News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මළගම ඩීසල්, ගල්අඟුරු මාෆියාව සමග එකතුවී නිර්මාණය කර ඇති බවත්, පසුගිය දා විදුලිබල පනත සංශෝධන කිරීමට ආණ්ඩුව විසින් දූෂිත ක්‍රියාමාර්ගයකට එළඹුනු බවත් පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම අබේවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය විදුලි පනතට සිදු කර ඇති සංශෝධන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රධාන ආධාරකරුවන් තිදෙනා ඔවුන්ගේ දැඩි ස්ථාවරය ප්‍රකාශ කරමින්, සුභපාලනය, තරඟකාරී ප්‍රසම්පාදනය, නියාමන ස්වාධීනත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මෙම පියවර නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් පාවාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව හදිසියේම කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන කම්කරු නීතියට බරපතළ සංශෝධනයක් ගෙන ඒමට යන බව ජන අරගල සන්ධානයේ විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් කරන්නැයි ඉල්ලා ජාතක නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ලිපියක් බාරදී තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත.

ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ලිපියක් භාරදීම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් ඊයේ(24) දින සිදුකරන ලදී.

මැදපෙරදිග සහ පර්සියානු ගල්ෆ් කලාපයේ උණුසුම්කාරී තත්ත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් නසීර්සාදී සහ ඔහුගේ රුසියානු සහචරයා ඊයේ(23) රාත්‍රියේ කරනු ලැබූ දුරකථන සාකච්ඡාවකදී "ආක්‍රමණිකයන්ට" එරෙහිව දෙරටෙහි උපායමාර්ගික පෙළගැස්ම තහවුරු කළ බවත්, ඉරානයේ ස්වෛරීභාවයට මෑත කාලීනව එල්ල කළ ප්‍රහාර සඳහා වගකිව යුතු අයට දඬුවම් කිරීමට සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී ඇතැයි ටෙහෙරාන් ටෛම්ස් පුවත් පත පවසයි.


දේශීය පුවත්

22 සංශෝධනයට එරෙහිව නඩු දමන්න යයි..

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති නාමකරණ ක්‍රියාවලියට චීනයේ විරෝධය..

මතභේදයට තුඩු දී තිබෙන දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී නතර කරලා.. - පූජ්‍ය අක්මීමන දයාරතන හිමිගෙන් අනාවරණයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

නීතිඥ සංගමය සහ ජනපති අනුර අතර හෙට විශේෂ සාකච්ඡාවක්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට (BASL) හෙට ප.ව. 1ට සාකච්ඡාවක් ලබාදී තිබේ.

සමාව ඉල්ලන්නේ නෑ.. ප්‍රකාශය ගැන සාගරගෙන් කනගාටුව විතරයි..

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා අපැහැදිලි බව පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

මහර – මීගමුව හිරගෙවල්වලට වුණු හානිය තාමත් ගණන් බලනවා.. – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

මහර සහ මීගමුව බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි දේපළවලට සිදුකර ඇති හානිය තවමත් ගණනය කරමින් සිටින බව බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ඊයේ (10 දා) පැවසීය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.