ඊශ්වර රාජා රවීකරන් පාර්ලිමේන්තුවේදී LTTE ත්‍රස්ත නායක බාල්රාජ් වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් කරයි..
ඉකුත් දා ටී. ඊශ්වර රාජා රවීකරන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් LTTE ත්‍රස්තවාදී නායක බාල්රාජ් නමත්තෙකු සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ කිරීමක් සිදුකර තිබේ.
දෙමළ භාෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම ශෝක ප්‍රකාශය සිදුකර ඇති අතර මූලාසනයේ සිටි මන්ත්‍රීවරිය මෙහිදී මෙම ප්‍රකාශය සිදුකිරීමට ඔහුට විනාඩි හතක කාලයක් ලබාදෙන ආකාරය දැක්වේ.
එහි සිංහල පරිවර්තනය මෙසේය..
'අපගේ ඊළාම් නිදහස් අරගලයේ සටන්කාමී නායක බ්‍රිගේඩියර් බාල්රාජ් මහතා අපෙන් සමුගෙන වසර 18ක් ගතවී තිබෙනවා.
කන්දයියා බාලසේකරම් යන සැබෑ නමින් හැඳින්වෙන, ලෝක යුද විශේෂඥයන් පවා මවිතයට පත් කළ මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කු තුඩුවායි ප්‍රදේශයේ උපන් සටන්කාමී නායක බ්‍රිගේඩියර් බාල්රාජ් මහතා වෙනුවෙන් මෙම උත්තරීතර සභාවේදී මගේ උපහාරය සහ ශෝකය ප්‍රකාශ කර සිටිනවා."
පාර්ලිමේන්තුව තුළ මෙවැනි ත්‍රස්ත නායකයකු සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව බොහෝ පාර්ශ්ව වල අවදානය මේ වන විට යොමුව තිබේ.
ඒ අකාරයට තහනම් කළ සංවිධානයක ත්‍රස්තවාදී නායකයකු පිළිබඳව ශෝක ප්‍රකාශයක් කිරීමට ඉඩ ලබාදීම මගින් රටේ නීතිය සහ ව්‍යවස්ථාව පමණක් නොව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ද උල්ලංඝනය වන බව දේශපාලන විචාරකයෝ පවසති. එසේම එම ක්‍රියාව දෙමළ ජයස්පොරාව සතුටු කිරීම සඳහා ආණ්ඩුව ඕනෑම දුරක් යෑමට සූදානම් බව පෙන්වීම යැයි ඔවුහු මවිතය පළ කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා