අසීමිත-පරාසයක් ආවරණය කරන නව කෲස් මිසයිලයට ඕනෑම ගුවන් ආරක්ෂණ පද්ධතියක් මඟ හැරිය හැකියි - රුසියානු හමුදාව.
රුසියාව නිපදාව ඇති නවතම අසීමිත-පරාසයක් දක්වා පියාසර කළ හැකි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බුරෙවෙස්ට්නික් මිසයිලයට ඕනෑම මිසයිල ආරක්ෂණ පද්ධතියක් මඟ හැරිය හැකි බව මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වැලරි ජෙරසිමොව් මාධ්‍ය වෙත පැවසීය. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය 26 වනදා රුසියානු හමුදා අණදෙන මූලස්ථානයක කළ සංචාරයේදී මෙම ප්‍රකාශය කළේය.
යුක්රේන හමුදාව සමඟ කෙරෙන යුද ගැටුම තුළ ඉදිරි ආරක්ෂක වලල්ල ඔස්සේ වර්තමාන තත්ත්වය සහ රටේ උපායමාර්ගික න්‍යෂ්ටික බලවේග ඇතුළුව රුසියානු හමුදාවේ ප්‍රහාරාත්මක පුහුණු අභ්‍යාස පිළිබඳව රුසියානු ජනාධිපතිවරයාව දැනුවත් කිරීම වෙනුවන් ජෙරසිමොව් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් සමඟ පැවැත් වූ රැස්වීමෙන් අනතුරුඅව ජෙරසිමොව් මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වීය. ජෙරසිමොව්ට අනුව, බුරෙවෙස්ට්නික් මිසයිලයේ පරීක්ෂණ කටයුතු ඔක්තෝබර් 21 වන දින සිදු විය.
මිසයිලය කිලෝමීටර් 14,000 ක් ආවරණය කළ බහු කාලීන පියාසැරියක් සම්පූර්ණ කළ නමුත්, මෙය බුරෙවෙස්ට්නික් මිසයිලයේ පරාස සීමාව නොවන බව ඔහු අවධාරණය කළේය.
“බුරෙවෙස්ට්නික් මිසයිලයේ තාක්ෂණික ලක්ෂණ නිසා සහතික කළ නිරවද්‍යතාවයකින් ඕනෑම දුරකින් ඉහළ ආරක්ෂිත ඉලක්කවලට පහර දීමට හැකියාව තිබෙනවා.” ජෙරසිමොව් පැවසීය.
"පරීක්ෂණ පියාසැරිය අතරතුර, මිසයිලය සියලුම නම් කරන ලද සිරස් සහ තිරස් උපාමාරු සාර්ථකව සිදු කළ අතර, මිසයිල නාශක සහ ගුවන් ආරක්ෂක පද්ධති මග හැරීමේ එහි ප්‍රබල හැකියාව පෙන්නුම් කළා."
බුරෙවෙස්ට්නික් මිසයිලය යනු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන, අසීමිත දුර උපායමාර්ගික කෲස් මිසයිලයක් වන අතර එය ශක්තිමත් බංකර් ඇතුළු ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක විනාශ කිරීම සඳහා නිර්මාණය කර ඇත. එය සාම්ප්‍රදායික රේඩාර් මගින් හඳුනාගත නොහැකි අතර දියත් කිරීමේ සහ ත්වරණ අදියරවලදී විශේෂිත අභ්‍යවකාශ යානා මගින් පමණක් නිරීක්ෂණය කළ හැකිය.
පුටින් මුලින්ම මිසයිලයේ සංවර්ධනය සම්බන්ධයෙන් හෙළි කළේ 2018 දී ය. මිසයිලය බැලස්ටික් ගමන් පථයක් අනුගමනය නොකරන වෙනත් ආකාරයක මිසයිලයක් වන අතර මෙතෙක් පවතින මිසයිල ආරක්ෂක පද්ධති වලින් ගැලවී යා හැකිය. මිසයිලය අසීමිත පියාසර පරාසයක් තුළ දින නියමයක් නොමැතිව පියාසර කළ හැකි බව පුටින් සඳහන් කළේය. බුරෙවෙස්ට්නික් මිසයිලය "ලෝකයේ වෙනත් කිසිදු ජාතියක් සතුව නොමැති අද්විතීය නිෂ්පාදනයක්" බව නැවත අවධාරණය කළ අතර, එය සටන් සඳහා භාවිත කිරීමට පෙර තවත් බොහෝ දේ වැඩිදියුණු ක්‍රීමට ඉතිරිව ඇති බව අවධාරණය කළේය.
"මෙම නව පද්ධතිය අයත් වන්නේ කුමන වර්ගයේ ආයුධයකටද යන්න අපි වඩාත් හොඳින් නිර්වචනය කළ යුතු අතර, භාවිතා කළ හැකි ක්‍රම තීරණය කළ යුතු අතර, අපගේ සන්නද්ධ හමුදා තුළ එය යෙදවීම සඳහා යටිතල පහසුකම් සකස් කිරීම ආරම්භ කළ යුතුය," පුටින් පැවසීය. මිසයිලය සඳහා වූ සියලුම ප්‍රධාන අත්හදා බැලීමේ අරමුණු දැන් සාක්ෂාත් කරගෙන ඇති බව ඔහු පැවසීය.
New unlimited-range cruise missile can bypass air defenses – Russian military
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා