වෛද්‍ය නලින්දට වෛද්‍ය සෙනාල් ගෙන් කට උත්තර නැති චෝදනාවක්!
වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්වය නිරාකරණය නොවීම හේතුවෙන් එළඹෙන සඳුදා(25) සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙන බව මේ වන විට ප්‍රසිද්ධ කාරණයකි. වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට කන් දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්ව සිටින ආණ්ඩුව රජයේ වෛද්‍යවරුන් වර්ජන ක්‍රියා මාර්ග වල නියැලෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් යනුවෙන් ව්‍යාජ තොරතුරක් සමාජගත කිරීමට දිනමිණ පුවත් හරහා ආණ්ඩුව අසාර්ථක උත්සහායක නිරත වෙමින් සිටී. ඒ සමබන්ධයෙන් වෛද්‍ය එම් ඒ සෙනාල් ජෝසප් ප්‍රනාන්දු මහතා සිය "ෆේස් බුක් " ගිණුමේ සෞඛ්‍ය ඇමතිවරයාට කට උත්තර නැති වන ලෙස පිළිතුරු දී තිබේ. වෛද්‍ය සෙනාල් ගේ ලිපියේ ඇති කාලීන වැදගත්කම සලකා මෙසේ ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය පිණිස මෙසේ පලකරමු.
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
හිතවත් ගරු අමාත්‍යතුමනි,
දිනමිණ පුවත් පත විසින් වගකීම් විරහිත මාධ්‍ය හැසිරවීම සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව නොමඟ යවන සුළු වාර්තාකරණය පිළිබඳ කනස්සල්ල පල කිරිමයි.
වගකිවයුතු පුරවැසියෙකු සහ වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස, මීට ශුළු මොහොතකට පෙර පළ කරන ලද දිනමිණ සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් මගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එය සම්පූර්ණයෙන්ම වෙනස් ජාතික ගැටළු දෙකක් අතිශයින් නොමඟ යවන සහ වෘත්තීය නොවන ආකාරයෙන් ව්‍යාජ ලෙස සම්බන්ධ කරනු ලබන මාධ්‍ය භාවිතාවකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පසුගිය මාස දෙකක කාලය තුළ, පශ්චාත් සීමාවාසික පත්වී ලබාදීමේ ලැයිස්තුවට අදාළව ඇතැම් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදු කරන ලද අක්‍රමිකතාවන්ට එරෙහිව අරගලයක නිරත වී සිටී. එම නිලධාරින්ගේ ක්‍රියාමාර්ග වල විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ බරපතල ගැටළු මතු කර තිබේ. බොහෝ සාකච්ඡා සහ නිල නියෝජනයන්ගෙන් පසුව, ගැටලුව තීරණාත්මක “රුබිකන් මොහොතක්” කරා ළඟා වූ බැවින්, එළඹෙන සඳුදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීම ප්‍රකාශ කිරීමට GMOAහට සිදුවිය.
ඒ සමඟම, හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම GMOA හි වෘත්ට්තීය ක්‍රියාමාරග වලට සම්බන්ධයක් නැති කාරණය මේ වන විට ජාතික වශයෙන් සාකච්ඡාවට ගන්නා මාතෘකාවක් බවට පත්ව ඇත. අවාසනාවකට මෙන්, රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන දිනමිණ ප්‍රකාශනය, සංවේදී සහ නොමඟ යවන සුළු මාතෘකා හරහා මෙම ගැටලුව GMOA හි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ සම්බන්ධ කිරීමට වගකීම් විරහිතව උත්සාහ කර ඇත.
වැරදි තොරතුරු, ව්‍යාජ ප්‍රවෘත්ති සහ හිතාමතාම වෛරය නිර්මාණය කිරීම මගින් මෙහෙයවනු ලබන මෙම ආකාරයේ තුන්වන පන්තියේ මාධ්‍ය හැසිරවීම, මහජන විශ්වාසයට හානි කිරීමට සහ ජාතිය නොමඟ යැවීමට හැර වෙනත් අරමුණක් ඉටු නොකරයි. එය රජයේ ආයතනවල විශ්වසනීයත්වය සහ වගකිවයුතු මාධ්‍යවේදයේ නියැලීමට රාජ්‍ය මාධ්‍යවල යුතුකම යන දෙකම අණතුරේ හෙළනු ලබයි.
ගරු අමාත්‍යවරුනි, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති බරපතල අක්‍රමිකතා සහ වත්මන් ජාතික දේශපාලන වාතාවරණය යන කරුණු දෙකම, පිළිබඳව ඔබ හොඳින් දනී. එබැවින් රජය සතු මාධ්‍ය ආයතන අවංකව කටයුතු කිරීම, සමපේක්ෂනයෙන් කරුණු වෙන් කිරීම සහ වෘත්තීය සංගම් සම්බන්ධයක් නැති මතභේදවලට ඇද දැමීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි.
ඒ අනුව ඔබගේ යහපත් නිලධාරීන්ගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ:
1. දිනමිණ ප්‍රකාශනයේ නොමඟ යවන වාර්තාකරණය සම්බන්ධයෙන් වහාම නිවැරදි කිරීමේ පියවර ගන්නා ලෙසත්,
2. රාජ්‍ය මාධ්‍ය වගකිවයුතු පුවත්පත් කලාවේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරන බවට සහතික වන ලෙසත්,
3. GMOA වැනි වෘත්තීය සංගම්වල ස්වාධීනත්වය අපහාසාත්මක සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත වාර්තාකරණයෙන් ආරක්ෂා කරන ලෙසත්ය.
ජාතික වශයෙන් රට අභියෝග රැසකට මුහුණ දෙන මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සත්‍යයවාදී වීම, වෘත්තීයභාවය සහ අවංකභාවය මිස සමාජය තවදුරටත් බෙදන වැරදි තොරතුරු සමාජගත කිරීම නම් නොවේ.
ස්තුතියි,
මෙයට ඔබේ අවංක සේවක,
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන