News Category
From Date
To Date
Maximum Number of Result

මහා කවි හෝමර් විසින් රචිත ඉලියඩ් (The Iliad) හා ඔඩිසි (The Odyssey) නම් වූ වීර කාව්‍ය දෙක ලෝකයේ මෙතෙක්‌ පළ වූ කාව්‍යයන් අතරින් උත්තරීතර කාව්‍යයන් වෙති.

ජර්මන් පොලිසිය ත්‍රස්තවාදියෙකු සහ භයානක ආයුධයක් අල්ලා ගන්නවා මෙන් පසුපස පන්නා ගොස් අත්අඩංගුවට ගන්නේ කුඩා දරුවෙකු සහ ඔහු අත තිබූ පලස්තීන කොඩියයි..

සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.

දොස්තර සාෆි ඇත්තටම නිදහස් ද ? සාෆි නිදහස්ද ?, තිබ්බේ නඩුවක්ද ? විමර්ශනයක්ද ?, මේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක වෙමින් කාලීන සමාජ, ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳ විශ්ලේෂක නීතිඥ චානක අබේවික්‍රමගේ මහතා පවසන්නේ සාෆිට විරුද්ධව පැවතියේ නඩුවක් නොව විමර්ශනයක් බවත්ය.

‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’

උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.

අනුර ලංකාවේ ජනාධිපති වෙන්න කලින් ජර්මනිය ට ආව.එයාගේ චන්ද දායකයා හමුවෙන්න.දැන් පෙඩරල් ජනාධිපති හමුවෙන්න. මේ ගමන ගැන ලංකාවේ අනුර හිතවාදීන් විශාල ප්‍රචාරණයකින් කතා කරනවා.මට නම් වැදගත් වුණේ මගේ උපන් රටේ නායකයා මෙහි පොළවට පැමිණීම පමණයි. මේ ගමනේ අරමුණු ගැන කතා කරන්නට කලින් අනුර හමු වුනු පෙඩරල් ජනාධිපති ජර්මනියේ රාජ්‍ය ක්‍රමවේදයේ ව්‍යවස්ථාදායක,විධායක, අධිකරණ කියන කුළුණු තුනට අයත් කෙනෙක් නොවෙන බව වටහා ගැනීම වැදගත්.

ආණ්ඩුවේ ප්‍රධාන සති අන්ත පුවත්පතකින් දිවැසිවරයකු ලෙස පෙනීසිටිමින්, ජනයා මුලාකරන බවට චෝදනා එල්ලි වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝර්න් අගේන්” නිකාය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයාට විශාල ප්‍රචාරණයක් ලබාදීම හරහා සමාජයට සිදුවන අනර්ථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

1990 ජුනි 11 වන දින, දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට විනාශකාරී ප්‍රහාරයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන් 600 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය විය.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.