News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් ලබාදී නැතිබවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආසියා පැසිපික් සමුළුවේ දී පැවසුවේ ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය තමන්ගේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බව යැයිද, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන ඔහුට ලැබී ඇත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ලබාදුන් ජනවරම ඉදිරියට ගෙනයාම වුවද එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනැගී තිබුනේ පෞද්ගලීකරණය හා රට විකිණීමට එරෙහිව බවද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

දේශපාලකයන්ට සිංහල භාෂාව අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණක් යැයි මහාචාර්ය සඳගෝමි කෝපරහේවා කොළඹ 7 පදනම් ආයතනයේ පැවති මවු භාෂා දින ජාතික සැමරුම් උත්සවයේදී ඊයේ (පෙබ. 21) චෝදනා කළේ ය.

රට ඉන්දියානුකරණයට භාජනය වන්නේ නම් එයට විරුද්ධ බවත්, ඉන්දියානු රුපියල මෙරට භාවිතයට පැමිණෙන්නේ නම් හා මෙරට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වන්නේ නම් එයට විරුද්ධ බවත් විශ්‍රාමික රියර් අද්මිරාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඉන්දියානුවන්ට මෙරට රැකියා වෙළඳපළ සහ වෙළඳාමට නිදහසේ පිවිසිය හැකි ආකාරයට සැකසෙමින් තිබෙන එට්කා ගිවිසුම අත්සන් තැබීමට ඉඩදී නිහඬව සිටියහොත් මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායකම දේ සිදුකළ පිරිස බවට වත්මන් මැති සබය පත්වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඉන්දියාව කියන සාධකය මෙරටට නොසලකා හැරිය නොහැකි දෙයක් බවත්, චීනයට ශ්‍රී ලංකාව සමග ඇති සම්බන්ධය ආර්ථිකමය සම්බන්ධයක් වුවද, ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග ආර්ථිකමය හා ආරක්ෂාව සම්බන්ධයෙන්ද සම්බන්ධයක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු වෙත පිළිගැන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

රුසියාව ඇත්ත වශයෙන්ම සාම්ප්‍රදායික නොවන ලිංගික දිශානති සහිත පුද්ගලයන්ගේ ක්‍රියාකරකම් දරුවන් ඉලක්ක නොකර හෝ ඔවුන්ගේ මනාපයන් ප්‍රකාශ නොකරන තාක් කල් ඉවසා සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(20) පැවසීය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.