ඉතිහාසය ඉගැන්වීම නැවතීම මාලිමා දේශපාලන ව්‍යාපෘතියේ එක් ප්‍රචාරණ පියවරක්..
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම නැවතීමේ මාලිමා ආභාෂය තේරුම් ගන්න ඕනේ මෙහෙමයි.
3% ඉඳපු මාලිමාව බලයට ආවේ අරගලය නිසා හෝ රාජපක්ෂ ලා සහ පොහොට්ටුවට එරෙහිව ගොඩනැගුණු තීරණාත්මක වෛරය නිසා පමණක් නොවෙයි.
එහෙමනම් බලයට එන්න ඕන සජබය!
මාලිමාව බලයට ආවේ ඔවුන්ටම අනන්‍යය වූ සුවිශේෂී මතවාද මෙහෙයුමක් නිසා.
ඉන් එකක් තමයි අපි තියෙනවාට වඩා 'දුප්පත්' , 'හිඟන', 'කෙලවෙච්ච', 'අවුල්' රටක් කියලා මිනිස්සුන්ගේ ඔලු වලට දැමීම.
අදටත් මාලිමා හෑලී පටන් ගන්නෙම 'අවුරුදු 76 ක් තිස්සේ කෙලවිලා, හිඟමනට' වැටුනු රටක් විදියට.
ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි.
අපිට වඩා අවුල් රටවල් ඕනෑ තරම් තියෙනවා.
ලෝකයේ ගොඩක් දේවල් වලින් අපි ඉස්සරහට ඉන්නවා.
අපි දකුණු ආසියාවේ ධනවත්ම ජීවන රටාව සහිත රට. දකුණු ආසියාවේ පිරිසිඳුම රට.
අද ලන්ඩන් නගරයේ බහුතර තැන් වලට වඩා කොළඹ පිරිසිදුයි.
සාක්ෂතාරවයෙන් වේවා සෞඛ්‍ය සේවයෙන් වේවා (මේ ගොල්ලො ඒ තත්ත්වය නම් වැඩි කල් තියෙන්න දෙන එකක් නැහැ) ප්‍රජා සෞඛ්‍ය වේවා අපි කාලයක් තිස්සේ ඉස්සරහින් ඉන්න රටක්.
දකුණු ආසියාවේ දරුවන් වැඩියෙන්ම පාසැල් යන රට ශ්‍රී ලංකාව.
නමුත් මාලිමා චින්තනයෙන් අවුරුදු 76 ක් තිස්සේ අපි ඇචීව් කරපු හැමදෙයක්ම නිශේධනය කරලා දැම්මා.
එය ඔවුන් එක්වරම පොහොට්ටුවට, සජබයට සහ එජාපය ඉලක්ක කරමින් කළ ප්‍රහාරයක්.
ඉතිහාසයේ අපි ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ වර්ණනා වලටත් 'වංශේ කබල් ගාන' ලේබලයක් ගැහුවා.
මේ සිදුවීමට තවත් ක්ලැසික් උදාහරණයක් තියෙනවා.
අපේ රටේ අතිබහුතරය හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ පොඩිම රටක් කියලා.
ඉන්දියන් සාගරයේ කඳුලු බිංදුව ලු, ඉන්දියන් සාගරයේ තිත ලු. ලෝක සිතියමේ පේන්නෙවත් නැති රටක් ලු. එක එක කතා.
සුනිල් හඳුන්නෙත්ති ලෝක ආර්ථික සමුලුවට ගිහින් පටන් ගන්නෙත් ශ්‍රී ලංකාව 'කුඩා' රටක් ය කියලා.
මේ කැම්පේන් එක කොච්චර සාර්ථකද කියනවනම් ලෝක රූ රැජින තරගයට ගිය අනුදි පවා මේ මෝඩ කතාව කිව්වා.
මාලිමා චින්තනය විසින් අපි 'කුඩා' රටක් සහ ජාතියක් කර තිබෙනවා.
අපි විශ්වාස කරන්නේ අපි කුඩා දූපතක සිරවූ මිනිසුන් කියලා.
නමුත් යථාර්තය ඒක නෙවෙයි.
ලෝක සිතියම ප්‍රක්ෂේපනය කළ විදියට ශ්‍රී ලංකාව කුඩා රටක් විදියට පෙනුනට ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා රටක් නොවෙයි.
ප්‍රමාණයෙන් මධ්‍ය ප්‍රමාණයේ රටක්.
ශ්‍රී ලංකාවට වඩා ලිතුවේනියාව, ක්‍රෝඑෂියාව, ස්ලෝවැකියාව ප්‍රමාණයෙන් කුඩායි.
ශ්‍රී ලංකාවට වඩා ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය ප්‍රමාණයෙන් කුඩායි.
ශ්‍රී ලංකාවට වඩා බෙල්ජියම, ආර්මෙනියාව, තායිවානය ප්‍රමාණයෙන් කුඩායි.
හයිටිය, රුවන්ඩාව සහ ඊශ්‍රායලය පවා ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් කුඩායි.
කුවේටය, කටාරය සහ ලෙබනනය ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් කුඩායි.
එහෙනම් ශ්‍රී ලංකාව කුඩා රටක් කියන්නේ මොන ඉලව්වකටද ?
ඔබ දැකලා තියෙනවා ද ඩෙන්මාර්කයේ, ස්විට්සර්ලන්තයේ, කටාරයේ, කුවේටයේ තබා රුවන්ඩාවේ, හයිටියේ පුරවැසියෙක් හෝ ජාත්‍යන්තර තලයේ දී අපේ රට කුඩා රටක් ය කියා වැලපෙනවා ?
එසේ නම් ශ්‍රී ලාංකිකයාට පමණක් මේ හීනමානය ආවේ කොහෙන්ද ?
එයට හේතුව තමයි මාලිමා ප්‍රචාරණ ව්‍යාපෘතිය.
මාලිමාව ලොකු වැඩ කළ නොහැකි පක්ෂයක්, කණ්ඩායමක්.
ඉතින් ඔවුන්ට කළ හැකි පාරක් කොන්ක්‍රිට් කිරීම, සුද්දෙකුට කැලිප්සො සංගීතය සැපයීම වැනි පොඩි වැඩ සෙලිබ්‍රේට් කරන රටක් ඔවුන්ට අවශ්‍යයි.
ඒ සඳහා ඔවුන් හයි වේ තැනූ, වරායන් තැනූ, මහවැලිය තැනූ, නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍යයක් තැනූ, ජාත්‍යන්තරයේ සෝවියට් දේශයේ හොඳම මිතුරා සහ ධවල මන්දිරයේ අඹ යාලුවෙක් වූ විදේශ ප්‍රතිපත්ති සහිත වූ අතීත විශාල මිනිස්සුන්ගේ ජයග්‍රහණ අහෝසි කළා.
ඉන්පසුව අපි 'කුඩා' රටක 'කුඩා' මිනිසුන් යැයි වන චින්තනය ක්‍රම ක්‍රමයෙන් එන්නත් කළා.
පාරක් කොන්ක්‍රීට් කිරීම සැමරීම, ඇමති තනි වාහනයකින් පැමිණීම සැමරීමට හුරු කළා.
'ලොකු' , 'විසල්' මිනිසුන් 'ව්‍යාජ' චරිත ලෙස පෙන්වා ඔවුන්ට වෛරයක් ඇති කළා.
රටේ ඉතිහාසය ඉගැන්වීම නවතා දැමීම ඒ දීර්ඝ ප්‍රචාරණ ව්‍යාපෘතියේ එක් පියවරක් පමණයි.
දුටුගැමුණු නොදන්නා, පරාක්‍රමබාහු නොදන්නා, ගජබා නොදන්නා, නන්දිමිත්‍ර නොදන්නා, ධාතුසේන නොදන්නා, කාශ්‍යප නොදන්නා, විමලධර්මසූරිය නොදන්නා, සීතාවක රාජසිංහ නොදන්නා, පුරන් අප්පු නොදන්නා, බූටෑවේ රටේ රාල නොදන්නා, වීදිය බණ්ඩාර නොදන්නා, කැප්පෙටිපොල නොදන්නා පරපුරකට අපි පොඩි ජාතියක පොඩි මිනිසුන් යැයි කන්වින්ස් කිරීම එතරම් අපහසු නැහැ.
ඉතිහාසය ඉගැන්වීම නැවතීම මාලිමා දේශපාලන ව්‍යාපෘතියේ එක් ප්‍රචාරණ පියවරක්.
සචින් රත්වත්තෙ ✍️
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..