වසර 30ක් ලේ ගංගාවකින් පිහිනා එතෙර වූ පසු බැසිල් රාජපක්ෂලා උතුරයි දකුණයි අතර මානසික පාලමක් ඉදිකරනවා වෙනුවට කොන්ක්‍රීට් පාලම් ඉදිකර කොමිස් ගසන ආකාරය ගැන කල්පනා කළා - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ජනාධිපතිවරණය ඉදිරියේ දී පැමිණෙන හෙයින් ජාතික සංවිධානවලට විශාල අභියෝගයක් ඇති බවත්, ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු මෙරට ජනතාවගේ නළලේ කොටා ඇති ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් කිසිවක් කතාකර නැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බලයට ආවිට කොරන්ඥං කියා වැඩක් නැති බවද, එනිසා ජාතික බලවේගයේ වගකීම වන්නේ මහජනයා රවටා, මහජනයාගේ කණෙන් රිංගා, මහජනයා ගොණාට අන්දවා ආණ්ඩුබලය ගැනීමට සැරසෙන දේශපාලකයන්ට ඒ සඳහා කිසිඳු ඉඩක් ලබා නොදීම බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඉකුත් 27 දින ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛණසේවා ශ්‍රවණාගාරයේ දී පැවති ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
සියලු අපේක්ෂකයන් රටේ පවතින මෙම අර්බුදය විසඳන උපාය මාර්ගික ප්‍රවේශය කුමක්දැයි ජනතාවට පැවසිය යුතු බවද පවසන ඒ මහතා, එසේ උපායමාර්ගික වැඩපිළිවෙලක් නොමැති නායකයන්ට ඡන්දය දීමෙන් වළකින ලෙස ජාතික සංවිධාන විසින් ජනතාව දැන්වත් කළ යුතු බවද සඳහන් කරයි.
වසර 30ක් ලේ ගංගාවකින් පිහිනා 2009 එතෙරවී ලේ තැවරුණු ඇඳුම් ගලවා පැත්තකට දමා අලුත් ඇඳුම් ඇඳගෙන පරණ සෙල්ලමම කළ බවත්, බැසිල් රාජපක්ෂලා කිසිවෙකුගේ කීමට කන්නොදී උතුරයි දකුණයි අතර මානසික පාලමක් ඉදිකරනු වෙනුවට කොන්ක්‍රීට් පාලම් ඉදිකර කොමිස් ගසන ආකාරය කල්පනා කළ බවත්, උදාවූ ඒ මනරම් අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජනයක් නොගත් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්