News Category
From Date
To Date
Maximum Number of Result

1880 දී හෙන්රි ස්ටීල් ඕල්කට් සමඟ ලංකාවට පැමිණ, පන්සිල් ගෙන බෞද්ධ පාසල් පද්ධතිය දියුණු කළ මැඩම් හෙලේනා බ්ලැවැට්ස්කි (Helena Blavatsky) සැබවින්ම බුදුදහමට ආදරය කළාද? නැතහොත් එහි යටිපෙළේ අතිශය මතභේදාත්මක ගුප්ත කල්ලියක සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබුණේද?

කළණ නළුවෙක්. ඔහු රටට පෙන්නුවේ පවුල් රදළවාදය රටේ පිළිලයක් බවට වන අභිරූපනික දේශපාළනික මතවාදයක් සමග පීඩිත පංතියේ මතවාදී නියෝජනයක්. එහෙත් ඔහුට අද පෙන්නුම් කරන්නේ පෙනීසිටින මතවාදයට එහා ගිය සත්‍ය ජීවිතේ ගැඔුරුම හැගීමේ ඇත්තය .

ලැබෙන පුනරුද ජයග්‍රහණ සමරමු. මීට පස්සේ 10 වැඩි 100 අඩු ඕනෑම තැනක ගීත ප්‍රචාරය කරනවනම් බදු ගෙවමු. මගුලටනම් ඉතිං මොකෝ..

ශ්‍රී ලංකාවේ අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයන් අතර මෙතෙක් මෙලොව ප්‍රමුකතමයා කන්‍යාවන් 72 ක් වෙනුවෙන් තම ජීවිතය කැප කල "පරම දයාබර වූ, මහත් කරුණාවන්ත වූ" සහරන් මෞලවිතුමා බව නිසැකවම කිව හැකිය. එතුමා හා සමාන වූ තවත් තව්හිඩ් මතවාදයේ ප්‍රධානියෙක් වන්නේ අබ්දුල් රාසික් මෞලවිතුමාය.

අප්‍රිකානු මහද්වීපය තුළ බුදුදහමේ අලෝකය පතුරුවාලමින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට උගන්ඩාවේ පූජ්‍ය බුද්ධරක්ඛිත හිමියන් සමත්ව සිටිති.

නූතන පෝෂණ විද්‍යාව බොහෝ විට පිළිකා සඳහා රතු මස් වලට දොස් පවරන අතර, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, සීනි සහ සැකසූ තෙල් (seed oils) වලින් ඇතිවන සැබෑ අනතුර නොසලකා හරියි.

ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.

මේ ඡායාරූපයේ ඔබ දකිනුයේ වාණිජ මට්ටමින් දෙමුහුම් වී වර්ග නිපදවීම මගින් ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර ප්‍රශ්න විසඳීමට පදනම සැපයූ පුරෝගාමී විද්‍යාඥයෙකු වන යුආන් ලොන්පින්ගේ දැවැන්ත රුවක් චීනයේ නගරයක ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.


ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.