News Category
From Date
To Date
Maximum Number of Result

දෙදින නිල සංචාරයක් සඳහා අද (03 දා) මෙරටට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය සේට්ඨා තව්සින් මහතා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

පාර්ලිමේන්තුවේ දී හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වූ බවත් එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පිළිබඳව තම විරෝධය දැක්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 21 වැනිදාට අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (02) නියෝග කළාය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින කාණ්ඩායම්වලට දැනට නොපවතින සහ අදාළ නොමැති දීමනාවක් ලැබෙන්නේ නම් එය ගැටලු සහගත තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා සහ කාර්යාල කාර්ය සාහායකය රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළ බව අපේ අධිකරණ වාර්තාකරුවෝ පවසති.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික‍්‍රමය මහත්මිය ඊයේ(01) දිනයේ ඉන්දියානු ණය වේදනා ක්‍රමය යටතේ ප්‍රශ්නගත එන්නත් තොගයක් රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වන නීති කෘත්‍ය අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී , හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්කැල්ල මහතා රටින් පිටව යාමට පැමිණියහොත් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇතැයි අප අධිකරණ වාර්තාකරුවෝ පවසති.


දේශීය පුවත්

සලේට යුක්තිය උදෙසා පෙළගැසෙමු: ජනතාවට කෙරෙන සොහොයුරු ආරාධනයක්..

විදේශීය මාධ්‍ය සහ විවිධ පාර්ශ්ව මගින් එල්ල වන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටින විශේෂ ජනහමුවක් සහ මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

"තනතුර නැති වුනත් කමක් නෑ.. වෙනස වෙනුවෙන් අවදානම ගන්න ලෑස්තියි” - නීතිඥ සංගමය හමුවේ ජනපති අනුර කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතලවලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවත්, රට වෙනුවෙන් අවශ්‍ය වෙනස සිදුකිරීමට ඕනෑම අවදානමක් ගැනීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

විනිසුරු වයස වැඩි කිරීමේ යෝජනාවට මහ නාහිමිවරු අශිර්වාද කළා.. - නි. ඇමති

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් කුමාර මහතා පවසයි.

මම දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැද්දේ නෑ.. අඩුම තරමේ ඒක බලන්නවත් ගියේ නෑ.. - නාමල් රාජපක්ෂ

2011 වසරේ දී දළදා මාලිගාව ඉදිරිපිට මෝටර් රථ තරඟ පැවැත්වූ බවට තමාට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තමා එය සංවිධානය නොකළ බවත් තමා ඊට සහභාගී නොවූ බවත්ය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

හෝමූස් වසා දැමීම නිසා තෙල් සංචිත ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතිනවා..- ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමනය අඛණ්ඩව පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ගෝලීය බලශක්ති සැපයුම් දැඩි ලෙස ඇණහිට තිබේ.

‍හිස්බුල්ලා අල්ලස් කොමිසමට..

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස දිවුරුම් දෙයි..

අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.