News Category
From Date
To Date
Maximum Number of Result

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

බ්‍රිතාන්‍ය රජය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීම කිසිදු තේරුමක් ඇති ක්‍රියාවක් නොවන බවයි.

අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව අදාළ සහතික දරන තායිවාන ස්වදේශිකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂාව ප්‍රධාන භූමියේ බලධාරීන් දැඩි ලෙස ආරක්ෂා කරන බව චීන රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද(26) පැවසීය.

ශ්‍රී ලංකා හමුදා නායකයින් තිදෙනෙකුට සහ නැගෙනහිර පළාතේ එල්ටීටීඊ හමුදා අංශයේ නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණයට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිචාර දක්වමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපද තැරැව්කාර මැදිහත්ව රුසියාව සහ යුක්රේනය අතර ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමයකට යටත්ව ක්‍රෙම්ලිනය බලශක්ති පහසුකම් පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි විසින් හිටපු සන්නද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතූළු හතර දෙනෙකුට සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්ම ශ්‍රී මහතාගෙන් අදහස් විමසා සිටියා.

කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. රක්ෂිත

අපේ රටේ සාමය උදාකරලීමට ප්‍රමුඛවම දායක වූ රණවිරුවන් පිරිසකට සම්බාධාක පැනවීමට ක්‍රියා කිරීම සාමයට අකුල් හෙලීම්ක් සහ ත්‍රස්තවාදයට අනුබලදීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.


දේශීය පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පුංචි ඡන්දයෙන් මාලිමාව පසුබෑමක..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.