පොලිස්පතිගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ කීර්ති නාමයට හානි කරන්න ආධාර කළැයි SDIG ට එරෙහිව CID විමර්ශන..
පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත සංවේදී තොරතුරු යූටියුබ් මාධ්‍යකරුවන්ට ලබාදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පහළින් ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යූටියුබ්කරුවන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන්ට උපදෙස් ලබා දෙන හඬපට රැසක් ද මේ වනවිට විමර්ශන නිලධාරීන් වෙත ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ද කර ඇති අතර විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ද කටයුතු කර ඇත.
යූටියුබ් මාධ්‍යවේදියකු වන විමල් ජයසේකර මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදුකරන ලදැයි කියන මෙම සැලසුම් පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.
පොලිස්පතිවරයාට සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති විකාශය කිරීම සම්බන්ධයෙන් තවත් යූටියුබ් මාධ්‍යකරුවකුගෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම මඩ ප්‍රචාර සිදුකළ බව කියන අදාළ පොලිස් නිලධාරියා යූටියුබ් මාධ්‍යවේදියකු සමග දුරකථන සංවාද කීපයක් පවත්වා ඇත.
ඒ අනුව අදාළ යූටියුබ් මාධ්‍යවේදීන් සමග ඔහු සිදු කළ ප්‍රකාශවලින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සහ පාතාලය මැඬලීමේ වැඩපිළිවෙළට විශාල හානියක් සිදුවන බව විමල් ජයසේකරට හැඟී ගොස් ඇත.
ඒ හේතුව නිසා බිමල් ජයසේකර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ යූටියුබ්කරුවන් අතර සිදුවූ හඬපට 12ක් පමණ පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්