විදුලි බිල 20%කින් ඉහළට දමන්න යෝජනා..
ආණ්ඩුව විසින් නුදුරේදීම විදුලි බිල සියයට විස්සකින් වැඩි කිරීමේ යෝජනාවලියක් සකසමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.
තම සංගමය ඊට තම විරෝධය ප්‍රකාශ කරන බව සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
එහිදී ඔහු මෙසේ ද සදහන් කලේය.
“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මුලින්ම ගෙනාවේ 2023 කාංචන විජේසේකර අමාත්‍යවරයා. ඉන් පස්සේ 2024 පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුණා. ඒ ප්‍රතිපත්ති දිහා බලලා එදා අනුර කුමාර දැන් ජනාධිපතිතුමා කිව්වේ මේක ප්‍රතිගාමී ජන විරෝධී පනතක් කියලා. අපි ආවම අලුත් පනතක් හදනවා කියලත් එතුමා කිව්වා. නමුත් මේ අය දැන් ඒ පනතම කර ගහගෙන යනවා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට විදුලි පාරිභෝගික අපි සහයෝගය දෙනවා. මොකද මේ පනත ක්‍රියාත්මක වෙච්ච ගමන් කොටස් හතරකට කැඩුණු සමාගම්වලට ලාභය එන විදිහට තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව දැන් තියෙන පිරිවැය ක්‍රමයට නෙමෙයි. ඒ වගේම මේ පනතට අනුව මහජන උපයෝගිතා කොමිසමට එදා තිබුණු බලය නැතුව යනවා. එවිට විදුලි
පාරිභෝගිකයන්ට පැමිණිල්ලක් කරන්නවත් තැනක් නැතුව යනවා. ඇමැතිවරයාට ඕන විදිහට මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත තමයි විදුලි බිල සකස් වෙන්නේ. ඒක පාරිභෝගිකයට හිතකර ක්‍රමයක් නෙවෙයි. අපි ඒ නිසා විරුද්ධයි.
නැවතත් සියයට විස්සක විදුලි බිල වැඩි කරන්න යෝජනා ඇවිල්ලා. අපි කියනවා මේ ආණ්ඩුවට වැඩි කරන විදුලි බිල් අපි ගෙවන්නේ නෑ කියලා. එනිසා මේක වහාම අකුල ගන්න. මේ සඳහා අපි විරෝධතා දියත් කරනවා. පළමු විරෝධතාවය දහවෙනිදා මරඳගහමුලින් ආරම්භ කරනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..