2035 චීන මෝටර් රථ සුනාමිය..
ඕස්ට්‍රේලියාවට ආනයනය කරන මෝටර් රථවලින් අඩක් පමණ දශකයක් ඇතුළත චීනයෙන් පැමිණෙනු ඇතැයි නව වාර්තාවකින් හෙළි වී තිබේ . ජපානය දැනට ඔස්ට්‍රේලියාවෙ මෝටර් රථ ආනයනයෙන් සියයට 32 ක ප්‍රමුඛස්ථානය ගන්නා අතර චීනය සතුව ඇත්තේ සියයට 17 ක් පමණි .
නමුත් 2035 වන විට ආසියානු සුපිරි බලවතා වන චීනය සියළුම ආනයන වලින් සියයට 43 ක් සමඟ වෙළඳපොළ ආධිපත්‍යය දරනු ඇතැයි විශ්වාස කරයි.
ජපන් මෝටර් රථයට සමාන ඔප්ෂන් සහිත චීන වාහනයක් ,ජපන් රථයකට වඩා ඩොලර් 15,000 ක් පමණ මිල අඩු වේ.
චීනයේ නිෂ්පාදිත මෝටර් රථවල මෙම දැවැන්ත ප්‍රවාහය සමඟ තරඟ කිරීම සඳහා සමහර නිෂ්පාදකයින්ට ඔවුන්ගේ මිල අඩු කිරීමට සිදුවිය හැකි බවත්, එය පාරිභෝගිකයින්ට විශාල ජයග්‍රහණයක් වනු ඇත.
මේ මොහොතේ, ඕස්ට්‍රේලියාවේ මෝටර් රථ ගැනුම්කරුවෙකුට චීනයේ නිෂ්පාදිත විවිධ වෙළඳ නාම 23 කින් මෝටර් රථ තෝරා ගත හැකි අතර, BYD වඩාත් ජනප්‍රිය වෙමින් පවතී.
චීනයේ තවමත් ඕස්ට්‍රේලියාවට ඇතුළු වී නොමැති වෙළඳ නාම 100ක් පමණ ඇති බව වාර්තා වේ.
චීනයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන මෝටර් රථ තවමත් සියලුම දේශීය පරීක්ෂණ සහ ප්‍රමිතීන් වලින් සමත් විය යුතු අතර, ඒවා ඉතා ලාභ සිට ඉතා මිල අධික මිල ගණන් පරාසය තුළ අලෙවි කෙරේ.
ඔස්ට්‍රේලියාවෙ හෝ වෙනත් රටක හෝ තෝරා ගැනීමට චීන මෝටර් රථ විශාල ප්‍රමාණයක් ඇති නමුත් අප මිලදී ගන්නේ කුමන මෝටර් රථයද යන්න ගැන සැලකිලිමත් විය යුතුය .මන්ද අතීතයේ සිදුවූ ආකාරයට සමහර සන්නාම වසර පහක් හෝ 10 කින් අතුරුදන් විය හැකිය. එවිට ඔබේ මෝටර් රථය සේවා කිරීමට ඔබට ස්ථානයක් නොලැබෙනු ඇත. රිකෝල් නෝටිස් නොලැබීම ,අමතර කොටස් නොමැතිවීම වැනි දේ සිදුවිය හැකිය.නමුත් ජපන් ,කොරියන් සන්නාම කෙටි කාලයක් තුල වාහන නිශ්පාදනය හෝ සේවා සැපයීම නතර කර නොමැත.
චීන වාහන සහ විදුලි වාහන අතිශෝක්තියෙන් ප්‍රචාරණය කරන සමහරු ,අනාගතයේ වාහනයක් යනු අවුරුදු පහක් පාවිච්චි කර විසිකරන දෙයක් ලෙස පෙන්වා ඇත.මෙය අනාගතයේ නොව දැනට වසර ගානක සිට දියුණු රට වල සිදුවෙමින් පවතී.එය චීන,ජපන්,යුරෝපීය,විදුලි ,ICE ඕනම වාහනයකට පොදුය.සමහරු බ්‍රෑන්ඩ් නිව් වාහනය කි.මි 50,000 ට පෙර මාරු කරති.තව සමහරු කි.මි 20000 පාවිච්චි කර ඩීලර්ට විකුණා එම වර්ගයේම නව මොඩලයක් මිලදී ගනිති.ඔය අතර එකම වාහනය අවුරුදු ගානක් පැද අවසානයේ යකඩ වලට විකුණා දමයි.
වාහන හීන නොවන රටක වාහනයක් අවුරුදු පහකින් මාරු කිරීමට බොහෝ දෙනෙකුට හැකිය.ඩොලර් 20000 සිට ආදායමේ හැටියට බ්‍රෑන්ඩ් නිව් රථයක් මිලදී ගත හැකිය.මේ හේතුව නිසාම සාධාරණ මිලට පාවිච්චි කල වාහනද මිලදී ගත හැකිය.
මේ කියන්නෙ චීන වාහන ගන්න එපා කියා නොවේ.චීනයේ ගෘහ කර්මාන්තයක් ලෙසත් වාහන හදන බව සිහියේ තබා ගන්න.චීන වාහන සහ විදුලි වාහන ගෙන්වන ආයතන වලින් සහ ඔවුන්ගෙන් යැපෙන පේජ් වල තොරතුරු විතරක් විමසා බලා තීරණයකට නොයන්න.
එලෙසම චීන වාහන සහ විදුලි වාහන ඇලජික් ,තාමත් චීන වාහන හදන්නෙ අපේ සීයලගෙ කාලෙ චීන හදපු කොලිටියටම කියල හිතන ,දැනට පවතින ප්‍රවණතා පිලිනොගන්න අයගේ උපදෙස් ගැනත් දෙවරක් සිතා බලන්න.
මේ හෑල්ල ලියන මම වාහනයක් ගන්නවා නම් කරන්නෙ මොකක්ද?
ජපන් හෝ කොරියන් වාහනයක් ගන්න හැකියාවක් ඇති නිසා මේ මොහොතේ එම නිශ්පාදන කෙරෙහි අවධානය යොමු කරමි.
ICE වාහන ආනයනය තහනම් කරන තුරු ( තව දිගු කාලය තුල සිදු නොවේ) විදුලි වාහන නොගනිමි.
EV ෆීලින් එක ගන්න අවශ්‍ය නම් මාස හයකට කුලියට වාහනයක් ගෙන පාවිච්චි කරමි.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..