කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සෘජු සබඳතාව හෙළිවෙයි.. තොරතුරු හෙලිදරව් කළ පුද්ගලයන් ඉලක්ක කර ග්ලයිපොසේට් සමාගම් ගහපු ගේම් එළියට..
ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් ගණනාවක පැතිර ගිය කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සබඳතාවක් තිබිය හැකි බවට 2014 වසරේ දී මහාචාර්ය චන්න ජයසුමන මහතා පරීක්ෂණය කර හෙළිදරව් කිරීමක් සිදුකරන ලද අතර, එහෙත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල ව්‍යාජ බවට විවිධ විද්වතුන් බව කියාගන්නා පුද්ගලයන් මෙන්ම මාධ්‍යකරුවන්ද දිගින් දිගටම සමාජය තුළ ප්‍රචාරයන් දියත්කරන්නට විය.
එහෙත් අද වනවිට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් ලෙස ලෝ ප්‍රකට "කේරි ගිලම්" නම් මාධ්‍යවේදිනියක විසින් මේ සම්බන්ධයෙන් කරුනු තහවුරු කරන ලද කෘතියක් එළිදක්වා තිබේ. ඇය මෙම කෘතිය හරහා ග්ලයිපොසේට් රසායනය වකුගඩු රෝග සහ පිළිකා සඳහා මුල්වන රසායනයක් බවට කරුණු අනාවරණය කර තිබේ.
එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා කරුණු අනාවරණය කළ විද්වතුන් යටපත් කිරීමට ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන සමාගම් විසින් දියත් කළ මෙහෙයුමද මෙම කෘතිය හරහා අනාවරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා තම මුහුණු පොතේ තබා ඇති සටහනක් පහතින් දක්වා තිබේ.
සුදු හුණු ගෑම-White wash
ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් ගණනාවක පැතිර ගිය කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සබඳතාවක් තිබිය හැකි බව මුල් වරට එළිදක්වනු ලැබුවේ 2014 වසරේදී ය. ඒ මගේ ආචාර්ය උපාධි (PhD) අධ්‍යයනයේ කොටසක් ලෙස යි. ඉන් පසු එළැඹි වසර කිහිපය තුළ අපි ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කර ප්‍රතිඵල එළි දැක්වීමු.
ඒ සමග මටත්, සිදුකළ පර්යේෂණයටත්, මා සමග කටයුතු කළ අයටත් පාර්ශ්ව ගණනාවකින් බරපතළ විවේචන, චෝදනා, ගැරහීම් එල්ල විය. මා සිදු කළේ ව්‍යාජ පර්යේෂණයක් බවත්, ප්‍රතිඵල ව්‍යාජ බවත්, බොරැකාරයකු බවත් පැවසිණි. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකික (කුලී ලියන්නන්) කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ පුවත්පත් කිහිපයකට ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ලිපි සැපයීය; ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ආචාර්යවරු ද සම්මන්ත්‍රණ පවත්වමින්, විද්‍යා සඟරාවලට ලිපි සපයමින්, පුවත්පත් ලිපි සපයමින්, වකුගඩු රෝග සාකච්ඡා පිළිබඳව වේදිකා (online platform) තනා ගනිමින් දිගට හරහට පහර දෙනු ලැබිණි. අපේ පර්යේෂණ පත්‍රිකාව පළකල සඟරාව එතරම් වැදගැම්මකට නැති එකක් බවද පැවසිණි. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එක් මහාචාර්යවරයකු පැවසුවේ පර්යේෂණ පත්‍රිකාව පළ කළ සඟරාවේ කාර්යාලය කුඩා එකක් බවයි.
ඒ අවස්ථාවේ මාගේ රැකවරණයට සිටියේ අතලොස්සක පිරිසක් පමණි. ආචාර්ය උපාධි පර්යේෂණය බොරු බව පවසමින් මා සේවය කළ රජරට විශ්වවිද්‍යාලයටත්, පර්යේෂණ සිදුකළ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයටත් ලිපි සහ ඊමේල් පණිවිඩ ගණනාවක් ලැබී තිබිණි. ඉහළ පෙලේ යැයි කියාගන්නා වෛද්‍යවරු, විශ්වවිද්‍යාල උගත්තු ගණනාවක් රෝගයට කෘෂි රසායනවල සබඳතාවක් ඇති බව පෙන්වා දී තිබියදීත් සිය පණ්ඩිතබව විදහා පාමින් ඒ නුදුටු සේ සිටියහ; ලොකු යැයි පැවසුනු උගතුන් කිහිපදෙනෙක්ම එළව එළවා අපට පහර දුන් හෙයින් බොහෝ අය අප මගහැර සිටියහ.
මෙවර ඇ.එ. ජනපදයට ගිය අවස්ථාවේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා මට අපූරු පොතක් ලබා දුන්නේය. එය ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තාගත අලෙවියක් ලැබූ, සම්මාන ගණනාවක් හිමි කරගත් කෘතියකි. පොතේ නම White Wash (සුදු හුණු ගෑම) ය. එහි කතුවරිය ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් ලෙස ලෝ ප්‍රකට "කේරි ගිලම්" ය. පොතේ මුඛ්‍ය තේමාව ග්ලයිපොස්ට් නිෂ්පාදනය කළ ඇමෙරිකානු මොන්සැන්ටෝ සමාගම (ඔවුන්ගේ වෙළඳළඳ නාමය රවුන්ඩ් අප්-Round Up) එමඟින් ඇතිවන සෞඛ්‍ය අවධානම යටපත් කිරීමට, සමාගමට සුදු හුණු ගෑමට කටයුතු කළ ආකාරයයි.
වසා පටකවල ඇතිවන හොජ්කින් නොවන වර්ගයේ පිළිකා රෝගින් (non-hodgkin's lymphoma) කිහිප දෙනකු ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණයේ තමන්ට එම රෝගය වැළඳුණේ මොන්සැන්ටෝ සමාගමේ රවුන්ඩ් අප් රසායනය භාවිතා කිරීමෙන් බවත්, ඊට වන්දි ලබාදෙන ලෙසත් පවසමින් නඩු පවරනු ලැබිණි. ඉතා තියුණු වාද විවාද මැද දීර්ඝ නඩු විභාගයක් මේ උදෙසා පැවැත්විණි. රවුන්ඩ් අප් රසායනයෙන් ඇතිවන සෞඛ්‍ය අවධානම පිළිබඳ අදාළ සමාගම දැන සිටි බවත් ඔවුන් ඒවා සැඟවීමට කටයුතු කළ බවත් අධිකරණයේදී පැවසුන හෙයින් මොන්සැන්ටෝ සමාගමේ ඉහළ නිලධාරීන් අතර සිදු වූ ඊමේල් හුවමාරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබිණි. අවසානයේ රෝගීන් නඩුව ජයගත් අතර ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික වන්දියක් ඔවුන්ට ගෙවීමට සමාගමට සිදු විය.
කේරි ගිලම් සිදු කළේ අධිකරණයට ඉදිරිපත් වූ මොන්සැන්ටෝ ඉහළ නිලධාරීන් අතර සිදුවූ රහසිගත ඊමේල් පණිවිඩ විශ්ලේෂණය කර එයින් හෙළිදරව් වූ කරුණු කෘතියකට නැගීමයි. පර්යේෂණවලින් හෙළි වූ කරුණු යටපත් කිරීමට, රවුන්ඩ් අප් රසායනයේ භයානකකම අවතක්සේරු කර එය කිසිදු හානියක් නැති රසායනිකයක් බව පෙන්වාදීමට, රවුන්ඩ් අප් අවදානම පෙන්වා දුන් පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට අවමන් කිරීමට, පර්යේෂණ පත්‍රිකා සඟරාවල පළ කිරීම වැළැක්වීමට ගත් උත්සාහයන් මෙම කෘතියේ දීර්ඝ ලෙස පෙන්වා දී ඇත.
කෘතියේ 120 පිටුවේ මොන්සැන්ටෝ ඉහළ නිලධාරීන් අතර සිදු වූ අපූරු ඊමේල් පණිවුඩ හුවමාරුවක් ගැන දැක්වෙයි. 1997-2004 මොන්සැන්ටෝ ඉහළ නිලධාරියකු ලෙස කටයුතු කළ, පසුව විද්‍යාත්මක සඟරා කිහිපයක කතුවරයකු ලෙස පෙනී සිටි 'රිචඩ් ගුඩ්මාන්' සහ මොන්සැන්ටෝ ප්‍රධානියකු වූ 'ජෝන් විසිනි' අතර සිදුවූ ඊමේල් පණිවුඩ හුවමාරුවක් මෙහිදී ගිලම් උපුටා දක්වයි. කෘෂිකාර්මික වකුගඩු රෝගය සහ ග්ලයිපොසේට් රසායනය අතර සබඳතාව දක්වමින් අප 2014 වසරේ පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීමෙන් පසු එයට පහරදීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නයි ගුඩ්මාන් ඉල්ලා සිටියි. එම පර්යේෂණ පත්‍රිකාව ඔවුන්ට විරුද්ධ පත්‍රිකාවක් (anti-paper) ලෙස හඳුන්වා ඇත. වකුගඩු රෝගය සහ ග්ලයිෆොසේට් අතර සබඳතාවක් නැති බව පෙන්වා, අපගේ පර්යේෂණයට අවමන් කිරීමට මොන්සැන්ටෝ සමාගම සක්‍රීය වැඩපිළිවෙළක් දියත් කළ බව කේරි ගිලම් සිය කෘතියේ දක්වා ඇත (Monsanto actively campaigned to discredit the study, saying there was no evidence whatsoever that glyphosate contributes to kidney failure in humans or animals.)”
මොන්සැන්ටෝ වැනි ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් ලාභ ලබන ආයතනයක් ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කරන්නේ කවර ලෙසකදැයි සිතා ගත හැකිය. දස වසරකට පෙර අපට එළව එළවා පහර දුන්නේ, ලිපි ලේඛන පළවූයේ, online platform හදාගෙන අවමන් කළේ කාගේ අවශ්‍යතාවට ද යන්න දැන් පැහැදිලිය; එය අහම්බයක් නොවන බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතකට එකල ලිපියක් සැපයූ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහල පෙලේ උගතකු පැවසුවේ ග්ලයිපොසේට් පානය කිරීමෙන් වුව කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවයි. ඇමරිකාවේ සහ කැනඩාවේ ජීවත්වන උපතින් ශ්‍රී ලාංකික දෙපළක් වන චන්ද්‍රා ධර්මවර්ධන සහ සුනිල් විමලවංශ ග්ලයිපොසේට් වකුගඩු රෝගයට සම්බන්ද නැති බව පවසමින් ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයක ලිපි 50 ක් පමණ පල කරන ලදි (ඔවුන්ට මොන්සැන්ටෝ සමගම හා සබඳතාවක් පැවතියේදැයි මම නොදනිමි).
මොන්සැන්ටෝ සමාගම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කළ මුදල් සහ ඒවා ලබා දුන්නේ කාට, කවරාකාරයෙන්ද යන්න ද ඇමරිකානු ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් වූ ඊමේල් නිසි පරිදි විශ්ලේෂණයෙන් සොයාගැනීමට හැකි වනු ඇත.
කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් (හෝ වෙනත් තලාවකින්, කලාවකින්) වැසී යාමට ඉඩ දිය යුතු නැත...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්