කෝටි දෙදහසකට වැඩියෙන් නොගෙවන ලද අත්පත් කර ගැනීමට නොහැකිව පවතිනවා- සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය
බැංකු සහ මුල්‍ය ආයතන ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ උගස් කිරීම හේතුවෙන් මේ වන විට හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට වැඩි ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකිව පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ පවසයි.
ණය හෝ ලීසිං වාරික තිහක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැරි පුද්ගලයන් රැසක් විවිධ ප්‍රදේශවලින් හමුවී ඇතැයිද ඔහු පැවසීය.
කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙලෙස පැවසුවේය. මෙම හිඟ වාරික අයකර නොගතහොත් රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
පිළි ගත් ලියාපදිංචිය සහිත සංගම්වලට දේපළ අත්පත් කර ගැනීමට අවස්ථාව දෙන්නැයි මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
" රටේ මූල්‍ය පද්ධතිය රඳා පවතින්නේ හිඟ හෝ ණය වාරික නිසි වෙලාවට අයකර ගැනීම හෝ දේපළ නැවත අත්පත් කර ගැනීමේ සාර්ථකත්වය මතයි. අපි නීත්‍යානුකූල ලියාපදිංචි සංගමයක්. අපේ නිලධාරීන් විනය ගරුකයි. අපිට මේ වැඩේ බාධාවකින් තොරව කරගෙන යන්න ඉඩ දෙන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දේපළ අත්පත් කරගැනීමේ පැමිණිලි බාරගන්න. බාරගෙන අවශ්‍ය කටයුතු කරන්න. පැමිණිලි බාරගන්න බැහැ කිව්වොත් අධිකරණයට යෑමටද අපිට බලය තියෙනවා. නීතිඥයෙකු නමින් පෙනී සිටින ව්‍යාජ නීතිඥයෙකු අද පොලිසිවලට ගොස් දේපළ අත් පත් කර ගැනීමේ ක්‍රියාවලියට බාධා කරන තත්වයක් තියෙනවා. ඔහු නීතිඥයෙකු නොවන බව නීතිඥ සංගමය පවා අපිට දැනුම් දී තිබෙනවා. ණය නොගෙවන අය වෙනුවෙන් පෙනී සිට මූල්‍ය ආයතන කඩා වැට්ටවීම ඔහුගේ අරමුණයි.
එවැනි බොරුකාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.සිය දේපළවල ණය වාරික සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේනම් අප සංගමය අමතන්න. අපි ඒ සඳහා නොමිලේ සේවය සලසන්න සූදානම්. බොරුකාරයන්ට රැවටෙන්න එපා කියන එක අපි නැවත වතාවක් ඉල්ලනවා.” යනුවෙන් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්