News Category
From Date
To Date
Maximum Number of Result

මංගල උත්සව, සාද, වාණිජ ස්ථානවල ගීත වාදනයට විශේෂ නව බලපත්‍ර ගාස්තුවක්..

Sep 21, 2026 at 08:01 AM
|

ලැබෙන පුනරුද ජයග්‍රහණ සමරමු. මීට පස්සේ  10 වැඩි 100 අඩු ඕනෑම තැනක ගීත ප්‍රචාරය කරනවනම් බදු ගෙවමු. මගුලටනම් ඉතිං මොකෝ.. 

කොලේ වහලා ගහලා තියෙන විදිහට ඊළග වෙසක් පොසෙනේ වල දන්සැල් වල ගීත ප්‍රචාරය කලොත් ඒකටති බදු ගෙවන්න වෙයි. 

දවස ( Copied )

🔴 උත්සව සහ වාණිජ ස්ථානවල ගීත වාදනයට අනිවාර්ය විශේෂ බලපත්‍රයක්: බුද්ධිමය දේපළ සුරැකීමට නව රෙගුලාසි මාලාවක්

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ හිමිකම් සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් නිකුත් කරන ලද නව රෙගුලාසි මාලාවක් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. 

🟥 පසුගිය අඟහරුවාදා සිට බලාත්මක වූ මෙම නව නීතිය යටතේ 

▪️විවාහ මංගල උත්සව, 

▪️පෞද්ගලික සාද, 

▪️ආයතනික උත්සව, 

▪️රාත්‍රී භෝජන සංග්‍රහ, 

▪️සම්මාන උළෙලවල්, 

▪️නිෂ්පාදන එළිදැක්වීම්, 

▪️ප්‍රදර්ශන, 

▪️සම්මන්ත්‍රණ, 

▪️සජීවී සංගීත සංදර්ශන,

▪️DJ සංදර්ශන ඇතුළු සංගීතය ඇතුළත් බොහෝ වාණිජමය හෝ පෞද්ගලික උත්සවවලදී ගීත වාදනය කිරීම වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සහ නියමිත ගාස්තු ගෙවීම අනිවාර්ය කර තිබේ.

🟥 බලපත්‍ර අදාළ වන සහ නිදහස් වන සංගීත නිර්මාණ

මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) මගින් නියෝජනය වන දේශීය (සිංහල) සංගීත නිර්මාණ මෙන්ම, ඉන්දීය ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) හරහා නියෝජනය වන හිංදි සහ දෙමළ සංගීත නිර්මාණ සඳහා පමණි.

සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීත නිර්මාණ පමණක් භාවිත වන උත්සව සඳහා මෙම බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය නොවන අතර, පෞද්ගලික සංගීතඥයන් හෝ DJ ශිල්පීන් සපයන යම් යම් සේවාවන් ඇතැම් අවස්ථාවලදී මෙයින් නිදහස් විය හැක.

🟥 බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය

අදාළ බලපත්‍රය උත්සවය පැවැත්වීමට දින 14කට පෙර හෝටලය හෝ උත්සව සංවිධායකයන් විසින් ලබා ගත යුතුය. එමෙන්ම, උත්සවය අවසානයේ වාදනය කළ සංගීතය/ගීත හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි ශ්‍රව්‍ය පටිගත කිරීමක් (audio recording) සංගමය වෙත ලබා දීමටද කටයුතු කළ යුතුය.

🟥 බලපත්‍ර ගාස්තු සහ වර්ගීකරණය

සහභාගී වන ජන සංඛ්‍යාව සහ උත්සවයේ ස්වභාවය පදනම් කරගනිමින් රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වන ගාස්තු කාණ්ඩ යටතේ බලපත්‍ර නිකුත් කෙරේ.

🔸 සාමාන්‍ය DJ උත්සව

▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 20,000

▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 30,000

▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 40,000

🔸සජීවී සංගීත (Live Music) උත්සව:

▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 25,000

▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 35,000

▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 50,000

🔸 පෞද්ගලික හෝ ආයතනික DJ උත්සව:

▪️රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා

▪️සජීවී හෝ මිශ්‍රිත (Hybrid) සංගීතය සහිත 

🔸 පෞද්ගලික හෝ ආයතනික උත්සව:

▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 50,000

▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 75,000

▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 125,000

🔶 වාණිජ ස්ථාන සහ ප්‍රවාහන සේවා සඳහා වාර්ෂික බලපත්‍ර

උත්සවවලට අමතරව සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, ප්‍රදර්ශනාගාර, සාප්පු සංකීර්ණ සහ සිනමා ශාලා වැනි වාණිජ ස්ථාන සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරේ. 

එම ගාස්තුව අදාළ ස්ථානයේ වර්ග ප්‍රමාණය සහ එය පිහිටි පළාත් පාලන ආයතන බලප්‍රදේශය (මහා නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා) අනුව වෙනස් වේ. මීට අමතරව මගී බස් රථ, සංචාරක ප්‍රවාහන රථ සහ මගී දුම්රිය සඳහාද මෙම නියාමනය ඉදිරියේදී අදාළ කර ගැනීමට නියමිත බව වාර්තාවේ.

🟥 නිර්මාණකරුවන්ගේ ස්ථාවරය සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිචාර

මෙම පියවර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර එල්ල වෙමින් පවතී.

🔸 නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරැකීම:

සාම්ප්‍රදායිකව ගීතයක් ජනප්‍රිය වන විට ගායකයාට වැඩි අවධානයක් සහ වටිනාකමක් හිමි වූවත්, එහි සැබෑ හිමිකරුවන් වන ගී පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන් නිරන්තරයෙන් අමතක වීමට ලක්වන බව ACPOSL සභාපති නිලාර් එන්. කාසිම් මහතා පෙන්වා දෙයි. වාණිජමය මට්ටමින් සංගීතය භාවිත කරන සෑම අවස්ථාවකදීම නිර්මාණකරුවන්ට සාධාරණ කර්තෘභාග (Royalties) සහ නිසි ඇගයීම හිමිකර දීම මෙම නියාමනයේ මූලික අරමුණ බව ඔහු අවධාරණය කරයි.

🔸 සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ අභියෝග:

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පෙන්වා දෙන්නේ, මෙම අමතර බලපත්‍ර ගාස්තුව හෝටල් කර්මාන්තය මත මූල්‍ය පීඩනයක් ඇති කරන අතර එය සංචාරක ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල කළ හැකි බවයි. 

සංචාරකයන් මෙරට සංස්කෘතික අත්දැකීම් විඳගැනීමට පැමිණෙන පසුබිමක, මෙවැනි බාධාවන් හේතුවෙන් හෝටල් තුළ දේශීය සංගීතය වාදනය කිරීම සීමා වීමේ අවදානමක් පවතින බව පවසන ඔහු, මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

(Nuwan Monaravila ගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.