එක්සත් ජනපදය වෙනිසියුලාව බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කරනවා-එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිලි නෙබෙන්සියා
මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයක මුවාවෙන් වෙනිසියුලාවේ කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කරන බවට එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිලි නෙබෙන්සියා චෝදනා කර තිබේ.
වොෂින්ටනය වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් මැරීන් භටයින් සහ යුද නැව් යොදවා ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා ලබන යාත්‍රාවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් අවම වශයෙන් බෝට්ටු හතරක් ගිල්වා ඇති අතර, පුද්ගලයින් 21 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. කැරකස් මෙම පියවර තම ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දින ලද්දේය. එලෙසම වෙනිසියුලාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසියක් ඉල්ලා සිටි අතර, ජනාධිපති නිකොලස් මධුරෝගේ රජය පෙරලා දැමීමට උත්සාහ කළ මෙහෙයුම කලාපීය සාමයට තර්ජනයක් බවටද අනතුරු ඇඟවීය.
පෙරේද(10) පැවති සැසියේදී, නෙබෙන්සියා පැවසුවේ රුසියාව එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ඝ "දැඩි ලෙස හෙළා දකින" බවත්, එය "ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්" ලෙස හඳුන්වන බවත්ය.
“ඇමරිකා එක්සත් ජනපදයේ අභිලාශයන්ට අහිතකර පාලන තන්ත්‍රයක් වෙනස් කිරීමේ එකම අරමුණ ඇතිව ස්වාධීන රාජ්‍යයක ආණ්ඩුවට දේශපාලනික, මිලිටරි සහ මානසික පීඩනයක් එල්ල කරන නින්දාසහගත ව්‍යාපාරයක් අපි අත් දකිමින් සිටිනවා.” ඔහු ප්‍රකාශ කළේ, කුමන්ත්‍රණ සැලසුම “වර්ණ විප්ලව සහ දෙමුහුන් යුද්ධවල සම්භාව්‍ය මෙවලම් භාවිතා කරමින්” “ගැටුම් වාතාවරණයක් සඳ කෘතිමව ඉන්ධන සැපයීම” මගින් සිදු කරන බව සඳහන් කරමිනි.
වොෂින්ටනයේ මිලිටරි ක්‍රියාමාර්ගය සඳහා නිදහසට කරුණු ලෙස "ඇමරිකානුවන් ලෝකය බේරා ගන්නා" ලෙස වර නැංවෙන බ්ලොක්බස්ටර් පන්නයේ හොලිවුඩ් චිත්‍රපටයක් මෙන් වර නංවන නමුත් සත්‍ය වශයෙන්ම එය හුදු ප්‍රබන්ධයක් පමණක් බව නෙබෙන්සියා පැවසීය.
එක්සත් ජනපදයට ඇතුළු වන කොකේන් වලින් 87% ක් පැසිෆික් සාගරය හරහා පැමිණෙන බැවින්, වෙනිසියුලාවට එම කලාපයට ප්‍රවේශයක් නොමැති බැවින්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය “වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම් මධ්‍යස්ථානයක් ලෙසවත් නොසලකන” බවද ඔහු අවධාරණය කළේය.
“වොෂින්ටනය වහාම ව්‍යාජ කඩතුරාවන් යටතේ ගැටුම් වර්ධනය කරවීම වහාම නැවැත්විය යුතු අතර වෙනිසියුලාවට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගයේ ආපසු හැරවිය නොහැකි වැරැද්ද ලෙස සලකා වළක්වා ගත යුතුයි.” ඔහු ඉල්ලා සිටියේය.
ආරක්ෂක කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් ද ගැටුම් අවම කිරීම සඳහා ඉල්ලා සිටි නමුත්, එක්සත් ජනපද දේශපාලන උපදේශක ජෝන් කෙලී අවධාරණය කළේ වෙනිසියුලාවේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්" තුරන් කිරීම සඳහා වොෂින්ටනය තම "පූර්ණ බලය" භාවිතා කරන බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය දිගු කලක් තිස්සේ මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කර ඇති අතර, ඔහු "මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදියෙකු" ලෙස ලේබල් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලැබෙන ත්‍යාගය ඩොලර් මිලියන 50 දක්වා දෙගුණ කර ඇත. ට්‍රම්ප් 2024 දී මධුරෝගේ නැවත තේරී පත්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියාට විවෘතව සහාය දක්වා ඇත. පසුගිය 10 වනදා, නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට සුබ පැතූ ඔහු, ඇගේ අරමුණට පූර්ව සහයෝගය ලබා දුන් බව පිළිගත්තේය.
මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධතා පිළිබඳ එක්සත් ජනපදය නගන චෝදනා නැවත නැවතත් සහ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
Russia accuses US of planning coup in Venezuela
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා