යෝජිත ‘සහස්දනවි’ බලාගාරයේ මහා වංචාවක් ගැන විදුලි පාරිභෝගික සංගමයෙන් අනාවරණයක්..
යෝජිත සහස්දනවි බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාවේ ගණනය කිරීම් නොමඟ යවනසුළු සහ සාවද්‍ය බවට ආයතන තුනක් තහවුරු කර ඇතැයි විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.
The Morning පුවත්පත් වෙත අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පවසා ඇත්තේ, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල කැබිනට් මණ්ඩලය නොමඟයැවීමේ වගකීම භාරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
“මහජන උපයෝගීතා කොමිසම විසින් LNG භාවිතා කරන විට විදුලි ඒකකයක පිරිවැය රුපියල් 43.25 ක් ලෙස ගණනය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය එය රුපියල් 37 ක් ලෙස ගණන් බලා තිබෙනවා. සහස්දනවි සමාගම විසින් ප්‍රාග්ධන වියදම් ඇතුළත් කළ විට ඒකකයක පිරිවැය ලෙස රුපියල් 39.63 ක් බව පෙන්වා මාධ්‍ය නිවේදනයක සඳහන් කර තිබෙනවා. නමුත් අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සංඛ්‍යාලේඛනවලට වඩා හාත්පසින්ම වෙනස්” යනුවෙන් ඔහු පවසා තිබේ.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, යෝජිත බලාගාරය ක්‍රියාත්මක වුවත් නැතත් වාර්ෂික ධාරිතා ගාස්තුව බිලියන 15 ක් වන බැවින් සෑම විදුලි පාරිභෝගිකයකුටම විදුලි ඒකකයකට රුපියලක් බැගින් මිල ඉහළ යනු ඇති බවයි.
එබැවින් රජය මෙම කැබිනට් තීරණය වහාම සමාලෝචනය කර එය අත්හිටුවිය යුතු බවත්, කැබිනට් පත්‍රිකාව සකස්කරන ඉංජිනේරුවන් හිතාමතාම ප්‍රධාන වියදම් සාධක මඟහැර තිබෙන බවටත් සංජීව ධම්මික චෝදනා කරයි.
උත්පාදනයේ සැබෑ පිරිවැය ගණනය කිරීම සඳහා නිර්ණායක හතරක් අවශ්‍ය වුවද, බලාගාරය නැවත ආරම්භ කිරීමේ පිරිවැය (ආරම්භක පිරිවැය) සහ මෙහෙයුම් සහ නඩත්තු වියදම් (O&M) යන දෙකම හැර වියදම් වර්ග දෙකක් පමණක් ඇතුළත් කර ඇති බව ද ඔහු පවසයි.
මෙම ගිවිසුම මෑත කාලයේ සිදු වූ විශාලතම වංචාව ලෙස හඳුන්වන ඔහු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬතාවය පිළිබඳව ද ප්‍රශ්න කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන