News Category
From Date
To Date
Maximum Number of Result

චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ.

ලෝකය චීනයට බිය විය යුතුද? මෙය සමහර බටහිර දේශපාලනඥයන්ගේ මනසෙහි රැඳී ඇති ප්‍රශ්නයක් වන අතර ජන මාධ්‍ය වරින් වර අවධානයට ලක් කිරීමට උත්සුක වන ප්‍රශ්නයකි. සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ෂෝ බෝ (චෞ), මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ නව ග්‍රන්ථයේ මාතෘකාව කර ගෙන ඇති අතර, ඔහුගේ රචනා එකතුවක් හරහා එම ප්‍රශ්නයට පිළිතුරු සපයන අතරම, වත්මන් චීනයේ ජගත් භූමිකාව පිළිබඳ චීනයේම දැක්ම හෙළි කරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ යුක්රේන බුද්ධි නිලධාරියෙකු 10 වනදා කියෙව්හිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පුද්ගලයා මීට පෙර CIA සංවිධානයට සම්බන්ධ විශේෂ මෙහෙයුම් ඒකකයක කොටසක සමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් වූ අතර මෑතකදී යුක්රේන රුසියානු ගැටුමේදී "අළු කලාප" ලෙස යුද්ද ශබ්ධ කෝෂයේ හඳුන්වන මෙහෙයුම් වලට නායකත්වය ලබා දුන් අයෙකි.

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැළකෙන රුපියල් බිලියන 3.9 ‘වැට් බදු’ මුදල් වංචාව සිදුකළ විත්තිකාර ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තහවුරු කළේය.

පසුගිය ජූලි 9 වන බදාදා පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව කියුබාව යාවත්කාලීන කළේය.

මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර හදන බවක් තමන් ප්‍රකාශ නොකළ බව විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටු ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ වර්ග 113 න් ඖෂධ වර්ග 43ක් මෙරට නිෂ්පාදනය බවත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා යැයි පොරොන්දු ආණ්ඩුව කටයුතු කරන ආකාරය පුදුමසහගත බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (10) පැවසීය.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය.

එක්සත් ජනපදය සඳහා මෙරටින් කරන අපනයනය කරන ඇඟලුම් සඳහා 30%ට වඩා අඩු තීරුබදු අනුපාතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, එය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට අර්බුදයක් වියහැකි බව එම අංශයේ කර්මාන්ත ආයතන අනතුරු අඟවා තිබේ.


දේශීය පුවත්

විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී නතර කරලා.. - පූජ්‍ය අක්මීමන දයාරතන හිමිගෙන් අනාවරණයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

නීතිඥ සංගමය සහ ජනපති අනුර අතර හෙට විශේෂ සාකච්ඡාවක්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට (BASL) හෙට ප.ව. 1ට සාකච්ඡාවක් ලබාදී තිබේ.

සමාව ඉල්ලන්නේ නෑ.. ප්‍රකාශය ගැන සාගරගෙන් කනගාටුව විතරයි..

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා අපැහැදිලි බව පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

මහර – මීගමුව හිරගෙවල්වලට වුණු හානිය තාමත් ගණන් බලනවා.. – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

මහර සහ මීගමුව බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි දේපළවලට සිදුකර ඇති හානිය තවමත් ගණනය කරමින් සිටින බව බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ඊයේ (10 දා) පැවසීය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය..

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සංකල්පවලින් ඔබ්බට ගොස් මුළු මහත් ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට දැඩි තර්ජනයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.

විනිසුරු වයස ගැන මහනාහිමිවරු ජනපතිට යැවූ ලිපියක් ගැන මං දැනුවත් නෑ..- අධිකරණ ඇමති

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.