News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත් කරන ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරන්න - ජාතික සංවිධාන එකමුතුවෙන් ජුලි චන්ග් ට ලිපියක්

May 29, 2024 at 10:56 AM
|

2024 මැයි මස 16 වන දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ගොන්නට කියුබානු රාජ්‍යයද ඇතුළත් කර ඇති බවත්, කිසිඳු විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හුදු පවිටු උවමනාව මත මෙය සිදුකර ඇති බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව විසින් මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මැතිණියට ලිපියක් යොමුකර තිබේ.

මීට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යවලට සිදුවූ දේ පිළිබඳව ද මෙම ලිපියේ සවිස්තර කරුණු සඳහන් කිරීමක් සිදුකර තිබේ.

අදාළ ලිපියේ සිංහල පරිවර්තනය සහ ඉංග්‍රීසි ලිපිය පහළින්...

2024.05.29

ගරු ජුලි චන්ග් මැතිණිය,

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි,

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය,

කොළඹ.

ගරු තානාපති තුමියනි,

ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් කියුබානු රාජ්‍යය ඉවත් කරන ලෙස  කරනු ලබන ඉල්ලීමයි.

2024 මැයි මස 16 වන දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ගොන්නට කියුබානු රාජ්‍යයද ඇතුළත් කර තිබේ. කියුබානු රාජ්‍යයට අමතරව උතුරු කොරියාව, ඉරානය සහ සිරියාව ද ඇතුළත් කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පළමුවරට ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුව ප්‍රකාශයට පත්කරන්නේ 1979 දෙසැම්බර් 29 වන දා ය. එදා එම ලැයිස්තුවට ඉරාකය, ලිබියාව, දකුණු යේමනය, සහ සිරියාව ඇතුළත්ව තිබිණි. මෙම රටවල් හතරින් දකුණු යේමනය නමැති රාජ්‍යය මේ වන විට මිහිපිට දේශපාලන සිතියමෙහි දක්නට නොමැති අතර, 1990 මැයි 22 වන දා දකුණු යේමනය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කරන ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන්නේ උතුරු සහ දකුණු යේමන රාජ්‍යයන් ඒකාබද්ධ කර යේමන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවය. පළමුවරට ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කරන්නේ අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්ව නිර්මාණය කළ ඉරාන - ඉරාක යුද්ධයේ දී ඉරාකයට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් 1982 වර්ෂයේ පෙබරවාරි මාසයේ දීය.

නැවත වතාවක් ඉරාකය ක්වේටය ආක්‍රමණය කිරීම දඩමීමා කරගෙන 1990 සැප්තැම්බර් 13 වන දා ඉරාකය ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවට එකතු කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කරන්නේ 2004 වර්ෂයේ ඔක්තෝබර් 20 වන දා වන අතර, එතෙක් පැවති බලවත් සුඛිත මුදිත ඉරාක රාජ්‍ය වෙනුවට යුද්ධයෙන් විනාශ වූ දුප්පත්කම, බඩගින්න රජයන ඉරාකයක් දේශපාලන සිතියමට එකතු විණි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවට 1979 දී එකතු කළ ලිබියාව එම ලැයිස්තුවෙන් ඉවත් කරන්නේ 2006 වසරේ මැයි 15 වන දා වන අතර, එතෙක් අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය ලෙස වර නැගී තිබූ ලිබියාව, යුද්ධයෙන් විනාශ වූ අසරණයන්ගේ රටක් බවට පත්ව තිබිණි. එලෙසම 1993 අගෝස්තු 12 වන දා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය්‍යන්ගේ ලැයිස්තුවට එක් කළ සුඩානය 2020 දෙසැම්බර් 14 වන දා ලැයිස්තුවෙන් ඉවත් කළ ද අද වන විට මළමිනී ගණන් නොකරම භූමදානය කරන රාජ්‍යයක් බවට සුඩානය පත්ව තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන් ගේ ලැයිස්තුවට එක්කර තිබෙන ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රාසි මහතාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පවසා සිටියේ ජනාධිපති ඊබ්‍රාහිම් රාසි නොමැතිව ඉරාන වැසියන්ට "බොහෝ විට වඩා හොඳ" කාලයක් උදාවිය හැකි බවයි.

ඉහත අප පෙන්වාදුන් කාරණා සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යම් රාජ්‍යයක් ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවට එක්කර තිබෙන්නේ යහපත් පරමාර්ථයෙන් නොව එම රාජ්‍ය විනාශය කරා රැගෙනයාමේ අරමුණෙන් බවයි.

උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි අයුධ වලින් සන්නද්ධව සිටින බැවින් ද, උතුරු කොරියානු ජනයා තුළ වන සටන්කාමීත්වය නිසාවෙන් ද 1988 සිට වසර 36ක් පුරා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවට එක්කර සිටිය ද උතුරු කොරියානු රාජ්‍යයට ශක්තිමත්ව නැගී සිටින්නට හැකියාව ලැබී තිබේ.

ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන ටකර් කාසන් මහතා රුසියානු දාර්ශනිකයකු වන අලෙක්සැන්ඩර් ඩුගින් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී පවසා සිටියේ අලෙක්සැන්ඩර් ඩුගින් විසින් ලියන ලද " The Great Awakening Vs the Great Reset " ග්‍රන්ථය අමෙරිකාව පුරා අලෙවිය  තහනම්කර ඇත්තේ එම ග්‍රන්ථය ඇමෙරිකානු බලධාරින් වර නංවනු ලබන නව ලිබරල්වාදයට බරපතළ ලෙස පහර ගසන හෙයින් බවයි.

ඒ අනුව කියුබාව නමැති කුඩා දූපත් රාජ්‍යය විනාශ කරලීම වෙනුවෙන් අමෙරිකාව ලෝක පොලිස්කාර භූමිකාව රඟ දක්වන්නේ කියුබාව සතු සීමිත සම්පත් කියුබානු ජනයාගේ අසීමිත අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කිරීමට හදාගත් ක්‍රමවේදය ඇමෙරිකානුවන් අත්හදා බලන්නට ආදර්ශයක් ලෙස ගතහොත් ඇමෙරිකානු ප්‍රභූ පන්තිය සාතිෂය බහුතර ඇමෙරිකානුදුගී ජනයා වෙත පටවනු ලබන ආර්ථික, සමාජීය, දේශපාලන පීඩනය අහෝසිවී ඔවුන්ගේ පැවැත්ම අහෝසිවී යනු ඇතැයි යන බිය නිසාවෙන්ය යන්න අපගේ හැඟීමයි.

කෙසේ වුවද, ඔබ රාජ්‍යයේ මුව විටේ සිට කියුබාව නමැති කුඩා දූපත් රාජ්‍යය කියුබානු විප්ලවය ජයග්‍රණය කළ මොහොතේ සිට නොසැලී සිටීමට කියුබාවට අති විශාලම ශක්තිය ලොව පුරා සිටින කියුබාවට ආදරය කරන ප්‍රගතිශීලී ජනයාගේ ශක්තිය බව අප මෙහිලා ඔබ වෙත සිහිපත් කරමු. ඒ අනුව කිසිඳු විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හුදු පවිටු උවමනාව මත කියුබානු රාජ්‍ය ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවට එක්කිරීම වහාම ඉවත්කර ගන්නා ලෙස බලකරමු. එලෙසම කියුබාව අමෙරිකාවේ ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් තම රාජ්‍ය ඉවත් කරලීමට ගන්නා අරගලයට කියුබානු ජනයා සමග අපිද අත්වැල් බැඳගන්නා බව සපථ කරමු.

මේ වගට
ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව


29th of May 2024

H E Ms. Julie Chung,

The US Ambassador to Sri Lanka,

US Embassy in Sri Lanka,

Colombo.


Your Excellency;

In re Demand to Remove the Cuban State from the ‘List of State Sponsors of Terrorism’ Published by the USA State Department. 

On May 16, 2024, the USA State Department has included the Cuban state in the ‘list of state sponsors of terrorism.’ In addition to the Cuban state, the USA State Department has included North Korea, Iran and Syria. 

The USA State Department first published the list of ‘State Sponsors of Terrorism’ on 29th of December 1979. Back then, the list included Iraq, Libya, South Yemen and Syria. Out of these four countries, Since then South Yemen is not found on the political map of the world and on 22nd of May 1990, South Yemen was removed from the list of state sponsors of terrorism published by the USA State Department after the establishment of the Yemen Republic by merging the North and South Yemeni states. Iraq was removed from the list for the first time in February 1982 for providing facilities to the Iran-Iraq war, which was created by the intervention of the United States of America. 

On 13th of September 1990, the US State Department again added Iraq to the list of ‘state sponsors of terrorism’ in the pretext of Iraq’s invasion of Kuwait. Iraq was removed from that list on 20th October 2004, after turning once a powerful and prosperous Iraqi state to a war-ravaged, poverty-stricken, and hunger- spread Iraq state   in the world political map.  

Libya, which was added to the list of ‘state sponsors of terrorism’ by the USA State Department on 29th of December 1979, is removed from that list on the 15th of May 2006. Libya, which had stood as the Switzerland of Africa until then, had become a country of destitute people destroyed by war. Similarly, on 12th of August 1993, the USA State Department added Sudan to the list of state sponsors of terrorism and it was removed from the list on 14th December 2020, today Sudan has become a state that buries dead bodies without counting them.

USA Secretary of State Department Mr. Anthony Blinken , commenting on the death of  President of Iran Ibrahim Raisi, the state which has been added to the ‘list of state sponsors of terrorism’ by the US State Department, is reported to have said that "probably a better off Iran" could arise for Iranians without President Ibrahim Raisi.

All the things we have pointed out above make it clear that the USA State Department has added a certain state to the list of state sponsors of terrorism, not with a noble intention, but with the aim of taking that state to its destruction. Since North Korea has armed with nuclear weapons and unshaken the patriotism of the North Korean people, for 36 years since 1988, the USA State Department retains North Korea in the so-called list of ‘state sponsors of terrorism’ but it has been able to stand strong.

American journalist Mr. Tucker Carlson said in an interview with Russian philosopher Mr. Alexander Dugin that the book entitled “The Great Awakening Vs the Great Reset" written by Alexander Dugin has been banned from sale in the United States because the book is seriously beating the neoliberalism which is promoted by the American authorities.

Accordingly, the United States is playing the role of the world policeman in order to destroy the small emerging island state Cuba due to the fact that  if the strategies adopted by Cuba to manage her limited resources  for the  unlimited needs of the Cuban people is taken as an example by the oppressed American people to try, we feel, that  American Elitist class  fear that the economic, social and political pressure imposed by them  on the oppressed American people,  will eliminate the American elitist class. 

However, we remind Your Excellency, here that the greatest strength that Cuba has to remain steadfast since the beginning of the state is the strength of the progressive people who love Cuba from all over the world. Accordingly, we demand that the addition of the Cuban state to the so-called ‘list of state sponsors of terrorism’ be immediately withdrawn which is based on pure desire without any scientific investigation. In the same way, we hereby stress that we will join hands with the Cuban people in the struggle to remove the Cuba from the obnoxious list of ‘state sponsors of terrorism’.

Thank you.

Yours Faithfully,

Dr Gunadasa Amarasekara,

Convener,

Federation of National Organizations.





සම්බන්ධිත පුවත් | Related News

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.