News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතානගේ මහතා නියෝග කර තිබේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් නිහඬ කරන ලද ලේඛකයින්, සමාජ සේවකයින්, විදුහල්පතිවරුන්, ශිෂ්‍ය නායකයින්, දේශපාලන නායකයින් සහ සාමාන්‍ය ජනතාව සිහිකරමින් යාපනය කච්චේරිය ඉදිරිපිට ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

ඔක්තෝම්බර් මාසයේදී චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan-6 නැව්ගත කිරීමට ශ්‍රී ලංකාව අවසර ලබා දී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දීය ප්‍රවෘත්ති සේවය වන ANI වෙත පවසා ඇති බව වාර්තා වේ.

වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

රට බංකොලොත් වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ලබන ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ යාත්‍රාව ගැන ඇමරිකාව කනස්සල්ල පළකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු මහා සංඝරත්නය බොහෝ පිරිසක් සහභාගී විය.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.