් නොවේ - එය දැනුවත් වීම පිළිබඳ ප්‍රවේශයකි.

ඒබ්‍රහම් ලින්කන් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ හැඟීම් කළමනාකරණය කිරීමේ හැකියාව සඳහා ය. ඔහුගේ හැඟීම් පමණක් නොව ඔහු වටා සිටින ජනතාවගේ හැඟීම් කළමනාකරණය කිරීමේ හැකියාවද ඔහු සතු විය. සිවිල් යුද්ධය අතරතුර ඔහුගේ නායකත්වය උපායඥානය මත පමණක් රඳවා ගැනුනේ නැත. එවැනි අර්බුදයකදී ඔහුගේ කණ්ඩායම එකට තබා ගත්තේ ඔහුගේ චිත්තවේගීය බුද්ධිය මතයි.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1) ආතති සහගත අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට පෙර තමාගෙන්ම මෙසේ අසන්න: මම ප්‍රතික්‍රියා කරනවාද නැතහොත් ප්‍රතිචාර දක්වනවාද?

2) ශරීර භාෂාව සහ ශබ්ද ලීලාව කෙරෙහි අවධානය යොමු කරන්න! මිනිසුන්ගේ සැබෑ හැඟීම් බොහෝ විට ඔවුන්ගේ වචන වලට පෙර විද්‍යාමානවේ.

3)ක්‍රියාශීලී සවන්දීමට පුහුණු වන්න! විසඳුම් ලබා දීමට ඉක්මන් වීමට පෙර අවබෝධය තහවුරු කිරීම සඳහා යමෙකු පවසන දේ නැවත අවධාරණය කරන්න.

SQ  හෙවත් සමාජ ලබ්ධිය: පුද්ගල සම්බන්ධතාවය

සමහර පුද්ගලයන් පුද්ගල සබඳතා ගොඩනඟා ගන්නේ කෙසේදැයි දනිති. ඔවුන් සමාජ තත්වයන් හොඳින් හසුරුවන අතර, අන් අයට එම පුද්ගලයා කෙරෙහි වටිනාකමක් දැනෙනු ඇත. SQ හෙවත් සමාජ ලබ්ධිය කෙනෙකුට හොඳ කණ්ඩායම් සගයෙකු, ජාලකරුවෙකු හෝ නායකයෙකු වීමට උපකාරී වේ.

වොරන් බෆට් මූල්‍ය දක්ෂයෙකි. නමුත් ඔහුගේ සාර්ථකත්වය IQ හෙවත් ඔහු සතු බුද්ධි ලබ්ධිය පමණක් නොවේ. ඔහු කෙරෙහි අන්‍යයන් ගොඩ නගාගන්න විශ්වාසය සහ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමට ඔහුට ඇති හැකියාවයි. ඔහුගේ ව්‍යාපාර ගනුදෙනු දශක ගණනාවක් තිස්සේ ඔහු උපයාගත් විශ්වසනීයත්වය මත ගොඩනගා ඇත.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1) සංවාද වලදී වැඩිපුර ප්‍රශ්න අසන්න! මිනිසුන් තමන්ට සවන් දෙන බව හැඟෙනවාට කැමැත්තක් දක්වයි. 

2)සමාජ කුසලතා පහසුවෙන් ඇති කරගත නොහැකි නම්,සුළුවෙන් පටන් ගන්න! උදාහරණයක් ලෙස ‘ඔයාගේ සති අන්තය කොහොමද?’ කියා අසනවා මෙන්.

3)මතක තබා ගන්න: මිනිසුන් තනතුරු අනුගමනය නොකරන නමුත් සබඳතා අනුගමනය කරයි. පළමුව විශ්වාසය ගොඩනඟා ගන්න.

AQ හෙවත් අහේතුක හෝ විපත්ති ලබ්ධිය: ඔරොත්තු දීමේ සාධකය

AQ හෙවත් අහේතුක හෝ විපත්ති ලබ්ධිය යනු ආතතිය, අසාර්ථකත්වය සහ පසුබෑම් අත් නොහැර ඉදිරියට යාමට අවශ්‍ය බුද්ධියයි..

තෝමස් එඩිසන් විදුලි බුබුල සොයා ගැනීමට පෙර 1,000 වතාවකට වඩා අසාර්ථක විය. ඔහුගේ අසාර්ථකත්වයන් ගැන විමසූ විට, ඔහු පැවසුවේ, “මම අසාර්ථක වී නැහැ. මම දැන් ප්‍රයෝජනවත් නොවන ක්‍රම 10,000 ක් සොයාගෙන තිබෙනවා.” අහේතුක හෝ විපත්ති ලබ්ධිය සරලව පැහැදිළි කර හැකි ආකාරය එයයි. 

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1) අසාර්ථකත්වය සමාලෝචනය කරන්න! අසාර්ථකත්වය පරාජයක් ලෙස නොව දත්තයක් ලෙස සලකන්න.

2)යමක් වැරදුන විට: "මම මෙයින් ඉගෙන ගත්තේ කුමක්ද?" කියා තමන්ගෙන්ම ඇසීමට පුරුදු වන්න.

3)අභියෝග අපේක්ෂා කිරීමට ඔබේ මනස පුහුණු කරන්න! එසේඑම ඒවා තාවකාලික දෑ ලෙස දකින්න.

ඒ සියල්ල එකට කැටි කිරීම

ඔබ සතු ශක්තිමත්ම බුද්ධි වර්ගය කුමක්ද? ඔබ වර්ධනය විය යුත්තේ කුමන අංශයද?

1)ඔබගේ IQ ඉහළ මට්ටමක තිබේ නම්: ඔබේ අදහස් පැහැදිලිව සන්නිවේදනය කරන ආකාරය සහ මිනිසුන් චිත්තවේගීයව සම්බන්ධ කර ගන්නා ආකාරය ඉගෙන ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

2) ඔබ සතුව EQ ඉහළ මට්ටමක තිබේ නම්: අන් අයට මඟ පෙන්වීමට සහ නායකත්ව භූමිකාව රඟපෑමට එය භාවිතා කරන්න, නමුත් සාමය පවත්වා ගැනීම සඳහා දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටිමේ ක්‍රමවේදයෙන් බැහැර වන්න.

3) ඔබගේ SQ ඉහළ මට්ටමක තිබේ නම්: ඔබේ සම්බන්ධතා භාවිතා කරන්න, නමුත් ඔබේ නායකත්වය පදනම් වී ඇත්තේ ආකර්ශනීය බව මත පමණක් නොව කුසලතා මත බව සහතික කරගන්න.

4) ඔබගේ AQ ඉහළ මට්ටමක තිබේ නම්: ඔරොත්තු දීමේ හැකියාව භාවිතයට ගන්න, නමුත් දැඩි බව හුදකලාවකට හැරවීමට ඉඩ නොදෙන්න. ශක්තිමත්ම අයට පවා සහාය අවශ්‍ය වේ..

සැබෑ නායකත්වය සහ පුද්ගලික වර්ධනය සඳහා ඉහත සඳහන් කළ බුද්ධි වර්ග හතරම අවශ්‍ය වේ. ඔබ ඒ සියල්ල තුළම පරිපූර්ණ වීමට අවශ්‍ය නැත. එහෙත් ඔබේ දුර්වල ස්ථාන ශක්තිමත් කිරීම පිළිබඳව ඔබ දැනුවත් සහ චේතනාන්විත කටයුතු කළ යුතුය.

ඉහත සඳහ් කළ කිසිවක් අදාළ නොවේ නම්, මෙය පමණක් මතක තබා ගන්න: EQ, SQ සහ AQ ප්‍රගුණ කරන පුද්ගලයින් සාමාන්‍යයෙන් අවසානයේදී IQ පමණක් ඇති අයට වඩා ඉදිරියෙන් සිටී.

ඒ අනුව ඉහත සඳහන් බුද්ධි වර්ග හතර අතරින් කුමන බුද්ධිය වර්ධනය කර ගැනීමට ඔබ අද උත්සහා කරන්නේද?


 නායකත්ව පුහුණුකරුවෙකු මෙන්ම ව්‍යාපාර උපායමාර්ගිකයෙකු වන ලූක් සොරෙන්සන් මහතාගේ ලිපියක් ඇසුරෙන් සකස් කෙරුණි.. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.