ආර්ථික අර්බුදයක අවදානමක්.. - ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් අනතුරු අඟවයි
පසුගිය කාලයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදවලින් මිදී ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නමුත්, එවන් තත්ත්වයක් නැවත ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාව වර්තමානය වන විට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව පෙන්වාදෙන එම වාර්තාව මගින්, මෙකී අවදානම හේතුවෙන් දැන් අත්කරගනිමින් පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය දිගටම පවත්වාගෙන යා යුතු බවත් රාජ්‍ය ධාරිතාවය පිළිබඳ විශේෂ අවධානයක් සහිතව ආර්ථික වර්ධන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බවටත් නිර්දේශ කර ඇත.
“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” මැයෙන් ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ අනුග්‍රහය යටතේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහ බැංකුවේ වත්මන් සහකාර අධිපතිවරයකු වන ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි ඉවට් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න ඇතුළු ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් මේ වාර්තාව සකසා ඇත.
ඇස්තමේන්තුගත දරිද්‍රතාව, 2024 වසරේ දී ජනගහනයෙන් හතරෙන් එකක් (සියයට 25 ක්) තරම් වන අතර, එම අගය 2021 ට සාපේක්ෂව දෙගුණයක් තරම් ඉහළ අගයක් ගනී. දරිද්‍රතාව අඩු කරගැනීමේ ජයග්‍රහණයන් ආර්ථික අර්බුදය අතරතුර ආපසු හැරවුණු බවත්, ශ්‍රී ලංකාව 2000 දශකයේ මුල් භාගයේ පැවති ඉහළ දරිද්‍රතා මට්ටම් කරා ආපසු ගෙන ගොස් ඇති බවත් එහි දැක්වේ.
තවත් වේදනාකාරී ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සහ ඉහළ යන දරිද්‍රතාව වළක්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. වෙළෙඳ යුද්ධයක සහ අඳුරු ගෝලීය ආර්ථික තත්ත්වයක් පිළිබඳ අවදානම වැඩිවන වාතාවරණයකදී ණය පීඩනයෙන් පෙළෙන ශ්‍රී ලංකා ආර්ථිකයට එමඟින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. හොඳම තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආර්ථික වර්ධනය සියයට 3 ක් විය හැකි අතර ප්‍රතිසංස්කරණ සිදුනොකරන්නේ නම් එයට වඩා පහළ අගයකට ඇද වැටිය හැකි බවටත්, එමෙන්ම දැනටමත් ඉහළ ගොස් ඇති දරිද්‍රතා මට්ටම් තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවටත් එම වාර්තාව මගින් අනතුරු අඟවා ඇත.
2023 වසරේ ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයට ගෞරවය හිමිවිය යුතු බවත් මෙය අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති අනුකූලතාව සඳහා පදනම සපයන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්