News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.

පැනමා ඇළේ හොංකොං සමාගමේ කොටස් පාලනය කිරීමේ අරමුණින් හොංකොං සමාගමක් අත්පත් කර ගැනීමට ඉඩ ඇති එක්සත් ජනපද ආයෝජන සමාගමක් වන බ්ලැක්රොක් විසින් මෙහෙයවන ලද සන්ධානයක් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ප්‍රකාශ කළේ, අදාළ පියවරයන් ධවල මන්දිරයේ පීඩනය යටතේ පවතින බැවින් එම ව්‍යාපාරික ගනුදෙනුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය අදහස් නොදක්වන බවයි.

රුසියානු හමුදා යුක්රේන නගරයක් වන ක්‍රිවෝයි රොග් හි විදේශීය කුලී හේවායන් පිරිසකට පහර දී ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(06) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිය සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත සදේ ගින්දර මාර්තු (07) අද සවස 3:00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වෙන බව එහි සංවිධායකයන් පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරිනී ෆ්‍රැන්සිස් හැරිසන්, හිටපු ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න ඇසීමට සිටි සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර, සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළ පැරණි ලේඛනයක් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව නැවත හුවමාරු කරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු අය රට හැරයාමේ ඉහල අවධානමක් ඇති බව කොළඹ තාක්ෂණ නගරයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා සඳහන් කරයි.

අද (6) විකාශය වූ අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ, බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඇමරිකානු ජනාධිපති ටෘම්ප් මහතාගේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා අතර ඇති වූ සජීව සාකච්ඡාවෙන් පසුව රුසියානු ජනාධිපති පූටින් මහතා විසින් පුවත්පත් සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් පැවසුවේ රුසියාවේ ඇති විරල පාංශු පාෂාණ නිධිවල ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල සමාගම් වලට ආරාධනා කරන බවයි. සතුරු පාර්ශව දෙකක් එකිනෙකට මුහුණ ලා සටන් කරන මොහොතක මෙම ප්‍රකාශනයේ ආන්දෝලනාත්මක සහ රුසියාවට ලැදි අයට ප්‍රශ්නයක් නොවන්නේ කෙලෙසකද? මේ පිළිබදව අප ශ්‍රී ලංකාවේ අධිරාජ විරෝධී ජාතික සංසදයේ කැදවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රශ්න කළ අතර මේ ඔහු අපට ලබාදුන් දීර්ඝ පිළිතුරයි.


ප්‍රධාන පුවත්

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.