LGBTQ පිරිස් එක්ක මං කතා කළා.. කැබිනට් එක තීන්දුවක් ගනී.. පනත ගේන වෙලාව හෝ දවස කියන්න බැහැ - ඇමති හර්ෂණ නානායක්කාර
දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය රජය සතු වුවත්, ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් තවමත් සකස් කර නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් කියා සිටියේය.
පනත ගෙන ඒමේ කාලය තීරණය කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසින් බවද ඒ මහතා අවධාරණය කළේය.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කරන බවයි.
මෙම වගන්ති හරහා සමලංගික සම්බන්ධතා නීතිය හමුවේ අපරාධමය වරදක් වී ඇති බවත්, මෙම නීති බ්‍රිතාන්‍ය වික්ටෝරියානු යුගයෙන් මෙරටට ආ නීතියක් මිස අපේ රටෙන් ආ නීතියක් නොවන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයාට අනුව, රජයේ ප්‍රතිපත්තිය වන්නේ ස්ත්‍රී පුරුෂභාවය මත කිසිදු කෙනෙකු ආන්තිකකරණයකට ලක් නොවිය යුතු බවයි. මෙම ප්‍රතිපත්තිය මුල සිටම පවතින අතර, සමරිසි සහ වෙනත් අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ද සමාජයේ කොටසක් ලෙස සලකන බව ඔහු පැවසීය.
දැනට බලයට පැමිණ මාස 12කට ආසන්න කාලයක් ගත වී ඇතත්, මෙම නීති සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් හෝ පියවරක් ගෙන නොමැති බව ඇමතිවරයා පිළිගත්තේය.
මෙම ප්‍රමාදයට හේතු දක්වමින් ඇමති නානායක්කාර මහතා පැවසුවේ, පනත ගෙන ඒමට පෙර මීට වඩා හොඳ සාධනීය සමාජ කතිකාවතක් නිර්මාණය විය යුතු බවයි. නීති ගෙන ආ යුත්තේ අඩුම ප්‍රතිරෝධයක් සහිතව ක්‍රියාත්මක වන පරිදි බවද ඔහු අවධාරණය කළේය.
තවද, ඔහු සඳහන් කළේ LGBTQ කණ්ඩායම් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (රයිට්ස් කමිෂන්) නියෝජිතයන්ද මේ පිළිබඳව තමා සමඟ සාකච්ඡා කර ඇති බවයි.
පනත ගෙන එන දිනය පිළිබඳව නිශ්චිත පිළිතුරක් දීම අධිකරණ ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.
“පනත ගේන වෙලාව හෝ දවස මට කියන්න බැහැ,” යනුවෙන් ප්‍රකාශ කළ ඒ මහතා, එය කැබිනට් මණ්ඩලය සාමූහිකව තීරණය කළ යුතු කරුණක් බව පැවසීය.
කෙසේ වෙතත්, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති දේවල් ඉදිරි වසර හතර ඇතුළත සිදුකරන බවට රජය අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර කාල සටහනක් සකස් කළ හැකි බවත් ඇමති නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්