News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව අද දිනයේත් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ සමගි ජන බලවේගය විසින් පසුගියදා පවත්වන ලද විරෝධතාවය පිළිබඳව එහි සභාපති සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බවයි.

දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද(01) සවස 5.00 ට පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වෙන බව වාර්තා වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසා තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඉන්දියාවේ MDMK පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ රාජ්‍ය සභා මන්ත්‍රී වයිකෝ එරට ආරක්ෂක ඇමැති රාජ්නාත් සිංගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර පැවති සර්ව පාක්ෂික රැස්වීමක් අමතමින් පවසා ඇත්තේ, චීනය හම්බන්තොට වරායක් ඉදිකර ඇති බැවින් චීනයෙන් රටට එල්ල වන තර්ජනය මුලින්ම දකුණින් මතුවන බව ඉන්දීය රජය වටහාගත යුතු බවයි.

ඕස්ට්‍රේලියාව වාර්ගික ගැටුම් නිර්මාණය කරගැනීමේ රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ උවමනාවෙන් ක්‍රියාත්මක වන පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නව නාසි ප්‍රවණතා ඉහළ යමින් පවතින බව වාර්තා වේ.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.