News Category
From Date
To Date
Maximum Number of Result

ළුණු, අර්තාපල් ආනයනයෙන් අධික ලාභ ලැබූ ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් කැදවයි

Apr 5, 2024 at 07:51 AM
|

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූයේ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පළමුව කාරක සභාව විසින් සාකච්ඡාවට ලක් කෙරිණ.

ඒ සඳහා ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් කැඳවා තිබිණ.

විගණකාධිපතිවරයා විසින් පවත්වනු ලබන වෝහාරික විගණනය අවසන් වන තෙක් විදේශයන්හි සේවයේ නියතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙනු ලැබිණ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු එකතු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමේ සාකච්ඡාව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවා තිබිණ. මෙහිදී ක්‍රම හා හ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පහත කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේය.

• එකතු කළ හැකි හිඟ බදු රු බිලියන 188 අය කර ගැනීම සඳහා දේශීය ආදායම් පනත අනුව වහාම ක්‍රියාමාර්ග ගැනීම (දේපළ/ වත්කම් අත්පත් කර ගැනීම වැනි)

• නෛතික ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් රඳවා ගත් බදු වසර 3ක් ඇතුලත අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා බදු අභියාචනා සංඛ්‍යාව 2ක් දක්වා අඩු කිරීම (අභියාචනාධිකරණයෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බදු අභියාචනා විභාග කිරීමේ බලය ඉවත් කිරීම

• කෝටියට වැඩි බදු පැහැර හැරි තැනැත්තන්/ ආයතන නාම ලේඛනය සතියක් ඇතුලත කාරක සභාව වෙත ලබා දීම

• ආදායම් ‍පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) පවත්වා ගෙන යාම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් ස්ථාපිත කිරීම

• ආදායම් ‍පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට (RAMIS) අදාළව අත්සන් කරන ලද ගිවිසුමේ තොරතුරු තෙවන පාර්ශවයකට ලබා දිය හැකිද යන්න පිළිබඳ නීතිපති මතය කාරක සභාව වෙත ලබා දීම

• වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීම වෙනුවට මාසයකට රු. ලක්ෂයට වඩා ආදායමක් උපයන පුද්ගලයන් පිළිබඳ දත්ත (ලක්ෂ 25) ඩිජිටල් වේදිකාවකට ගැනීම

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝවක වෙළෙඳපොළ මිල සහ ආනයනික මිල අතර විෂමතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තම්න්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය යන රාජ්‍ය ආයතන නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණ.

2018 වසරේ සිට 2023 වසර දක්වා ආනයනික ආහාර ද්‍රව්‍ය පිළිබඳ ආනයන දත්ත විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාව මෙහිදී ඉදිරියට ගෙන යන ලද අතර, මෙම ආහාර ද්‍රව්‍යවලට අදාළ ආනයන දත්ත, වෙළෙඳපොළ මිල සහ දේශීය නිෂ්පාදන දත්ත ශ්‍රී ලංකා රේගුව (ASYCUDA පද්ධතිය), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් ලබාගෙන තිබිණ.

2018 වසරේ සිට රජය විසින් ආනයනික භාණ්ඩ මත පනවන ලද බදු ආදායමේ අඛණ්ඩ පහත වැටීමකට මුහුණ පා සිටින අතර, අමෙරිකානු ඩොලරයේ අගයට අනුරූපව ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) නොගැලපීම මීට හේතු වී ඇති බව අනාවරණය විය. මෙම භාණ්ඩ මිල දි ගැනීම සඳහා අධික මුදලක් වැය වන බැවින් පාරිභෝගිකයන්ට මෙමගින් ප්‍රතිලාභ ලැබී නොමැති නමුත්, මෙම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් වෙළෙන්දන් සැලකිය යුතු ලාභයක් ලබා ඇති අතර, එම ලාභය වෙළෙඳපොළ මිල මත පදනම්ව එක් කිලෝවකට රු. 100-1000 අතර වී ඇති බව අනාවරණය විය.

2023 අවසාන කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ නමුත් පාරිභෝගිකයින්ට මෙයින් ප්‍රතිලාභයක් නොලැබුණු අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මහජන නොසන්සුන්තාවක් ද ඇතිව තිබෙන බවත්, ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සලකා බැලීමට අමතරව, මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වය සහ යෝග්‍යතාව තක්සේරු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේ මේ රැස්වීමේ දී අනාවරණය කෙරුණු අතර, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල නියාමනය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීම බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

ඉහත කරුණු මත පදනම්ව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක වෙළෙඳපොළ මිල සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීමෙන් පසු රේගුවෙන් භාණ්ඩ නිදහස් කරන මිල අතර පවතින දැඩි විෂමතාව මෙහිදි සාකච්ඡා කරන ලදී.

මෙහිදී කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ ඉහත වාර්තාව සතිපතා කාරක සභාව වෙත සම්පාදනය කරන ලෙසය. ඒ සඳහා විනිමය අනුපාත, බහාලුම් හා රක්ෂණ පිරිවැය, බද්ද, ආයෝජනය ආදී තොරතුරු ඇතුලත් කරන ලෙස ද ඔහු විසින් උපදෙස් ලබා දෙන ලදී

රේගුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් වු පිරිවැය සළකා, වෙළෙඳපොළ සිල්ලර මිල, තොග මිල සැසඳීමක් සිදු කර ආනයනකරුවන් ලබා ගන්නා අයුතු ලාභයක් වේ නම් ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම් දුන්නේය.

2525 කාණ්ඩයේ භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ගෙන් එකතු කළ අගය මත බදු (VAT) අය කර ගත හැකි පරිදි ඔවුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීම සහ 7000 කාණ්ඩය යටතේ භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැදගත්කම දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවධාරණය කළ සභාපතිවරයා, 2018 සිට 2023 දක්වා කාලය තුළ ආනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී උපයන ලද අයුතු ලාභ සඳහා දේශීය ආදායම් පනතට අනුව බදු අය කර ගැනීමට (super gain tax) හා එහි ප්‍රගතිය මේ මාසයේ අග වන විට කාරක සභාවට වාර්තා කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය.

ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම හා වෙළෙඳපොළ මිල පිළිබඳ ඩිජිටල් පුවරු, වෙබ් අඩවි හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව, හා රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදි නැවත අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා, ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා කාරක සභාවේ ප්‍රකාශ වු කරුණු ප්‍රකාරව අවශ්‍ය නිර්ණායක හඳුනාගෙන මිල සූත්‍රයක් හා පිරිවැය සැකැස්මක් (Cost Structure) සකස් කරන ලෙසත්, එම පිරිවැය සැකැස්ම අනුව භාණඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසද නියෝග කළ සභාපතිවරයා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසු ඇති විය හැකි භාණ්ඩ හිඟය වැලැක්වීම සඳහා ගත හැකි පියවර සොයා බලා තීරණය කිරීම ද පාරිභෝගික සේවා අධිකාරියේ වගකීමක් බව ද, අවධාරණය කළේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික සේවා අධිකාරිය මගින් දැනට අත්හිටුවා ඇති බැවින් එය නැවත ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතු බව අවධාරණය කෙරිණ.

උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනුවට වෙළඳ අමාත්‍යාංශය විසින් සෘජුව ආනයනය කර පාරිභෝගිකයා වෙත ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද උපදෙස් ලබා දුන් අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රේගුවෙන් නිදහස් කළ මිල, වෙළඳපොල මිල හා උපරිම සිල්ලර මිල ආදී තොරතුරු වෙබ් අඩවි, ජංගම යෙදුමක් හා fb වැනි සමාජ මාධ්‍ය හරහා ජනතාව වෙත දැනුම් දීම සඳහා කාරක සභාව විසින් මග පෙන්වනු ලබන බව ද ප්‍රකාශ විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි හා අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී. ජේ සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපාබණ්ඩාර, ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, අලි සහීර් මවුලානා, අසංක නවරත්න, ගාමිණී වලේබොඩ, වීරසුමන වීරසිංහ, යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

– media unit

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.