News Category
From Date
To Date
Maximum Number of Result

චීනයෙන් සමාව ඉල්ලූ හිටපු සෙබලාට ප්‍රහාර: 731 ඒකකයේ සේවය කළ සෙබළාගේ පාපොච්ඡාරණය ජපානයට වේදනාවක් ගෙන දුන්නේ ඇයි?

Aug 26, 2025 at 10:21 PM
|

Hideo Shimizu grants an exclusive interview to Global Times at his home in Nagano Prefecture, Japan, on July 1, : Xu :Keyue/GT

කතෘ සටහන

2025 වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරන වර්ෂයයි. එහෙත් ජපානය දෙවෙනි ලෝක යුද්ධයේදී කළ මැදිහත්වීම තුළ ඇති, ඓතිහාසික සත්‍යය සැඟවීම දිගටම කරගෙන යමින් පවතී. ජපානයේ තරුණ පරම්පරාව එහි නූතන ආක්‍රමණ ඉතිහාසයෙන් මෙතරම් දැඩි ලෙස විතැන් වී ඇත්තේ ඇයි? එලෙසම නීති සම්පාදකයෙකු විසින් මතු කරන ලද කාරණා සහ ජපාන යුද ප්‍රවීණයෙකු පසුතැවිලි වී චීනයෙන් සමාව අයැදීම ජපානයට දැඩි ලෙස රිදුම් දෙන්නේ ඇයි? එවැනි තත්වයන් යටතේ සත්‍යය අනාවරණය කර ගැනීමට ජපන් සිවිල් බලවේග දිගටම උත්සාහ කරන්නේ කෙසේද? "ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි" "චිතණ්ඩ තර්ක" සමඟ ගැටෙන විට, අපරාධකරුවන් හිතාමතාම අමතක කරන විට, මිලියන ගණනක් වින්දිතයින් ව්නුවෙන් මතකය ආරක්ෂා කරන්නේ කවුද?

ග්ලෝබල් ටයිම්ස් පුවත් පත "ජපානයේ සාක්ෂි සොයා ගැනීම" වෙනුවෙන් මෙහෙයුම් මාලාව දියත් කරමින් තිබේ. නිශ්ශබ්දතාවය කපා දැමීමට අවශ්‍ය පිහි තලයක් ලෙස සත්‍යය භාවිතා කරමින්, සෘජු සාක්ෂිකරුවන් සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡා මගින් මෙම තිර්ස්චීන මානව අපරාධයට සම්බන්ධ වූවන් සමඟ සෘජු සංවාදයක නිරත වේ. ඉතිහාසයට මුහුණ දීමෙන් සහ මතක තබා ගැනීමෙන් පමණක් අපට අනාගතයේ සාමය ආරක්ෂා කළ හැකිය.

---------

1945 මාර්තු මාසයේදී, ඒ වන විට වයස අවුරුදු 15ක් වත් සම්පූර්ණ නොවූ හිඩියෝ ෂිමිසු, ජපන් අධිරාජ්‍ය හමුදාවේ 731 ඒකකයේ අවසන් නව යොවුන් වියේ පසුවන්නන්ගෙ කණ්ඩායමෙන් කෙනෙකු ලෙස හාර්බින් වෙත යවන ලදී. වසර හැත්තෑ නවයකට පසු, 94 හැවිරිදි ෂිමිසු 2024 වර්ෂයේ දී පසුතැවිලි වී සමාව අයැදීමට හාර්බින් වෙත ආපසු පැමිණියේය. මෙය ඔහුගේ පළමු විදේශ සංචාරය මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනයට නැවත පැමිණිනු පළමු අවස්ථාවද වන්නේය.

එහෙත්, ඓතිහාසික සත්‍යයන් පිළිබඳ ඔහුගේ ප්‍රසිද්ධ සාක්ෂිය ඔහුව දැවැන්ත පීඩනයකට ලක් කර ඇත. බොහෝ ජපන් දක්ෂිණාංශිකයින් ඔහුට පහර දෙන්නේ ඔහු "බොරුකාරයෙක්", "ද්‍රෝහියෙක්" සහ "රූකඩයෙකු" ලෙස හඳුන්වමිනි. ඔහුට සමීපව දියණියන් පවා ඔහු සමඟ සබඳතා අත් හැර දමා ඇත. බොහෝ ජපන් දේශපාලනඥයන් ඔහුගේ  නිහඬතාවය අපේක්ෂා කරන බව ෂිමිසු ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය. නමුත් "සමාව අයැදීම ගැන මම පසුතැවෙන්නේ නැහැ! මොකද මම හැම විටම විශ්වාස කළේ මම එය කළ යුතු දෙයක් කියලා!"

'මම කළේ සත්‍යය පැවසීම පමණයි. මාව විත්තිකරුවෙකු කර චෝදනා එල්ල කරන්නේ ඇයි?'

මියාඩා ගම්මානය ජපානයේ නගානෝ ප්‍රාන්තයේ පිහිටා ඇත. 1930 ජූලි මාසයේදී ෂිමිසු උපත ලැබුවේ මෙහිදීය. ග්ලෝබල් ටයිම්ස් වාර්තාකරුවන් රැගත් මෝටර් රථය කඳුකර මාර්ගය දිගේ ගමන් කරන විට, පාළු නිවසක් දර්ශනය විය, එහි දොරෙහි තවමත් "සීමාසහිත ෂිමිසු ඉදිකිරීම් සමාගම " යන පැහැදිලිව පෙනෙන ලකුණ දරා සිටියි. ජපාන අධිරාජ්‍යාගේ පරාජයෙන් පසු ජපානයට ආපසු පැමිණි පසු, ෂිමිසු තම ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ තම පවුල විසින් පවත්වාගෙන යනු ලැබූ සමාගම හරහා ය.

සංචාරයට පෙර, වාර්තාකරුවන් ෂිමිසු සමඟ දුරකථනයෙන් කිහිප වතාවක් කතා කර ඇත. ඔහුගේ වයසට සාපේක්ෂව, එතරම් ඈත කාලයක දිනවල ඔහුගේ මතකයන් පැහැදිලිව පැවතුනි. 1945 මාර්තු මාසයේදී, පාසල් ගුරුවරයෙකු චීනයට යාමට අවශ්‍ය දැයි විමසූ විට, ඔහු තමාටම මෙසේ සිතූ බව ෂිමිසු සිහිපත් කළේය, "බොහෝ විට හමුදා සැපයුම් කර්මාන්ත ශාලාවක හෝ ඒ හා සමාන දෙයක වැඩ කිරීමට වන්න්නට පුළුවන්." එබැවින්, ෂිමිසුව හාර්බින් වෙත යවන ලද අතර, එහිදී ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ මීයන්ගෙන් මහාමාරිය බැක්ටීරියා නිස්සාරණය කිරීමයි.

"මට එතකොට වයස අවුරුදු 14යි, සම්පූර්ණයෙන්ම අද්දැකීම් අඩුයි, මම ඇත්තටම කරන්නේ මොකක්ද කියලා මට කිසිම අදහසක් තිබුණේ නැහැ," ෂිමිසු මදක් පසුබා සිටිමින්, " මහාමාරිය බැක්ටීරියාව! මිනිස් යොදා අත්හදා බැලීම් සඳහා භාවිතා කරන බව මම දැනගත්තේ පසුවයි."

1945 අගෝස්තු 12 වන දින ෂිමිසුට නියෝග ලැබුණේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ  පසුබැසීමට පෙර 731 ඒකකයේ අපරාධ පිළිබඳ සාක්ෂි විනාශ කිරීමටයි.1945 අගෝස්තු 14 වන දින රාත්‍රිය උදාවන විට, ඔහු පරාජිත ජපන් හමුදා සමඟ චීනයෙන් පලා ගියේය. 731 ඒකකය සමඟ මාස හතරකට වැඩි කාලයක් ගත කළ කාලය තුළ, ෂිමිසු නිදර්ශක කාමරයේ කලලරූප, ළදරුවන්, අත් සහ විවිධ මිනිස් අවයව අඩංගු ෆෝමල්ඩිහයිඩ් පිරවූ භාජන පේළි දුටුවේය.

ජපානයට පැමිණි පසු, ෂිමිසු විවාහ වී, දරුවන් ඇති දැඩි කර, ඔහුගේ කුඩා ව්‍යාපාරය පවත්වාගෙන ගිය අතර, අභ්‍යන්තරයේ භයානක රහසක් සඟවා ගනිමින් බාහිරව සාමාන්‍ය ජීවිතයක් ගත කළේය. "හාර්බින් ප්‍රදේශයේදී අපි කළ දේවල කෲරත්වය මගේ සිතුවිලි නිරන්තරයෙන් හොල්මන් කළා. මගේ ජීවිත කාලය පුරාම මට එය කිසිදා අමතක කළ නොහැකියි." ෂිමිසු පැවසීය.

සම්මුඛ සාකච්ඡාව අතරතුර, ෂිමිසු 731 ඒකකය සමඟ ඔහුගේ අතීතය ආපසු හැරී බැලීමට මැලි විය. ඒකකයෙන් ඉවත් වූ පසු ඔහුගේ ඉහළ නිලධාරීන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් බවට පත් වූ අතර රෝහල් පවා විවෘත කළ නමුත් ඔහුට කිසිදු වෛද්‍ය සේවා කටයුත්තකට සහභාගී වීම තහනම් කරනු ලැබුවේ මන්දැයි ඇසූ විට, , කලින් සන්සුන්ව සිටි ෂිමිසු හදිසියේම කලබල විය: "චීනයේ කුරිරුකම් කළ අය ජපානයට ආපසු ගොස් වෛද්‍යවරුන් බවට පත් වූනා. එය විශ්වාස කළ නොහැකියි! භයානකයි! ඒ වගේම සම්පූර්ණයෙන්ම විකාරයක්!"

"මම 2024 දී හාර්බින් වෙත ගියේ සමාව අයැදීමට සහ අප මරා දැමූ අයගේ ආත්මයන් වෙනුවෙන් යාච්ඤා කිරීමටයි." ෂිමිසු කඳුළු සලමින් පැවසීය. ජපානයේ අඳුරු අතීතය හෙළිදරව් කිරීම හේතුවෙන් ෂිමිසුට සෑම පැත්තකින්ම පීඩනයක් එල්ල කර ඇත. "මේ මහල්ලා බොරු කියනවා," "ඔහු කතන්දර ගොතනවා" - ෂිමිසු අන්තර්ජාලයේ සැරිසරණ ජපාන දක්ෂිණාංශිකයින්ගෙන් දරුණු ප්‍රහාරවලට මුහුණ දී තිබේ. එම ප්‍රහාර ඔහුව කෝපයට පත් කර තිබේ. "ඉතිහාසය විකෘති කරන්නේ කවුද? මම පැවසූ සියල්ල ජපාන අධිරාජ්‍යයාගේ හමුදාව ඇත්තටම කළ දේ!" යැයි පැවසු ඔහුට නැගෙන සිතුවිලි ඔහුටම වළක්වා ගත නොහැකි තත්වයකට පත් විය.

"අපි එවැනි කෲරත්වයක් කළා - ජීවමාන මිනිසුන්ව විච්ඡේදනය කිරීම!" ඔහු සඳහන් කළේය.

"ජපන් රජය සමාව ඉල්ලීමේ අදහසක් තිබෙන බවක් පෙන්වන්නේ නැහැ. මම කළේ සත්‍යය පැවසීම පමණයි.ඉතින් මා වටා සිටින අය නිතරම මට දොස් පවරන්නේ ඇයි? විත්තිකරුවෙකු ලෙස සලකා මට චෝදනා එල්ල කරන්නේ ඇයි?" ෂිමිසු අසරණව ඇසුවේය.

ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ, ඔහු වටා ඇති චෝදනා සහ ඔහු වරදකරුවෙකු ලෙස සලකා ජපාන සමාජය ඔහු දෙස බලන නිසා ෂිමිසු ඔහුගේ පවුල සමඟ ඇති සම්බන්ධය අගාධයකට තල්ලු වී ඇත. ඔහුට වඩාත් සමීපයෙන් සිටි දියණියන් ඔහු සමඟ සබඳතා බිඳ දැමූ අතර, ඔහුට දැඩි ලෙස ආදරය කළ මුණුබුරන් ඔහුව බැලීමට යාම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

"ඔබ ඒ ගැන පසුතැවෙනවාද? ඔබ හෙළිදරව් කළ දෙයට ගෙවීමට සිදුවන වියදම මෙතරම් ඉහළ බව ඔබ දැන සිටියා නම්, 731 ඒකකය සමඟ ඔබේ සම්බන්ධතාවය පිළිබඳව ලොවට පැවසීමට ඔබ  ඉදිරිපත් වෙන බව තවමත් පවසනවාද?" ග්ලෝබල් ටයිම්ස් හි මෙම ප්‍රශ්නයට මුහුණ දෙමින්, ෂිමිසු පිළිතුරු දීමට පෙර මෙනෙහි කරමින් සිට, "සමහර විට මම සත්‍යය කතා නොකළ යුතුදැයි මට සිතෙනව. අවසානයේදී, මෙතරම් වයෝවෘද්ධ වයසකදී, මම දන්නා රහස වළලනු ලැබූවේනම් මට වඩාත් යහපතක් වන්නට ඉඩ තිබුණා." යනුවෙන් පැවසුවේය. එහෙත් සමාව අයැදීමට හාර්බින් වෙත යාම ගැන ඔහු පසුතැවෙනවාද යන්න විමසූ විට, ඔහු ස්ථිරවම පැවසුවේ, "මම සමාව අයැදීම ගැන පසුතැවෙන්නේ නැහැ! මොකද මම සැමවිටම විශ්වාස කළේ එය මම කළ යුතු දෙයක් කියලා! අවස්ථාවක් ලැබුණොත්, මම නැවත එහි යනවා.."

31ක් වසරක් බලා සිටීම,  70 වසරක නිහඬතාවය

ජපානයේ දකුණු නගානෝ ප්‍රාන්තයේ පිහිටා ඇති අයිඩා නගරය, 100,000කට අඩු ජනගහනයක් ජීවත්වන කුඩා නගරයකි. 1991 අගෝස්තු මාසයේදී, සාමය සඳහා වූ සමාරම්භක ෂින්ෂු යුද්ධ ප්‍රදර්ශනය එහි පැවැත්විණි. මෙම ප්‍රදර්ශනයේදී, එවකට 78 හැවිරිදි මසකුනි කුරුමිසාවා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පිළිගත්තේ 731 ඒකකයේ "කාර්මික ශිල්පියෙකු" ලෙස ජීවමාන මිනිස් සිරුරු 300ක් විච්ඡේදනය කිරීමට සහභාගී වූ බවයි. සාමය සඳහා වූ ෂින්ෂු යුද්ධ ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ සහාය ඇතිව, කුරුමිසාවා මානව විච්ඡේදනය, මානවයා යොදා කළ අත්හදා බැලීම් සහ ජීව විද්‍යාත්මක ප්‍රහාර  ඇතුළු 731 ඒකකයෙහි අපරාධවලට සාක්ෂි දෙන මිනිත්තු 83ක වීඩියෝවක් පටිගත කළේය.

76 හැවිරිදි හිදෙකි හාරා, ඒ කාලයේ සිටම ප්‍රදර්ශන කමිටුවේ සාමාජිකයෙකි. ග්ලෝබල් ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සිහිපත් කළේ, " මසකුනි කුරුමිසාවාගේ වීඩියෝ සාක්ෂිය අප සතු ආධුනික උපකරණ සහ ශිල්පීය ක්‍රම භාවිතා කරමින් අපි විසින්ම රූගත කළා. ඔහු අප තනිකර යාමට පෙර, මෙම සාක්ෂි ජපාන අධිරාජ්‍යාගේ හමුදාවේ අපරාධ හෙළිදරව් කිරීමට ඕනෑම වේලාවක භාවිතා කළ හැකි බව ඔහු අප සමඟ පැවසූවා."

එපමණක් නොව, 1991 ප්‍රදර්ශනයේදී, කුරුමිසාවා  731 ඒකකයේ සිට ආපසු ගෙන ආ වෛද්‍ය උපකරණ සහ පොත් ප්‍රදර්ශනය කළා. 1945 අගෝස්තු මාසයේදී පලා යාමට පෙර,731 ඒකකය සන්තකයේ තිබූ සියලුම ලේඛන සහ වාර්තා පාහේ විනාශ කළ බව හාරා පැහැදිලි කළේය. කුරුමිසාවා රහසිගතව මෙම වෛද්‍ය උපකරණ සහ පොත් නැවත ජපානයට ගෙන ආවේය. වෛද්‍ය පොත්වල "ඉෂි ඒකකය" යන මුද්‍රාව තිබූ අතර එය  731 ඒකකයෙහි කුප්‍රකට නිර්මාතෘ සහ එහි නායක ෂිරෝ ඉෂි ගේ සම්බන්ධය පෙන්වීමට සැදූ මුද්‍රාවකි.

කුරුමිසාවාගේ සාක්ෂිය අයිඩා හි පැවැත්වූ ප්‍රදර්ශනයේදී සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේය. 1991 ආරම්භක ප්‍රදර්ශනයට අමුත්තන් 2,685 ක් ආකර්ෂණය විය. එකල සිදු කරන ලද සමීක්ෂණයකදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 64 ක් කියා සිටියේ තාවකාලිකව පැවැත්වූ තේමාත්මක ප්‍රදර්ශනය ස්ථිර ප්‍රදර්ශනයක් බවට පත් කළ යුතු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සිවිල් කණ්ඩායම් අයිඩා නගරයේ සාම අනුස්මරණ කෞතුකාගාරයක් පිහිටුවීම සඳහා නැවත නැවතත් ජපාන රජයට සහ අයිඩා නගර සභාවට  පෙත්සම් ඉදිරිපත් කළහ.

කුරුමිසාවා අනාගත අනුස්මරණ කෞතුකාගාරයට ඔහුගේ සාක්ෂි පරිත්‍යාග කිරීමට තීරණය කළ නමුත්, එය සාක්ෂාත් කර ගැනීමට පෙර ඔහු 1993 දී මිය ගියේය. වසර ගණනාවක අයදුම්පත්, සාකච්ඡා, පෙත්සම් සහ සාකච්ඡා වලින් පසුව, අයිඩා නගර සභාව අවසානයේ වර්ෂ 2000 දී කෞතුකාගාරය පිහිටුවීම අනුමත කළේය. අයිඩා නගර සභාවට අනුස්මරණ කෞතුකාගාරයේ අවශ්‍යතාවය ඒත්තු ගැන්වීම සඳහා මෙම බිම් මට්ටමේ ව්‍යාපාරයට දශකයකට ආසන්න කාලයක් ගත විය.

ප්‍රදර්ශන භාන්ඩ එකතු කිරීම සඳහා, අයිඩා නගර අධ්‍යාපන මණ්ඩලය "සාම ද්‍රව්‍ය එකතු කිරීමේ කමිටුවක්" පිහිටුවා ගත්තේය. කෞතුකාගාරය ඉක්මනින් විවෘත කිරීම සඳහා වෙහෙස නොබලා වැඩ කළ හාරා සහ අනෙකුත් අය 2022 වන විට නගානෝ ප්‍රාන්තය පුරා ප්‍රදර්ශන භාන්ඩ 1,800 කට වඩා රැස් කර ගත්හ. හාරා එම වසරේ වාර්තාකරුවන්ට පැවසුවේ 1991 ප්‍රදර්ශනයෙන් වසර 31 කට පසුව - මැයි මාසයේදී අනුස්මරණ කෞතුකාගාරය විවෘත කරන බවට අවසානයේ තහවුරු කිරීමක් ලැබුණු බවයි.

මේ අතර, සාමය සඳහා වූ ෂින්ෂු යුද ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වන ලදී. 2015 දී, හිඩියෝ ෂිමිසු සිය බිරිඳ සමඟ ප්‍රදර්ශනයට ගිය විට, ඔහු පළමු වරට 731 ඒකකය සමඟ ඇති සබඳතා පිළිගත්තේ මේ කාරණය සම්බන්ධයෙන් වසර 70 ක නිහඬතාවය බිඳ දමමිනි.

'අතුරුදහන් වූ සත්‍යය' - 'අතුරුදහන් වූ' ප්‍රදර්ශන පුවරු 8 ක්

වසර ගණනාවක ක්ෂේත්‍ර පරීක්ෂණ සහ සාක්ෂි එකතු කිරීම මත පදනම්ව, සාම ප්‍රදර්ශන භාන්ඩ එකතු කිරීමේ කමිටුව කෞතුකාගාරය විවෘත කිරීම සඳහා අවසාන සූදානම ලෙස 731 ඒකකයේ කුරිරුකම් ලේඛනගත කරන ප්‍රදර්ශන පුවරු අටක් සකස් කර තිබුණි. කෙසේ වෙතත්, දියත් කිරීමට ටික කලකට පෙර, අයිඩා නගර අධ්‍යාපන මණ්ඩලය මෙම පැනල ප්‍රදර්ශනය කිරීම තහනම් කළේ, සමහර අන්තර්ගතයන් "ළමයින් බිය ගැන්විය හැකි" සහ "කාන්තා කණ්ඩායම් විසින් ඕනෑවට වඩා කුරිරු ලෙස සලකනු ලබන" බවට ඊනියා උත්සුකයන් උපුටා දක්වමිනි. "මේ නිසා අපි මෙම පැනල් අට 'අතුරුදහන් වූ සත්‍යය' ලෙස උපහාසාත්මක ලෙස හඳුන්වනවා." හාරා කටුක සිනහවකින් පැවසීය.

හාරා ග්ලෝබල් ටයිම්ස් වෙනුවෙන් වෙන් කළ මේසයක් මත "අතුරුදහන් වූ" පැනල් අට විහිදුවූ විට, ඔවුන් 731 ඒකකයේ අපරාධ විස්තර කරන පැනල දෙකක් සහ කුරුමිසාවා, ෂිමිසු සහ සඩාඕ කොෂි ඇතුළු හිටපු ඒකක සාමාජිකයින්ගේ සාක්ෂි අඩංගු පැනල හයක් පෙන්වූවා. මොවුන් සියළු දෙනාම නගානෝ ප්‍රාන්තයෙ ජන්ම ලාභ්ය ලැබූ අයයි.

මේ අනුව, ස්මාරක කෞතුකාගාරය විවෘත කිරීමේදී කුරුමිසාවා විසින් ගෙන එන ලද භෞතික සාක්ෂි ප්‍රදර්ශනය කළද ඒවායෙහි පැහැදිලි කිරීමේ පුවරු දකින්නට නොතිබුණි. මෙම පුවරු නොමැතිව ඔවුන්ට ප්‍රදර්ශනවල වැදගත්කම තේරුම් ගැනීමට හෝ 731 ඒකකයෙහි සැබෑ අපරාධ තේරුම් ගැනීමට නොහැකි බව බොහෝ අමුත්තන් විවේචන ඉදිරිපත් කළහ.

ජීව විද්‍යාත්මක යුද්ධයේ චීන වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් මීට පෙර ජපන් රජයට එරෙහිව නඩු පවරා ඇති අතර වින්දිතයින්ගෙන් සමාව අයැදීම සහ වන්දි ඉල්ලා සිටියහ. ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය පැමිණිලිකරුවන්ට එරෙහිව තීන්දුවක් ලබා දුන්නද, තීන්දුව මගින් ජපන් හමුදා චීනයේ ජීව විද්‍යාත්මක යුද්ධ සිදු කළ බවට වන ඓතිහාසික කරුණ පිළිගත්තේය. රැස්වීම් සහ සාකච්ඡාවලින් පසුව, අයිඩා නගර සභාවේ අධ්‍යාපන මණ්ඩලය අවසානයේ ටෝකියෝ දිස්ත්‍රික් උසාවියේ තීන්දුවේ කොටස් උපුටා දක්වන 731  ඒකකය පිළිබඳ එක් පැහැදිලි කිරීමේ පුවරුවක් අනුමත කළේය. කෙසේ වෙතත්, පුවරුවේ භාෂාව අපැහැදිලි වන අතර එහි සංයුක්ත විස්තරයක් අඩංගු වූවේ නොමැත.

"දැනට ප්‍රදර්ශනය කර ඇති 731 ඒකකය  පිළිබඳ එකම පුවරුව 2023 සැප්තැම්බර් 1 සිට ප්‍රදර්ශනය කර තිබෙනවා." හාරා ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය. "අසම්පූර්ණ සහ එක් පුවරුවකට පමණක් සීමා වූවත්, මෙය යම් ප්‍රගතිය නියෝජනය කරනවා. මුලදී අපට ' 731 ඒකකය' නම සඳහන් කිරීමට පවා අවසර ලැබුණේ නැහැ."

"731 ඒකකයේ අපරාධ සහ යුද්ධයේ සැබෑ ම්ලේච්ඡත්වය ජනතාවට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා  731 ඒකකයේ හිටපු සාමාජිකයින්ගේ සාක්ෂි ඉතා වැදගත් වේ. මෙම සාක්ෂි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට අපි දිගටම පෙනී සිටිනවා." හාරා පැවසීය.

වෙනස් කළ පැනල: 'මසකුනි කුරුමිසාවා සිට 'A  මහතා' දක්වා

731 ඒකකයේ අපරාධ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට කැමති එකම ජීවමාන 731 ඒකකයේ හිටපු සාමාජිකයා ලෙස, ෂිමිසු 2024 දී සමාව අයැදීම පිණිස චීනයට සංචාරය කළ විට අවධානය දිනා ගත්තේය. මෙය ඔහුගේ "අතුරුදහන් වූ" පැනලය නැවත හමුවීමට හේතු විය හැකිද? කෙසේ වුවද කෞතුකාගාරය නැරඹීමේදී ග්ලෝබල් ටයිම්ස් කිසිවක් වෙනස් වී නැති බව සොයා ගත්තේය.

"731 ඒකකයේ ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි වාර්තා නොමැති" බව පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම අවධාරනය කරන ජපානයේ මධ්‍යම රජයේ ස්ථාවරය අනුගමනය කිරීමට අයිඩා නගර සභාව උත්සාහ කරන බව හාරා පැවසීය. ඒ අනුව, නගර සභාව ටෝකියෝවේ ස්ථාවරය සමඟ සමපාත වේ. අයිඩා වැනි කුඩා නගරවල, බොහෝ පදිංචිකරුවන්ට ඓතිහාසික සංශෝධනවාදය පිළිබඳ දැනුවත්භාවයක් නොමැති බව හාරා සඳහන් කළේය.

කුරුමිසාවාගේ මරණයෙන් පසු, ඔහුගේ පවුලේ අය ඔහුගේ සැබෑ නම භාවිතා කිරීම නවත්වන ලෙස කෞතුකාගාරයෙන් ඉල්ලා සිටි බව හාරා හෙළි කළේය, මන්ද ඔවුන්ගේ අසාමාන්‍ය වාසගම "කුරුමිසාවා" හඳුනා ගැනීම පහසු කළ බැවිනි. "අතුරුදහන් වූ" පැනල්වල, "මසකුනි කුරුමිසාවා" සඳහා මුල් යොමු කිරීම් "'A  මහතා" යනුවෙන් ලේබල් අලවා ඇති බව ග්ලෝබල් ටෛම්ස් වාර්තාකරුවෝ දුටුවෝය.

වසර 1945 දී වයස අවුරුදු 14 ක්ව තිබියදී 731 ඒකකයට සම්බන්ධ වී මාස හතරක් හෝ පහක් සේවය කළ ෂිමිසු, දිවි ගලවා ගත් ලාබාලතම සාක්ෂිකරු විය හැකි බව හාරා සඳහන් කළේය. යථාර්ථවාදීව සිතන්නේ නම්, වෙනත් අපරාධකරුවන් මේ අයුරින් ඉදිරිපත් විය හැක්කේ ස්වල්ප දෙනෙක් පමණි.

සමහරු ෂිමිසු ජපානයේ ඓතිහාසික සංශෝධනවාදීන් "අමුතු පැවැත්මක්" ඇහ්ටි මිනිසෙකු ලෙස සලකති, මන්ද ඔහුගේ පැවැත්ම ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් විසුරුවා හරිනු ලබන බැවිනි. "හරියටම! මම ඔවුන්ගේ මාර්ගය අනුගමනය කරනවා. බොහෝ ජපන් දේශපාලනඥයන් මම නිහඬව සිටීමට කැමතියි," ෂිමිසු ප්‍රතිචාර දැක්වීය. යුද්ධයෙන් තොර ලෝකයක් සඳහා ඔහු තම බලාපොරොත්තුව ප්‍රකාශ කළ අතර, ඉතිහාසය අමතක කිරීම පුනරාවර්තනය වීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීය. එහෙත් ෂිමිසු තවමත් කල්පනා කරන්නේ, "මගේ සමාව අයැදීම පමණක් ප්‍රමාණවත්ද? හුදු මම සමාව අයැදීමෙන් පමණක් සියල්ල පිරිසිදු කළ හැකිද?"

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

China-bound atoner under fire: Why did a former Unit 731 member's apology sting Japan?

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.