ආර්ථික අර්බුදයක අවදානමක්.. - ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් අනතුරු අඟවයි
පසුගිය කාලයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදවලින් මිදී ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නමුත්, එවන් තත්ත්වයක් නැවත ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාව වර්තමානය වන විට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව පෙන්වාදෙන එම වාර්තාව මගින්, මෙකී අවදානම හේතුවෙන් දැන් අත්කරගනිමින් පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය දිගටම පවත්වාගෙන යා යුතු බවත් රාජ්‍ය ධාරිතාවය පිළිබඳ විශේෂ අවධානයක් සහිතව ආර්ථික වර්ධන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බවටත් නිර්දේශ කර ඇත.
“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” මැයෙන් ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ අනුග්‍රහය යටතේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහ බැංකුවේ වත්මන් සහකාර අධිපතිවරයකු වන ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි ඉවට් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න ඇතුළු ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් මේ වාර්තාව සකසා ඇත.
ඇස්තමේන්තුගත දරිද්‍රතාව, 2024 වසරේ දී ජනගහනයෙන් හතරෙන් එකක් (සියයට 25 ක්) තරම් වන අතර, එම අගය 2021 ට සාපේක්ෂව දෙගුණයක් තරම් ඉහළ අගයක් ගනී. දරිද්‍රතාව අඩු කරගැනීමේ ජයග්‍රහණයන් ආර්ථික අර්බුදය අතරතුර ආපසු හැරවුණු බවත්, ශ්‍රී ලංකාව 2000 දශකයේ මුල් භාගයේ පැවති ඉහළ දරිද්‍රතා මට්ටම් කරා ආපසු ගෙන ගොස් ඇති බවත් එහි දැක්වේ.
තවත් වේදනාකාරී ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සහ ඉහළ යන දරිද්‍රතාව වළක්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. වෙළෙඳ යුද්ධයක සහ අඳුරු ගෝලීය ආර්ථික තත්ත්වයක් පිළිබඳ අවදානම වැඩිවන වාතාවරණයකදී ණය පීඩනයෙන් පෙළෙන ශ්‍රී ලංකා ආර්ථිකයට එමඟින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. හොඳම තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආර්ථික වර්ධනය සියයට 3 ක් විය හැකි අතර ප්‍රතිසංස්කරණ සිදුනොකරන්නේ නම් එයට වඩා පහළ අගයකට ඇද වැටිය හැකි බවටත්, එමෙන්ම දැනටමත් ඉහළ ගොස් ඇති දරිද්‍රතා මට්ටම් තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවටත් එම වාර්තාව මගින් අනතුරු අඟවා ඇත.
2023 වසරේ ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයට ගෞරවය හිමිවිය යුතු බවත් මෙය අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති අනුකූලතාව සඳහා පදනම සපයන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..