News Category
From Date
To Date
Maximum Number of Result

කයිවාරු වලින්, පුරාජේරු කතා වලින් හා උද්දච්චකම්වලින් හිස උඩුම්මවාගෙන ඇමරිකානු හඬට හා අයි එම් එෆ් තාලවලට පාද තිය තියා නටමින් සිටි “හුණ්ඩු ආණ්ඩුව” අද මැද පෙරදිග හදිසි ලෝක තත්ත්වයන් මත නිර්මාණය වූ ඉන්ධන අර්බුදවලට මුහුණ දී ගත නොහැකිව ඉන්ධන ඉල්ලමින් රුසියාව පසුපස යන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ප්‍රජාවන් චීනයට විරුද්ධ බවට කරන ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

රුසියාවෙන් මෙරටට ඉන්ධන නැව් දෙකක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම්, ඇමෙරිකානු ඩොලර් වෙනුවට රුසියානු 'රූබල්' හෝ චීන 'යුවාන්' මුදලින් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කර ඇත.

ආරක්ෂිත කලාපයක් ලෙස පැවති ඉන්දියන් සාගර කලාපයේදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීම කලාපයට කනස්සල්ලක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

සැප්තැම්බර් 11 ආකාරයේ ප්‍රහාරයකට ඉරානය සම්බන්ධ කිරීම සඳහා ව්‍යාජ මෙහෙයුමක් සඳහා වන එක්සත් ජනපද සැලසුම් සම්බන්ධයෙන් ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියා වන ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙරට දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමය යනු පාලන ක්‍රමයක් නොව අධීක්ෂණ ක්‍රමයක් පමණක් වන බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

පසුගිය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට උපායමාර්ගික ඝන ඉන්ධන සෙජ්ජිල් මිසයිල භාවිතා කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව නව වටයේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානයේ තස්නිම් පුවත් සේවය පවසයි

දැනට බාල ගල්අඟුරු නිසා ආර්ථිකයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 850ක් පමණ වන බවත්, එම ප්‍රමාණය ගල්අඟුරු නැව් 9කින් පමණක් බවත් නැව් 25ක් පැමිණීමට නියමිත බවත්, ඒ හැම නැවකින්ම මේ ආකාරයට පාඩු සිදුවුවහොත් සිදුවන සමස්ථ පාඩුව රුපියල් කෝයි 15,000ක් පමණ වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ඇමරිකාවේ ඇති භයානකම ආයුධය වන්නේ න්‍යෂ්ටික බෝම්බ නොව ඔවුන් මුළු ලොවම බිය ගන්වමින් පාලනය කරගෙන සිටින සුපිරිම ආයුධය වන්නේ "SWIFT" (ස්විෆ්ට්) පද්ධතිය බවටත් අන්තර්ජාලය තුළින් තොරතුරු අනාවරණය වෙයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.