වියට්නාම් විප්ලවය 80 වන වර්ෂය සමරයි!
වියට්නාමයේ, අගෝස්තු විප්ලව සැමරුම් දිනය අගෝස්තු 19 වන දින සමරනු ලබන අතර, එය වියට්නාමයේ ජපන් ආධිපත්‍යය අවසන් කළ හෝ චි මිං විසින් මෙහෙයවන ලද 1945 විප්ලවය සිහිපත් කිරීම වෙනුවෙන් වන සැමරුමක් බව වියට්නාම රජය පවසයි. 1945 වර්ෂයේ සරත් සෘතුව උදා වන්නේ වියට්නාම ජාතිය නිර්මාණය කිරීමේ සහ වියට්නාම් ආරක්ෂක ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. වියට්නාම ජනතාව මෙම මහා විප්ලවයේදී නැගී සිටිමින්, යටත් විජිතවාදයේ සහ වැඩවසම්වාදයේ වියගහ සොලවා, බලය සහ නිදහස නැවත ලබා ගැනීම සඳහා වන ගොවීන් සහ කම්කරුවන් සඳහා වූ ලෝකයේ පළමු රාජ්‍යය වන වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටුවා ගත්හ.
අගෝස්තු විප්ලවය ලෙසද හැඳින්වෙන අගෝස්තු මහා නැගිටීම, 1945 අගෝස්තු 19 වන දින වියට්නාමයේ ප්‍රංශ සහ ජපන් යටත් විජිත පාලනයට එරෙහිව හෝ චි මිං විසින් ආරම්භ කරන ලද විප්ලවයකි. සති දෙකක් ඇතුළත, වියට් මිං හමුදා උතුරු, මධ්‍යම සහ දකුණු වියට්නාමයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශ සහ නගර පාලනය අත්පත් කර ගෙන තිබුණි.
වියට්නාම ලේඛනාගාරවලට අනුව, වියට් මිං හමුදාව වියට්නාමයේ පාලනය අත්පත් කරගත් අතර හෝ චි මිං නගරයේදී 1945 සැප්තැම්බර් 2 වන දින වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කළේය. අගෝස්තු විප්ලවය මුළු රටටම ඒකාබද්ධ වියට් මිං පාලනයක් ස්ථාපිත කිරීමට අදහස් කළේය. 1945 අගෝස්තු විප්ලවය නූතන වියට්නාම ඉතිහාසයේ වඩාත්ම වැදගත් හැරවුම් ලක්ෂ්‍යය විය. එය වියට්නාමයේ ප්‍රංශ යටත් විජිතවාදයේ විධිමත් අවසානය සහ වියට්නාම ජාතික නිදහසේ ආරම්භය සනිටුහන් කළේය. එය කොන්ෆියුෂියානුවාදී රාජාණ්ඩුවේ අවසානය සහ කොමියුනිස්ට්-නැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක ආරම්භය ද සනිටුහන් කළේය.
1945 අගෝස්තු මාසයේදී කොමියුනිස්ට් ආධිපත්‍යය දැරූ වියට් මිං පෙරමුණට රජයේ බලය අල්ලා ගැනීමට හැකි වූයේ මන්දැයි බොහෝ ලේඛනගත කර ඇත. කොමියුනිස්ට් විරෝධී විචාරකයින් බොහෝ විට වියට් මිං වරුන්ගේ ජයග්‍රහණය ඓතිහාසික අහඹු සිදුවීමකට ආරෝපණය කර ඇති අතර, එහිදී ජපන් ජාතිකයින් මිත්‍ර පාක්ෂිකයින්ට යටත් වූ විට වියට් මිං බලයට ඉබේ පැමිණියායැයි තර්ක කරති. අනෙක් අතට, වියට්නාම කොමියුනිස්ට්වාදීන් තම සාර්ථකත්වයට හේතුව දක්ෂ සංවිධානාත්මක සහ ප්‍රචාරක නායකත්වයට ආඩම්බරයෙන් බැර කරති. යථාර්ථය නම්, වියට්නාම් අගෝස්තු විප්ලවයේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ එකල වියට්නාම සමාජයේ "බාහිර ද්‍රව්‍යමය තත්වයන්" සහ වියට් මින්ගේ "ආත්මීය" නැඹුරුතාවය යන කාරණා දෙකම හේතු කොටගනය.
1945 මාර්තු මාසයේදී ජපන් ජාතිකයින් විසින් කළ කෙටි කුමන්ත්‍රණයකින් ප්‍රංශ යටත් විජිත පාලකයින් බලයෙන් පහ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වියට්නාමයේ තිබූ සාගත තත්වය තවත් උග්‍ර විය.
ප්‍රතිඵලයක් වශයෙන්, වියට් මිං වරු ඔවුන් ගොඩ නැගූ "විමුක්ති කමිටු" හරහා වියට්නාම ජනතාව සංවිධානය කිරීමට හැකියාව ඇති එකම වියට්නාම දේශපාලන බලවේගය ලෙස මතු විය. 1945 අගෝස්තු මාසයේදී ජපාන අධිරාජ්‍යා යටත් වීමෙන් පසුව, වියට් මිං වරු වහාම දේශපාලන බලය අත් පත් කරගත් අතර එතැන් සිට බලය දිගටම රඳවා ගැනීමට තරම් වියට්නාම් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇත. මේ අනුව, වියට් මිං වරුන්ගේ සාර්ථකත්වයට හේතු වූයේ ඓතිහාසික තත්වයන් සුබවාදී ලෙස කළමනාකරණය කරගැනීමට සමත් වූ විප්ලවවාදී නායකත්වය හේතුවෙන්ය යන්න බොහෝ වාමාංශික උගතුන් පවසති.
හෙටට(19) යෙදෙන වියට්නාම් විප්ලවයේ 80 වන සංවතසරය වෙනුවෙන් සැකසුණු ලිපියකි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා