News Category
From Date
To Date
Maximum Number of Result

'චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය යනු ජනතාවගේ සාර්ථකත්වයයි': ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සභාපති විනී මොලිනා

Aug 18, 2025 at 10:54 PM
|

2025 ජූලි 1 වන දිනය යනු චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 104 වන සංවත්සරය සමරණ දිනයයි. සංවර්ධනය සඳහා සියවසකට වැඩි කාලයක් වෙහෙසෙන ආකාරය ආපසු හැරී බලන විට, චීන ජනතාව අඛණ්ඩව "කළ නොහැකි දේ" "කළ හැකි දේ බවට " බවට පත් කර ඇත්තේ පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ ය. ග්ලෝබල් ටයිම්ස් (GT) වාර්තාකාරිනී මා රුයිකියන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සභාපති විනී මොලිනා (මොලිනා), චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව ශක්තීන්, එහි ජනතාව කේන්ද්‍ර කරගත් දර්ශනය, ප්‍රායෝගික පාලනය සමඟ න්‍යායික නවෝත්පාදනයන් ඒකාබද්ධ කිරීම සහ මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්ම ඇතුළු බහු දෘෂ්ටිකෝණවලින් CPC හි ආදර්ශමත් භූමිකාව සහ ජයග්‍රහණ පිළිබඳ ඔහුගේ අවබෝධය ලෝක ජනතාව සමඟ බෙදා ගැනීමට සම්මුඛ සාකච්ඡාව මගින් ප්‍රවේශයක් ලබා ගත්තේය.


GT: සමාජවාදී සමාජයක් කරා චීන සමාජය රැගෙන යාමේදී Cඵ්C ය චීන ජනතාවට ශක්තිමත් නායකත්වයක් ලබා දී ඇති බව ඔබ වරක් පැවසුවා. ඔබ සිතන ආකාරයට Cඵ්C නායකත්වයට තිබෙන ප්‍රධාන වාසිය කුමක්ද?

මොලිනා: මගේ මතය අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට ප්‍රධාන වාසි තුනක් තිබෙනවා. පළමුව, එයට ජනතාවගෙන් ලැබෙන පුළුල් සහයෝගය. දෙවනුව, එහි ප්‍රතිපත්ති සම්පාදනය දිගු කාලීන වන අතර විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත රාජ්‍ය සැලසුම් මට්ටමින් ඉහළ සම්බන්ධීකරණයක් තිබීම. තෙවනුව, සුළුතරයන්ගේ සහ ආන්තික කණ්ඩායම් යන දෙඅංශයේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කරන කැපවීම.

කැපී පෙනෙන එක් නිශ්චිත උදාහරණයක් වන්නේ කාබනීහරණය්යේ දිශාවට ගමන් කරමින් හරිත ආර්ථිකයක් ගොඩනැගීමට චීනය දක්වන ආකර්ෂණීය ප්‍රවේශයයි. මෙම ක්ෂේත්‍රය තුළ, චීනය බොහෝ රටවලට වඩා ගව් ගනණක් ඉදිරියෙන් සිටිනවා. "පාරිසරික ශිෂ්ටාචාරය" යන සංකල්පය චීනය සැබෑ ප්‍රගතියක් ලබා ඇති ක්ෂේත්‍රයක්. මෙම ප්‍රවේශය පරිසරය සහ ජනතාවගේ ජීවනෝපායන් යන දෙකම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පාරිසරික ඉලක්ක සමඟ ආර්ථික සංවර්ධනය ඒකාබද්ධ කරනවා. ආදර්ශයන් මගින්, චීනයට පෙරමුණ ගත හැකි බව ලෝකයට පෙන්වා දී තිබෙනවා.

ඊට වෙනස්ව, බටහිර විලාසිතාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්` බොහෝ විට මෙම ක්ෂේත්‍රයේදී අසාර්ථක වී තිබෙනවා. ද්වි-පක්ෂ ආකෘතිය කෙටි කාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වන අතර බොහෝ විට පුළුල් මහජනතාවට වඩා සුළුතරයකගේ අදහස් නියෝජනය කරනවා. එපමණක් නොවෙයි, ජනතාව  සැලකිලිමත් වන ප්‍රධාන ගැටළු විසඳීම සඳහා සම්බන්ධීකරණය කළ හෝ මධ්‍යගත දිගුකාලීන සැලසුම් කිරීමක් ඔවුන් සතුව නැහැ. එවැනි රාජ්‍යයන් ජනතාවගේ අවශ්‍යතා සමඟ නොව පෞද්ගලික අවශ්‍යතා සමඟ පෙළ ගැසී සිටින බව පෙනෙනවා. ඒ අර්ථයෙන් ගත් කල, චීනය පොදු ජන ගැටළු කළමනාකරණය කරන ආකාරයෙහි විශාල වෙනසක් මම දකිනවා.

GT: චීනයේ නවීකරණය පදනම් වී ඇත්තේ එහි ජනතාවගේ අවශ්‍යතා සඳහා වන සංවර්ධනය මත බවත් එමඟින් CPC හි මුලපිරීම් සහ නායකත්වය සඳහා ශක්තිමත් මහජන සහයෝගයක් ලැබී ඇති බවත් ඔබ සඳහන් කළා. CPC හි ජනතා කේන්ද්‍රීය පාලනය තුළ වන දර්ශනය ඔබ තේරුම් ගන්නේ කෙසේද?

මොලිනා: CPC හි ජනතා කේන්ද්‍රීය සමාජවාදී පාලන ආකෘතිය සම්මුතිය මත පදනම් වූ එහි ආයතනික ශක්තීන්ගෙන් එකක් බව මම සිතනවා. උදාහරණයක් ලෙස, ජාතික මහජන කොංග්‍රසයේ (NPC) සැසිවාරවලට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කරන උපදේශන ක්‍රියාවලියක් ඇතුළත් වෙනවා. මෙම ක්‍රියාවලිය නව මට්ටම් කරා ළඟා වෙමින් පවතින අතර, එය අපගේ සමහර බටහිර රටවල ක්‍රියාත්මක වන මතුපිට හෝ නොගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන බව පෙනෙනවා. බටහිර රටවල, අපි සෑම වසර තුනකට හෝ පහකට වරක් ආණ්ඩු වෙනස් කරනවා. නමුත් යථාර්ථයේ දී, ජනතාවගේ යහපැවැත්ම පිණිස ඉතා සුළු වෙනස්කම් පමණක් සිදු වෙනවා. ඊට වෙනස්ව, ජාතික මහජන කොංග්‍රසය තුළ,  මහජනයා පරිපාලනය කිරීමේදී - ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහ සුළුතර ජාතිකයන්, ආබාධ සහිත පුද්ගලයින් සහ කාන්තාවන් ඇතුළු චීන ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රගතිශීලී ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශ වනවා. ජාතික මහජන කොංග්‍රසයේ මෑතදි පැවැත්වූ සැසිවාරවලදී මෙම තත්වය පැහැදිලිව දක්නට තිබුණා.

තවත් ප්‍රධාන කරුණක් නම්, චීනයේ, මධ්‍යගතකරණය උපදේශනය සමඟ අත්වැල් බැඳගෙන තිබීමයි. මධ්‍යගතකරණය සහ උපදේශනය ඒකාබද්ධ වී එකිනෙකා ශක්තිමත් කරනවා. කොමියුනිස්ට් පක්ෂය වන අපි "ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය" ලෙස හඳුන්වන්නේ මෙයයි. තීරණයක් ගත් පසු, එය සාමූහිකයේ අවශ්‍යතා සඳහා සෑම කෙනෙකුටම බැඳී තිබෙනවා.

එසේම, ආර්ථික ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව ජනතාවගේ අධ්‍යාත්මික හා සංස්කෘතික මට්ටම ඉහළ නැංවීම සඳහා ද වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම,පළමුව ජනතාවගේ ද්‍රව්‍යමය තත්වයන් ඉහළ නැංවීමකින් තොරව එය කළ නොහැකියි. නීතිමය අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම් ආදියෙහි ප්‍රගතියක් තිබිය යුතුයි. මේ සම්බන්ධයෙන්, චීන නායකත්වය අන් අයට අනුගමනය කිරීමට හොඳින් දියුණු ආකෘතියක් පෙන්වා ඇති බව මම විශ්වාස කරනවා.

GT: චීනය අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීමේදී භාවිත කරන යතුර, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ආධානග්‍රාහීත්වයට එරෙහි වීමට උත්සාහ කර ඇති බව ඔබ වරක් සඳහන් කළා. චීන කොමියුනිස්ට් පක්ෂය "ප්‍රතිසංස්කරණවාදීන්ගේ පක්ෂයක්" ලෙස ඔබ වටහාගෙන ඇත්තේ කෙසේද?

මොලිනා: චීන කොමියුනිස්ට් පක්ෂය වසර 100 කට වැඩි කාලයක් ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර දිවි ගලවා ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රායෝගිකව සත්‍යය පරීක්ෂා කිරීමට කරන අවධාරණයයි. අපි න්‍යාය ජනතාව වෙත ගෙන යා යුතුයි. එලෙසම, අපි ජනතාවගේ උවමනා එපාකම් වෙනුවෙන් නැගී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාවට දැනෙන දේ අපට පැවසීමට ඉඩ දිය යුතුයි. එයින් අදහස් කරන්නේ මුග්ධවාදයට එරෙහි වීම - සැබෑ ජීවිතයේදී එය පරීක්ෂා නොකර න්‍යායට ඇලී සිටීම හොඳම ප්‍රතිඵල ලබා නොදෙනු ඇත යන්නයි. මාක්ස්වාදය යනු දැඩි මුග්ධතා සමූහයක් නොව, සමාජය සහ තත්වයන් වෙනස් වන විට පරිණාමය විය යුතු ක්‍රියාව සඳහා මාර්ගෝපදේශයක්. මාක්ස්වාදීන් සඳහා, යථාර්ථය තේරුම් ගැනීම සහ අනුවර්තනය වීම, ප්‍රායෝගිකව න්‍යාය පෙළගැස්වීම ඉතා වැදගත් කාරණා වෙනවා.

නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය මාක්ස්වාදයේ දියුණු ආකාරයක් ලෙස සලකා අධ්‍යයනය කළ යුතුයි. එය බොහෝ ප්‍රධාන ක්ෂේත්‍ර ආමන්ත්‍රණය කරනවා: රාජ්‍ය තාන්ත්‍රිකභාවය, නීතියේ ආධිපත්‍යය, පාරිසරික ශිෂ්ටාචාරය ඒ අතර තිබෙනවා. එය සර්ව සම්පූර්ණ මාක්ස්වාදී රාමුවක් සහ අප සැමට ඉගෙන ගත හැකි සමාජවාදී පාලනය සඳහා ප්‍රායෝගික මෙවලමක් ඉදිරිපත් කරනවා.

GT: 2023 මාර්තු මාසයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං ලෝක දේශපාලන පක්ෂ සමඟ සංවාදයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ මට්ටමේ රැස්වීමේදී ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ඉදිරිපත් කරනු ලැබුවා. ඔබේ මතය අනුව, රටවල් සඳහා අන්තර්-පක්ෂ හුවමාරුවල වැදගත්කම කුමක්ද? චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ ජාතික සංවර්ධන උපාය මාර්ග ගෝලීය මහජන අවශ්‍යතා සමඟ පෙළගස්වන්නේ කෙසේද?

මොලිනා: අදහස් සහ ඉදිරිදර්ශන හුවමාරු කර ගැනීමට සහ එවැනි හුවමාරුවලට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඉතා හොඳ මුලපිරීමක් යැයි මම සිතනවා. චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ උණුසුම් හා සහෝදර සබඳතා භුක්ති විඳීමට අපි වාසනාවන්ත වී සිටිනවා. මෙය විවිධ දර්ශන සහ ප්‍රවේශයන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා. දරිද්‍රතාවය තුරන් කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා, අපි එකට වැඩ කළ යුතුයි.

මෙය බටහිර රටවල් විසින් බොහෝ විට පිරිනමනු ලබන දේවලට සාපේක්ෂව ජාත්‍යන්තර සහයෝගීතාවයට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයක් නියෝජනය කරනවා. බටහිර ආධාර බොහෝ විට සබඳතා සමඟ පැමිණෙනවා. ඔවුන් බොහෝ විට ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩා වල නිරත වෙනවා. ශිෂ්ටාචාරවල විවිධත්වයට සහ සමෘද්ධියට ගරු කිරීම වෙනුවට, ඔවුන් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා.

අනෙක් රටවල් සමඟ චීනයේ සහයෝගීතාවය, ඊට වෙනස්ව, අන්‍යෝන්‍ය උනන්දුව මත ගොඩනගා තිබෙනවා. පැසිෆික් කලාපයේ සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින කලාපවල අපට මෙය පැහැදිලිව දැකගත හැකියි. චීනයේ ප්‍රවේශය ද්‍රව්‍යමය යහපැවැත්ම පමණක් නොව සංස්කෘතික හා ජාතික ආරක්ෂාව ද සලකා බලනවා. මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් පිළිබඳ අදහස, මගේ මතය අනුව, ගෝලීය පාලනය සඳහා වඩාත් වගකිවයුතු සහ බලාපොරොත්තු සහගත ප්‍රවේශයක්.ඒවගේම මානව ප්‍රගතිය සඳහා බලවේගයක්. එය සියලු ජනතාවට වඩා හොඳ ජීවිතයක්, සුන්දර අනාගතයක් අපේක්ෂා කළ හැකි සහ එය සැබවින්ම එකට භුක්ති විඳිය හැකි දැක්මක්.

GT: මෙම වසරේ CPC පිහිටුවීමේ 104 වන සංවත්සරය සමරණවා. පක්ෂයේ නායකත්වය යටතේ චීනය එහි දෙවන ශත සංවත්සර ඉලක්කය කරා ගමන් කරන විට, ඔබේ රටේ අනාගතය සඳහා ඔබේ අපේක්ෂාවන් මොනවාද?

මොලිනා: CPC ආරම්භ වූයේ පුද්ගලයන් 13 දෙනෙකුගෙන් පමණක් එකතු වීමෙන් බව සිහියට ගැනීමෙන් වර්ධනය තේරුම්ගත හැකියි. එය අද පවතින මිලියන 100 කට අධික ශක්තිමත් සංවිධානයක් බවට වර්ධනය වනු ඇතැයි කිසි විටෙකත් කිසිවෙක් සිතුවේ නැහැ. ඒ අතින් බලන විට එය පැවැත්මේ කතාවක්. එය අප ඉගෙන ගත යුතු කතාවක්. මෙම ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ සමාජවාදය කළ හැකි දෙයක් බව පමණක් නොව, එය ගොඩනැගෙමින් පවතින බවත්, මාක්ස්වාදය මෙහි පවතින බවත්ය. කොමියුනිස්ට්වාදියෙකු ලෙස, මම විශ්වාස කරන්නේ කොමියුනිස්ට්වාදය නොවැළැක්විය හැකි බවයි. නමුත් එය හුදකලාව පැමිණෙන්නේ නැහැ. ඒ නිසා න්‍යාය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි CPC වැනි පක්ෂ අපට අවශ්‍යයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ චීන ජනතාවගේ සහයෝගය නිසා අද චීනයේ සමාජවාදී ක්‍රමය කවරදාටත් වඩා ශක්තිමත් වී තිබෙනවා. කම්කරු පන්තියේ බහුතරයක් පක්ෂය පිටුපස එක්සත්ව සිටින බවත් එය සාර්ථක කර ගැනීමට කැමති බවත් මම විශ්වාස කරනවා. මක් නිසාද යත් පක්ෂය සාර්ථක වූ විට ජනතාව සාර්ථක වන බැවිනුයි.

2049 වන විට, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සියවසේදී, අපි චීනය දියුණු සමාජවාදී ජාතියක් ලෙස දකිනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සමගිය, ශක්තිමත් සහ නවීන සමාජයක් භුක්ති විඳින ජනතාව එහි සිටිනු ඇත. මෙම අවස්ථාවේදී, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 104 වන සංවත්සරයට මගේ සුබ පැතුම් එක් කිරීමට කැමැතියි. චීන කොමියුනිස්ට් පක්ෂයට දීර්ඝායුෂ ලැබේවා. සමාජවාදී චීනයට දීර්ඝායුෂ ලැබේවා.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

'When the CPC succeeds, the people succeed as well': Australian party leader

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.