ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා මාලිමාව බලයට ආවා.. බලයට ආවට පස්සේ වෙන ගුණමකුවෝ වගේ මාලිමා ආණ්ඩුව ගොබෙල්ස්ව අමතක කලේ නෑ.. - උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
"ලබන මාසයේ මාලිමා ආණ්ඩුවේ නායකයින් පරණ අල්මාරියක මුල්ලක තිබෙන රතු කමිස, රතු සාරි, රතු තොප්පි එළියට අරගෙන ඉල් විරු සමරුව කියලා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සමරන්න නියමිතයි. රෝහණ විජේවිර මහතා ජවිපෙ නිර්මාතෘ වුණාට මාලිමාවේ නිර්මාතෘ නොවේ. මාලිමාව බලයට ආවේ විජේවීර කියා දුන්නු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමි ධනපති විරෝධී පාර දිගේ ගමන් කරලා නොවේ. අධිරාජ්‍ය විරෝධි අරගලය, අයිඑම්එෆ් විරෝධය, ඉන්දියානු විරෝධය, ඇමෙරිකානු විරෝධය, ධනපති විරෝධය වගේ විජේවීර සහෝදරයාගේ සටන් පාඨ පාවිච්චි කරලත් නොවේ. මාලිමාව බලයට ආවේ ඇමෙරිකානු විරෝධය වෙනුවට ජුලී චෑංග් නෝනාගේ සුවච කීකරු ගෝලයෙක් වෙලා. ඉන්දියානු විරෝධය වෙනුවට ඉන්දියාවට හීලෑ වුණු පූස් පැටියෙක් වෙලා. කෙටියෙන්ම කිව්වොත් මාලිමාවට බලයට එන්නවත් බලය පවත්වාගෙන යන්නවත් විජේවීර සහෝදරයා කරපු කෙංගෙඩියක් නෑ. මාලිමාව බලය ගත්තෙත් බලය පවත්වාගෙන යන්නෙත් විජේවීර සහෝදරයා කිව්ව දේවල් වලට විරුද්ධ දේවල් කරලා. ඒ නිසා බොරුවට රතු ඇඳගෙන ඉල් මහ විරු සමරුවක් කරලා විජේවීර ගුණ වයන මායාවක් කරලා රට රවටන්න අවශ්‍ය නෑ.
මාලිමා ආණ්ඩුවේ නිර්මාතෘ විජේවීර නොවේ නම් වෙන කවුද? ඒ තමයි ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස්. “එකම බොරුව සිය වරක් පවසන විට අසන්නාට මෙන්ම කියන්නාට ද එය ඇත්තක් මෙන් දැනෙනු ඇත” කියා කිව්වේ ඔන්න ඔය ගොබෙල්ස් තමයි. පසුව මේ න්‍යාය ගොබෙල්ස්වාදය කියා මුළු ලෝකයේම ජනප්‍රිය වුණා. ඔය ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා තමයි මාලිමාව බලයට ආවේ. රාජපක්ෂලා ඩොලර් බිලියන ගණනින් උගන්ඩාවේ හැංගුවා කියලා අවුරුදු දහයක් පුරාම කිව්වාම ජනතාව ඒක විශ්වාස කලා. චිචීගේ බල්ලාගේ කරේ පවුම් 90ක රන් මාලයක් තිබෙනවා කියලා අවුරුදු දහයක් පුරා කිව්වාම ජනතාව ඒක විශ්වාස කලා. බදු ඔක්කෝම අයින් කරලා වරායෙන් බාන මිලට තෙල් දෙන්නම් කියලා අවුරුදු ගණනාවක් කිව්වාම ජනතාව ඒකත් පුළුවන් කියලා විශ්වාස කලා.
බලයට පැමිණියාට පස්සේ වෙන ගුණමකුවෝ වගේ මාලිමා ආණ්ඩුව ගොබෙල්ස්ව අමතක කලේ නෑ. තමන්ට බොරුවක් කියන්න ඕනෑ වුණාම පාර්ලිමේන්තුවට ඇවිත් ඒක කියනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතාවක් කරන ගමන්. අගමැතිතුමිය අමාත්‍යාංශයේ දී පාසල් වලට දේශපාලකයින් ගෙන්වා ගන්න එපා කියලා චක්‍රලේඛ යවලා පාර්ලිමේන්තුවට ඇවිත් මම එහෙම කලේ නෑ කියලා ටොම් පච අත් හරිනවා. කතානායකතුමා විශ්වාස භංග විවාදය මග හරින්න පාර්ලිමේන්තුවට පච කියලා නොමග අරිනවා. සභානායකතුමා ව්‍යවස්ථා සභාවට බොරු කියලා නොමග යවලා තමන්ගේ කෙනාව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කර ගන්නවා. ඇමතිවරු අවුරුදු උත්සවයේ බොරු කීමේ තරගයේ ඉන්නවා වගේ තරගයට බොරු කියනවා. කෙටියෙන්ම කිව්වොත් ගොබෙල්ස් නැති නම් මේ ආණ්ඩුවත් නෑ.
ඒ නිසා ඉල්විරු දිනය අමතක කරලා මාලිමාව ගොබෙල්ස් දිනය සැමරිය යුතුයි. ගොබෙල්ස් සැමරුම කළ යුතු ගොබෙල්ස්ගේ උපන් දිනය වෙන්නේ ඔක්තෝම්බර් 29. ඔන්න ජනාධිපතිතුමනි, දවස් නවයක් කල් ඇතිව ඔබතුමාට දැනුම් දුන්නා. දැන් ඉතාම සැලසුම් සහගතව ගොබෙල්ස් සැමරුමක් පවත්වන්න මාලිමාවට පුළුවන්. තමන්ට ආණ්ඩුවක් ලබා දුන් ජෝසෆ් ගොබෙල්ස්ට උපරිම ගෞරවයක් දක්වන්න ඕනෑ නම් ජර්මනියට ගිහින්ම මේ උපහාර උලෙල පවත්වන්න පුළුවන්. ඔබතුමා මේ රටේ කොටි සමරන්න ඉඩ දුන්නත් ගොබෙල්ස් මැරිලා වසර අසූවක් ගියත් තවමත් ජර්මනියේ නට්සින් සමරන්න දෙන්නේ නෑ කියන පාඩමත් ඔබතුමාට ඉගෙන ගන්න පුළුවන්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්