News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම සදහා මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නුගේගොඩ, මිරිහාන පොලිස් ක්‍රීඩාංගනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑ බවයි.

පසුගිය 21 වැනි දින උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා පැවැත් වූ රැස්වීමක දී ලබන (2024) ජනවාරියේ දී සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහා පනත සම්මත කරන බවට ජනාධිපති විසින් පොරොන්දුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

උත්සව සමයේ බීළුණු මිල වෙළඳපොලේ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට බී ළුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් පමණ වෙයි.

“සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලුදෙනාම එක්ව මේ රට හදමු!” යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවත් එසේම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග ඒ අවස්ථාව ජාතිවාත්සල්‍යයෙන් තොර කිසිදු අපේක්ෂකයෙකුට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසන්නේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීම සඳහා ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ වනවිටත් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වසර ගණනාවක සිට උත්සාහ දරමින් සිටි මේ රටේ සම්පත්, ලෝක ඒකාධිකාරී මහාපරිමාණ ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ සැලසුම් වර්තමාන ආණ්ඩුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මෙරට ජනමාධ්‍ය මෙම කටයුතු වැළැක්වීමට හා මේ පිළිබඳව රට තුළ සාකච්ඡාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

2024 වසරේ මෙරට ආර්ථික අර්බූදය බරපතළ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවයි.


දේශීය පුවත්

ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන තවදුරටත් ඉහළට..

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

දිවිනසාගත් පාසල් දැරියට සාධාරණයක් ඉටුවේවි ද? - ඇගමැති හරිනිටත්, ඇමති පෝල්රාජ්ටත් අහන්නම වටින කතාවක් (වීඩියෝ)

ගුරුවරයකුගේ ලංගික අතවරයට ලක්ව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියගේ හඩට ඇය දිවිනසා ගන්නට පෙර කිසිවෙකු ඇහුන්කන් දීමට උත්සාහ කර නැති බවත්, ගුරුවරියක් ලෙස තමන් මෙම දැරියට සිදුවූ අපරාධය පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් රූපවාහිනී සාකච්ඡාවක දී එක්තරා ගුරුවරියක් විසින් පවසයි.

ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 8 දක්වා ඉහළට..

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පෝට් සිටියේ ආයෝජකයන්ට ලබාදෙන සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වලා..

ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.