News Category
From Date
To Date
Maximum Number of Result

පොලිසියට දුන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම වරදක්.. - විමල්ගෙන් චෝදනා..

Oct 11, 2025 at 07:39 PM
|

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින්, පොලිස් පරීක්ෂණයකට අදාළව තමන් දුන් ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි ක්‍රියාකාරීත්වයට දැඩි විවේචනයක් එල්ල කළේය.

වීරවංශ මහතා සඳහන් කළේ, පොලීසිය විසින් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් එලෙස ප්‍රසිද්ධියට පත් කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවයි.

නීතිඥයෙකු මාර්ගයෙන් හෝ අධිකරණ නියෝගයක් අනුව මිස, පරීක්ෂණයකට අදාළව ලබා දෙන ප්‍රකාශයක පිටපතක් අදාළ පුද්ගලයාටවත් රිසි පරිදි ලබා ගැනීමට නොහැකි බවත්, එය රහස්‍යභාවය සහිතව තබා ගැනීමේ වැදගත්කම ඉන් තහවුරු වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(3) වගන්තිය පරීක්ෂා කළහොත්, පරීක්ෂණයකට අදාළව පුද්ගලයෙකු විසින් දෙනු ලබන ප්‍රකාශයක් කොතරම් රහස්‍යභාවයකින් ආරක්ෂා කළ යුතුද යන්න මැනවින් තහවුරු වන බව හෙතෙම කීය. එලෙස ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම, පරීක්ෂණයේ නිරෝගී ක්‍රියාකාරීත්වයට බාධාවක් විය හැකි බව ද වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

පොලිස් දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කළ ආකාරය එය නොවන බවත්, අද වන විට මේ තියෙන්නේ ‘ශ්‍රී ලංකා පොලීසියද, ජේවීපී පොලීසියද’ යන ප්‍රශ්නය මතුව ඇති බවත් ඔහු පැවසීය.

වීරවංශ මහතාගේ ප්‍රකාශය වූයේ, තංගල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන කෙරෙන පරීක්ෂණයකට තමන්ව කැඳවූ නමුත්, එය එතරම් තදින් අදාළ වූවක් නොවූ අතර, තමාගෙන් ප්‍රකාශයක් ගනු ලැබුවේ එම පුද්ගලයා සහ දේශපාලන සම්බන්ධතා ගැන බවයි.

වර්තමාන පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව ජේවීපී පොලීසියක් බවට පත් කිරීමට කටයුතු කර තිබීම කොතරම් සාධාරණද යන්නත්, එය දෙපාර්තමේන්තුවේ ගරුත්වයට හානි කරන ක්‍රියාවක් බවත් ඔහු ප්‍රශ්න කළේය. ඔහු වැඩිදුරටත් චෝදනා කළේ පොලිස් මාධ්‍ය ඒකකය ජේවීපී මාධ්‍ය ඒකකයක් බවට පත් කර ඇති බවයි. පොලිස්පතිවරයා ආණ්ඩුවේ මර්දන ක්‍රියාකාරීත්වයේ ප්‍රධානියා බවට පත්ව ඇති බවත්, ඔහුගේ භාවිතාව වී ඇත්තේ ආණ්ඩුවෙන් ලැබෙන න්‍යාය පත්‍රයට අනුව පුද්ගලයන් දඩයම් කිරීම බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

ඔහු යෝජනා කළේ, පොලිස්පතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය රැකීමට නොහැකි නම්, ඔහු සතු නිල ඇඳුම වඩා සුදුසු කොස්තාපලවරයෙකුට ලබා දිය යුතු බවයි.

රටේ ජනගහනයෙන් 12.5%ක් දුප්පතුන් බවට පත් කර තිබියදී, රෝහල්වල බෙහෙත් නොමැති නිසා රෝගීන් මිය යන වටපිටාවක, රජය මෙම දේශපාලන දඩයම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව යොදා ගනිමින් “නිල්පාට බස් එකෙන් ගොඩ යන්න” උත්සාහ කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඔහු කියා සිටියේ, මෙම ක්‍රියාවෙන් විපක්ෂයේ කටවල් වට කරලා වැට බඳින්නට උත්සාහ කළත්, එය කිසිදා සිද්ධ කළ හැකි දෙයක් නොවන බවයි.

මෙම “අදූරදර්ශී” ක්‍රියාව පිළිබඳව පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා හෙටදින නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් වීරවංශ මහතා පැවසීය.

තමන් දුන් ප්‍රකාශයෙන් යමෙකුට අපහසයක් හෝ අගතියක් සිදුවී තිබේ නම්, එම පාර්ශ්වයට උසාවි යාමට හැකි බවත්, එවිට කරුණු කාරණා සහිතව සියල්ල ඔප්පු කර පෙන්වීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය. පොලීසියට තමන්ව උසාවි ගෙන යාමට නොහැකි බවත්, බොරු කීවා නම් පොලීසියට ඊට සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළ ඔහු, පොලීසිය ජේවීපීයට උළුප්පා දක්වන බවට චෝදනා කළේය.

මෑතකදී සිදු වූ කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, එය හිටපු අමාත්‍ය විමල් රත්නායක මහතා සතුව තිබූ වරාය හා ගුවන් සේවා කොටස ගලවා ගැනීම සඳහාම සිදු කළ සූක්ෂම ක්‍රියාවක් බවයි.

එම කැබිනට් සංශෝධනය රටේ සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, වරාය ආශ්‍රිතව තිබෙන යම්කිසි උවමනාවක් සපුරා ගැනීම සඳහා පහසුවෙන් කටයුතු කළ හැකි අමාත්‍යවරයෙකු යටතට අමාත්‍යාංශය පවරා දීමක් ලෙස එය පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අනෙකුත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට තනතුරු ලබා දුන්නේ ද එම “රෙපෙයාර්” එක කර ගැනීම සඳහා පාර කපා ගැනීම සඳහා බවට ඔහු විශ්වාසය පළ කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කැඳවීමක් පැවති නමුත්, උසාවි යාමට ඇති බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටීමෙන් පසුව, නැවත දැන්වීමක් ලැබුණේ නැති බවත්, තමන් යම් වරදක් කළ බවක් නොවන නමුත් වරදක් පැටවීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන වශයෙන් තර්ජනය කිරීමෙන් තමන් බිය ගැන්විය නොහැකි බව අවධාරණය කළ ඔහු, “නිල්පාට බස් එකෙන්” ගොඩ යන්නට උත්සාහ කරන අයට සිදු වන්නේ “රතුපාට බස් එක ප්‍රපාතයකට ඇද වැටෙන එක” බවට අනතුරු ඇඟවීය.

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.