News Category
From Date
To Date
Maximum Number of Result

නව වසරේ පළමු සතියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ යාපනය සංචාරයේ දී තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වලට 13 වැනි සංශෝධනය මගින් ලබාදී ඇති බලතල උපරිමයෙන් යොදාගනිමින් තම පළාත් සංවර්ධනය කළ යුතු බව හා ඊට මධ්‍යම රජය බාධා නොකරන බවත් සඳහන් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද [12] මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බවයි.

“අවලෝකිතේශ්වර“ ලෙස පෙනී සිටින පුද්ගලයා සිය කුඩා දරුවාද අපයෝජනයට ලක් කළ අයෙක් බවත්, අභිනිෂ්ක්‍රමණය කරනවා යැයි පවසමින් ඒම අපයෝජනය සිදුකර ඇති බවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනාවරණය කරති.

යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ දින ජාතික ඒකාග්‍රතාවය සහ ප්‍රතිසන්ධාන කාර් යාල පනතට විරුද්ධ වීමේ රහස පිළිබඳව ලංකා ලීඩර් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයකට එළඹී ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.