විනාශ කරන්න තිබ්බ භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු මල් කන්ටේනර් 12ක් එළියට යවලා.. වගාවට හානිදායී කෘමි අවදානමක්.. - ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ වගාවන් විනාශ කළ හැකි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12ක්, අදාළ පර්යේෂණ වාර්තා නිකුත් වීමටත් පෙර බලධාරීන්ගේ වාචික නියෝග මත නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී (21) බරපතළ හෙළිදරව්වක් කළේය.
මන්ත්‍රීවරයා සඳහන් කළේ 2026 ජනවාරි මස 12 වන දින එක්තරා සමාගමක් විසින් මෙරටට ආනයනය කරන ලද Chrysanthemum වර්ගයේ මල් සහිත කන්ටේනර් පරීක්ෂා කිරීමේදී, ඒවායේ කෘමීන් සහ පුස් වැනි මලකඩ ස්වභාවයක් ඇති බවට නිරෝධායන නිලධාරීන් විසින් සටහන් යොදා තිබූ බවයි. කෙසේ වෙතත්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරියගේ වාචික උපදෙස් මත ඉන් කන්ටේනර් 12ක් වහාම නිදහස් කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
පසුව ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදු කළ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ එම මල් සාම්පලවල 'සුදු මැස්සා' සහ අතිශය විනාශකාරී දිලීර විශේෂයක් පවතින බවයි. එම රෝගකාරක ඉතා ඉක්මනින් වගාවන් කරා ව්‍යාප්ත විය හැකි බැවින්, අදාළ කොටස් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විනාශ කරන ලෙස නිර්දේශ කර තිබුණද, ඒ වන විටත් කන්ටේනර් 12ක් රට තුළට මුදා හැර අවසන් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
1999 අංක 35 දරන රෙගුලාසිවල 96 වන වගන්තියට අනුව, මෙරටට ආනයනය කරන කන්ටේනර්වල කිසියම් හෝ ජීවී කෘමියෙකු සිටියහොත් එය වහාම විනාශ කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතී.
එසේ තිබියදීත් මෙම දූෂිත කන්ටේනර් නිදහස් කිරීමට එරෙහිව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 36 දෙනෙකු අත්සන් කර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා හෙළි කළේය.
විශේෂයෙන්ම මෙම 'සුදු මැස්සා' වැනි කෘමීන් නිසා ශ්‍රී ලංකාවේ අඹ සහ කරවිල වැනි එළවළු හා පළතුරු යුරෝපීය වෙළඳපොළට යැවීමට නොහැකි වී ඇති බවත්, මෙවැනි නව කෘමීන් හා රෝගකාරක ඇතුළුවීම දේශීය කෘෂිකර්මාන්තයට මාරාන්තික පහරක් වන බවත් ඩී.වී. චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සමාගම විසින්ම මීට පෙර අවස්ථා අටකදී මෙවැනි කන්ටේනර් 100කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවටද ඔහු චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා