SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
රටේ ගැටලු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් එක් කරගත් පුළුල් පොදු පෙරමුණක් සහිතව කටයුතු කළ යුතු යැයි පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම ඉල්ලා සිටියද, එම සාධාරණ ඉල්ලීමට නායකත්වයෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැති බවත් පැවසේ.
පක්ෂ නායකත්වයේ මෙම උදාසීන පිළිවෙත කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත් වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන අශෝක අබේසිංහ මහතා පසුගියදා පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ මෙම මතභේදයේ ප්‍රතිඵලයක් වශයෙන් බවත් සඳහන්.
මීට අමතරව, පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දිය යුතු බවට පක්ෂ නායකත්වය විසින් මෑතකදී ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශය ද පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තවදුරටත් උග්‍ර වීමට හේතු වී ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාතික ආරක්ෂාව වැනි සංවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට ප්‍රථමයෙන් පක්ෂයේ කාරක සභාව, කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි මන්ත්‍රීවරු නායකත්වයට චෝදනා කරති.
එබැවින්, ජාතික ගැටලු හමුවේ පක්ෂය මීට වඩා සක්‍රීයව සහ වගකීම් සහගතව මැදිහත් විය යුතු බවට මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට දැඩිව පෙන්වා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..