News Category
From Date
To Date
Maximum Number of Result

ඉකුත්දා අප අතරින් වියෝ වූ හිටපු පළාත් සභා මන්ත්‍රී, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා මෙරට ඉතිහාසය පිළිබඳව සිදුකළ සුවිශේෂී අනාවරණයක් පහත වීඩියෝවෙන් දැක්වේ.

ආසියා ප්‍රගති සංසදය මගින් පවත්වන 'මැදපෙරදිග ඊශ්‍රායල් ෆැසිස්ට්වාදී යුද වියරුව පරාජය කරමු' යන මැයෙන් මහජන රැස්වීම අද(25) සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

අපේ රටේ අතිබහුතරයක් මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව නොහැකි වීම පිළිබඳව මම දුක් වෙන තැනක් තියෙනවා.

ඉරාණය කටාර් සහ ඉරකය කුවේට් යන ඉරාණයට ඉතා ආසන්න ඇමරිකානු කදවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර තිබේ.

අපේ රට කුඩා වුවත්, ලෝකයේ සිදුවන, සිදුවීම් ගැන දැනගැනීම අපට ඉතා වැදගත්. මන්දයත්, මේවා අපේ ජීවිත වලට සෘජුවම බල නොපෑවද, ලෝක දේශපාලනයේ සහ භූ-දේශපාලනයේ සිදුවන වෙනස්කම් අවසානයේ අපටත් බලපාන නිසයි. එහෙත් බහුතරය මේ සිදුවීම් ඔහේ මතුපිටින් කියවනවා පමණයි. ඒත් මේවා ගැඹුරින් විශ්ලේෂණය කිරිමෙන් අපටත් බොහෝ දෑ ඉගෙනගත හැකියි.

ඊශ්‍රායල් හමුදාව විසින් 1976 දී දියත් කළ තන්ඩබෝල්ට් මෙහෙයුමේ දී ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් ගුවන් මගීන් 102ක් මුදාගත් බවත්, මේ පිළිබඳව ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් හැදී ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග මහතා පවසයි.

ඇය කැඩුණු සිංහලෙන් කියන කතාව එකවර ඔබට තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් උවමනාවෙන් ඇහුවොත් ඇය කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙයි.

සේනාරත්න ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

‘සකලජන හෙවත් ධනවතාගේ අභාවය’ (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය ඔස්ට්‍රියනු නාට්‍ය රචක හියුගෝ ෆොන් හොෆ්මන්ස්කාල්ගේ ‘එව්රිමන්’ නමැති නාට්‍යයේ පරිවර්තනයකි. ‘මොරැලිටි ප්ලේ’ නමින් ප්‍රකට ආගමික නාට්‍ය වර්ගයට මෙම නාට්‍ය අයත් වෙයි.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.