සුද්දන්ගේ කාලේ රැඩිකල් මල්ලිලා බෞද්ධ උගතුන්ට අපහාස කළ හැටි..
👉 පහත දැක්වෙන්නේ 1853 ආරම්භ වූ ශාස්ත්‍රාලංකාරය නම් සඟරාවට දොන් පී. චන්ද්‍රසේකර නමැත්තෙකු ලියූ කවි දෙකකි. එහි මෙසේ සඳහන් වෙයි.
සුබේ නොවෙයි යතලබ සඟරායස් පොතට තැබූ නම කර ආලේ
ඉබේම කොහොමද පඬි නම ගත්තේ ලැජ්ජා නැති හීරලු රාළේ
ලැබේය ගැරහුම් අද වන තුරු අර පසිඳුපතට පසුගිය කාලේ
නුඹේ තරම අපි වැඩියෙන් නොකියමු ඉඳිතොත් රට වෙන අය වාලේ
යත ලබ සඟරාව යය් කියන්නේ යම් යම් ලබ එක්කර ගැන්මයි
එතකොට රාලේ ඔය පොත පිස්සිගෙ පලා මල්ල හා සම වේ මැයි
කැත කරලා ඔය පොත නම තැබුවේ හීරළු ගොන් කෝලමක් තමයි
හිත උඬගුව පඬි නම අරගත්තා හිනාවෙන්න හොඳ විහිළුවමයි. ඩි
දොන් පී. චන්ද්‍රසේකර
ශාස්ත්‍රාලංකාරය සඟරාව
👉 මේ කවිවල මෙසේ අපහාසාත්මකව පහරදෙන්නේ කාටද?
👉 මේ පහරදෙන්නේ සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් ආරම්භ කළ පළමු මාසික සඟරාව වූ යතලබ ආරම්භ කළ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාටය.
👉 එතුමා ළමා කාලේ පැවිදි ජීවිතයක් ගත කොට පසුව උපැවිදි වුණු අයෙකි. මෙහි හීරළු රාළ යනුවෙන් එතුමාට සමච්චල් කරනුයේ ඒ නිසාය.
👉 ඊට අමතරව මේ කවි තුළ එතුමාගේ උගත්කමත් ප්‍රශ්න කරන බව දැකගන්නට ලැබේ. එහෙත් බටුවන්තුඩාවේ පඬිතුමා යනු ව්‍යාජ ආචාර්ය උපාධි මෙන් ව්‍යාජ පඬි නමක් ආරෝපණය කර ගත් අයෙකු නොව සැබෑම පඬිවරයෙකි.
👉 පාලි සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ වගේ භාෂා ගණනාවක් උගත් හේ සඟරා පළ කිරීමට අමතරව රටට විශාල ශාස්ත්‍රීය සේවයක් කළේය. පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ ගණනාවකට ව්‍යාඛාන ලියූ එතුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා එක්ව පාලි මහාවංශයේ සිංහල අනුවාදයක්ද පළ කළේය.
👉 ඒ අනුව එතුමාගේ උගත්කම පිළිබඳ කිසිවෙකුට වාදයක් නොවීය. එහෙත් මේ පහරදීමට හේතුව ඊනියා උගත්කමක ප්‍රශ්නයක් නොව, එතුමා සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටිමින් යටත්විජිත විරෝධී සටනට දායකත්වය සැපයීමය.
👉 මේ බටුවන්තුඩාවේ පඩිතුමාට පහර දුන් එකම අවස්ථාවද නොවේ. මේ යුගයේ පළවූ කවට කතිකයා නම් හාස්‍යජනක ලිපි ඇතුළත් පුවත්පතේ කතුවරයා වූ පෑලිස් අප්පුහාමි හෙවත් සරදම් අප්පුහාමි නම් පුද්ගලයාද බටුවන්තුඩාවේ පඬිතුමාගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් දරුණු මඩ ප්‍රහාර එල්ල කොට තිබේ.
👉 මේ දෙස විමසිල්ලෙන බැලීමේදී පෙනී යන පරිදි ඉතිහාසයේ මේවා සිදුවූ ආකාරය සහ වර්තමානයේ සිදුවන ආකාරය අතර වැඩි වෙනසක් නැත.
👉 එසේ වුවද බටුවන්තුඩාවේ පඬිතුමා වැනි අය සැබෑ වීර ප්‍රතිරූප ලෙස ඉතිහාසයට එක් වෙද්දී එතුමාට පහර දුන් සරදම් අප්පුහාමිලාට හිමිව ඇත්තේ වීර ප්‍රතිමා මත වසුරු හෙළුෑ කපුටන්ගේ ස්ථානය නොවේද?
වැඩි විස්තර සඳහා මේ ලිපියත් බලන්න.
https://www.facebook.com/photo/?fbid=599324082166971&set=a.104389324993785
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..