News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබඳ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව වාර්තා ෙව්.

මෙරටේ ඇති සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් පරීක්ෂාවට ලක් කර එම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන්ම ආදායම් බදුවලට යටත් කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂඥන් පිරිසක් ඉල්ලා ඇත.

මහා සංඝරත්නයට සහ රටේ සමාජ සංස්ථාවට දිගින් දිගටම සිදුවන පහර දීම දීර්ඝ කාලීන න්‍යායපත්‍රයකට අනුව සිදුවන බවත්, රටේ පවතින අර්බුදය මැද එය උච්චම තැනට ගෙනවිත් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මෙරට කුඩා ආර්ථිකය ඉදිරි දශක කිහිපය තුළ ලොව බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමේ දැක්ම සහිත නායකත්වයක් අද රට ඉල්ලා සිටින බවත් එසේම "ලන්සි -පැපොල්" වර්ගයේ හෝ "කයිවාරු" පන්නයේ නායකත්වයන්ට රට හමුවේ වන අභියෝගය ජයගත නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව ඇතමුන් පවසන බවත්, ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ විප්ලවයෙන් පසු හවානා නුවර ආපණශාලාවක කෑම ගනිමින් සිටිය දී කියුබාවේ ගණිකා වෘත්තිය නැති කරන බව පවසද්දී කැස්ත්‍රෝට වසදීමට සූදානම්ව සිටි ආපන ශාලාවේ සේවකයකු එම කතාව අසා කැස්ත්‍රෝට වස දීමෙන් වැළකී සිටි බවත්, ලෝකයේ සිදුවූ බලපෙරළිවලින් සිදු කළේ ගණිකා වෘත්තිය වැනි දේ නැති කිරීම මිස නීතිගත කිරීම නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.

නුවර පෙරහර කිසිසේත්ම වෙනස් කිරීමට තමන් ඉතා අකැමැති බවත්, නුවර පෙරහරට අයත් ඓයිතිහාසික සම්ප්‍රදායෙන් එලෙසම පැවතිය යුතු බවත් විදේශිකයන් මෙන්ම දේශීය පුද්ගලයන්ද එම නැරඹීහට පැමිණෙන්නේ එවිට බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේ. ඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

2015 සිට මෙරට යුද්ධය අවසන් කළ වීරෝධාර රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වූ බවත්, ඒ සඳහා 30/1 නමින් යෝජනාවක් ගෙන ආ බව හා මේවන විටත් රණවිරුවන්ට හා රටේ ඒකීය භාවයට එරෙහිව පනත 7ක් මෙරට සම්මත වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.