News Category
From Date
To Date
Maximum Number of Result

රටේ දරුවන් නිකමුන් බවට පත් කරන්න අගමැති හරිනි කුමන්ත්‍රණයක.. මාලිමා ආණ්ඩුවේ “විකාර රූපී” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ “දිත්වා” ආපදාවටත් වඩා භයානකයි.. - ජයන්ත සමරවීර

Dec 17, 2025 at 04:10 PM
|

වර්තමානයේ රට සහ රටේ ජනතාව “දිට්වා ආපදාවට” මුහුණ දෙමින් ඉතා අසීරුවෙන් එයින් ගොඩ ඒමට වෙහෙසෙමින් සිටියදී, ආපදා තත්ත්වය මත පාසැල් සියල්ල වසා දමා ඇති පසුබිමක “ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක” මුවාවෙන් වත්මන් රජය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රමය විනාශ කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර චෝදනා කරයි. 

ලබන ජනවාරි මාසයේ සිට 6 වසරෙන් පටන් ගෙන දරුවන්ට “පෙළ පොත් අහෝසි” කරමින්, ඒ වෙනුවට “මොඩියුල” කියා අවිද්‍යාත්මක, කඩිමුඩියේ සාදාගත් ක්‍රමවේද හඳුන්වා දෙමින්, 6 වසරේ සිට දරුවන්ට ඉදිරියට ඇති “වාර විභාග 18ක් අහෝසි” කරමින් “පුද්ගලාබද්ධ ඇගයීම් හා ගුරුවරුන්ගේ අභිමතය පරිදි” ලකුණු ලබාදෙන “අසාධාරණ ක්‍රමවේදයක්” හඳුන්වා දෙමින් මේ රජය අධ්‍යාපන ඇමතිවරිය වන අගමැතිනී හරිනි අමරසූරිය යටතේ “අනාගත පරපුර විනාශ කිරීමේ කුමන්ත්‍රණය” ක්‍රියාත්මක කරන බව සමරවීර මහතා පැවසූයේ 17 වනදා බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් මාධ්‍යවේදීන් ඉදිරියේ කරුණු පැහැදිලි කරමිනි....

මාලිමා ආණ්ඩුව විසින් 2026 ජනවාරි මාසයේ සිට 6 වන ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව වහාම අත්හිටුවන ලෙස ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ “මෙම ප්‍රතිසංස්කරණ දිට්වා ආපදාවටත් වඩා මහා භයානක ආපදාවකට” රටේ දරු පරම්පරාව ලක් කිරීමක් බව පෙන්වා දෙමිනි

මෙම ප්‍රතිසංස්කරණ “අධ්‍යාපන පරිවර්තන හරහා ලංකාවේ පරිවර්තනය” යන බැරෑරුම් අරමුණ හා තේමාව යටතේ ගෙන ආවද, ඒවා කඩිමුඩියේ, හිතුවක්කාරීව, සහ කිසිදු විධිමත් සංවාදයකින් තොරව, හුදෙක් “Power Point Presentation එකකින් පමණක්” තීන්දු කරන ලද “විකාර රූපී” වැඩපිළිවෙළක් බව ජානිපෙ ප්‍රකාශ කරයි.

මෙමගින් ප්‍රධාන ගැටලු තුනක් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ නිර්මාණය වන බව පෙන්වා දුන් සමරවීර පළමු ගැටල්ව ලෙස 2026 ජනවාරි මාසේ සිට 6 වන ශ්‍රේණියේ “පෙළ පොත සම්පූර්ණයෙන්ම අහෝසි” කරන බව ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය. ඒ වෙනුවට, සාරයෙන් හා හරයෙන් අඩු, විෂය කරුණුවලින් භාගයකටත් වඩා අඩුවෙන් අඩංගු "මොඩියුලේ" නමින් හඳුන්වන ලියවිලි දරුවන් වෙත ලැබෙනු ඇත.

මෙම ප්‍රතිසංස්කරණවල භයානකම කාරණය වන්නේ 2026 ජනවාරි මාසේ සිට 6 වන ශ්‍රේණියේ “වාර විභාග සියල්ල අහෝසි වීමයි”. 2031 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන තෙක් දරුවන්ට මුළුමනින්ම “වාර විභාග 18ක අත්දැකීම අහිමි වන” අතර, විභාග අත්දැකීමක් නොමැති ළමයෙක් කෙලින්ම ජාතික මට්ටමේ විභාගයකට වාඩි වීම “පිස්සුවක්” ලෙස ඔහු හැඳින්විය.

නව ඇගයීම් ක්‍රමය යටතේ ලකුණු ලබා දීම පුද්ගල බද්ධව සිදු වේ. ගුරුවරයාට තම “අභිමතය පරිදි 30%ක ලකුණු” කෙලින්ම දරුවාට ලබා දිය හැකි අතර, ඉතිරි 70% මොඩියුල අනුව කෙරෙන ක්‍රියාකාරකම් මත පදනම් වේ. මෙම ක්‍රමය හරහා ලෝකයේ කොතැනකවත් නොමැති විකාර රූපී ඇගයීමක් ඇතිවන බව ජානිපෙ අවධාරණය කරයි.

අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මහත්මියගේ “කඩිමුඩි හිතුවක්කාර දඩබ්බර අත්තනෝමතික” තීරණය ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය වන ගුරුවරුන්, දෙමව්පියන්, ශිෂ්‍යයන්, සහ විද්වතුන් සමඟ කිසිදු ප්‍රබුද්ධ සංවාදයක් සිදු කර නැත. 1998 අධ්‍යාපන කොමිෂන් සභා නීතියට අනුව පාර්ලිමේන්තුවද ඇතුළත්ව සියලු ආයතන සමග බැරෑරුම් සාකච්ඡාවකින් අනතුරුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු නමුත්, මෙහිදී එම නීතිය මුළුමනින්ම උල්ලංඝනය වී ඇති බව ජානිපෙ පෙන්වා දෙයි.

ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ මෙම නව ප්‍රතිසංස්කරණ, පවතින විද්‍යාත්මක විභාග ක්‍රමය තවදුරටත් නවීකරණය කිරීම වෙනුවට, අපේ දරුවන් මුළුමනින්ම “අසමත් කරන, අදක්ෂයන් කරන, නිකමුන් කරන, මහා මූඪයන් බවට පත් කරන” වැඩපිළිවෙළක් බවයි. රටේ දරු දැරියන් නිදහසේ අධ්‍යාපනය ලබන, ලොව ප්‍රශස්ත ඇගයුමක් ඇති ක්‍රමයක් මෙමගින් වනසන බවට ද ඔහු චෝදනා කළේය.

වර්තමාන දිට්වා ආපදා තත්ත්වය සහ පාසල් වසා දමා ඇති පසුබිමක, මෙම “දුෂ්ට ප්‍රයත්නය” ක්‍රියාවට නැංවීම වහාම අත්හිටුවන ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් බලකර සිටියි.

ජානිපෙ සියලුම ප්‍රබුද්ධ ජන කොටස් වලින් මහා සංඝරත්නයෙන්, පූජක ප්‍රසාදවරුන්ගෙන්, දේශපාලන පක්ෂ නායකයන්ගෙන්, විද්වත් වෘත්තිකයන්ගෙන්, ගුරුවරුන්ගෙන්, දෙමව්පියන්ගෙන්, සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම හිතුවක්කාරී ප්‍රතිසංස්කරණයට එරෙහිව වහාම පෙළගැසී, පුළුල් මැදිහත්වීමක් සිදු කර, මෙම "මඤ්ඤං" ප්‍රතිපත්තිය වහාම අත්හිටුවීමට ආණ්ඩුවට බලපෑම් කරන ලෙසයි.

ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරන්නේ, මේ පිළිබඳ පුළුල් ප්‍රබුද්ධ සංවාදයක් නිර්මාණය කර, රටට අවශ්‍ය දක්ෂ, ගුණ යහපත් නව පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කිරීමට මඟ පෑදිය යුතු බවයි.

මෙම පුවත්පත් සාකච්ඡාවේ දී ජයන්ත සමරවීර මහතා 

මාධ්‍යවේදීන් හමුවේ කරනු ලැබූ සම්පූර්ණ 

පැහැදිලි කිරීම මෙසේය...

ආයුබෝවන්... සුභ උදෑසනක් මාධ්‍යවවේදී සහෝදරවරුනි. 

අද මෙම මාධ්‍ය හමුව සඳහා මමත් සමඟ අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් සහෝදරයාත්, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික ශානක දර්ශන සහෝදරයාත් සහභාගී වෙනවා. 

අපි කවුරුත් දන්නවා අපි මේ ගෙවන්නේ අපේ ඉතිහාසයේ පෙර නොවූරූ මහා භයානක ආපදාවකට මුහුණ දීලා. “දිත්වා” ආපදාවෙන් අපි කවුරුත් බරපතල වේදනාවක, බරපතල තිගැස්මක, බරපතල ආතතියක ඉන්න වෙලාවක් තමයි මේ. ඒ ස්වභාවික ආපදාවට වඩා මහා භයානක ආපදාවකට රට ලක් කරන්න, ජාතිය ලක් කරන්න, අපේ අනාගත දූ දරු පරම්පරාවන් ලක් කරන්න මාලිමා ආණ්ඩුව සැරසෙන බව මේ රටේ ජනතාවට, තමුන්නාන්සේලා හරහා දැනුවත් කරන්නයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. 

ඒ මොකක්ද? ඒ තමයි “අධ්‍යාපන පරිවර්තන හරහා ලංකාවේ පරිවර්තනය” නමින් බොහොම බැරෑරුම් අරමුණක් පෙරදැරි කරගනිමින් මාලිමා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි මාසේ සිට ලංකාවේ පාසල් වල හයවෙනි පන්තියේ, ශ්‍රේණියේ ළමුණන්ට හයවෙනි පන්තියට ක්‍රියාත්මක කරන්න දැන් සූදානම් වෙනවා.

ජනවාරි මාසේ සිට ලංකාවේ පාසල්වල හයවෙනි ශ්‍රේණියේ ළමුන් සඳහා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න සූදානමෙන් ආණ්ඩුව කටයුතු කරමින් යනවා. මෙය ද්විත්වා ආපදාවට වඩා මහා භයානක විපතකට, ආපදාවකට ජාතිය, අපේ රටේ දරු පරම්පරාව ලක්කිරීමක් හැටියටයි අපට හැඟෙන්නේ, අපට වැටහෙන්නේ, අපේ අවබෝධය. මේ පිළිබඳ අධ්‍යාපනඥයන්, මේ රටේ ප්‍රබුද්ධ ගුරුවරුන්, විද්වතුන් සාකච්ඡා කරමින් සිටිනවා. 

දැන් මේ රටේ මීට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවා. අපි දන්නවා අපේ රටට මහා හතුරුකම් රාශියක් කරපු, අපේ රට තාමත් නිවැරදි කර නොහැකි හතුරුකම්වල ගිල්වා දමපු නායකයෙක් වෙච්ච ජේ.ආර්. ජයවර්ධන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් ගෙනාපු අධ්‍යාපන ධවල පත්‍රිකාව පවා ජනතාව තුළ සංවාදයක් ඇති කරන්නට ඉඩ කඩ හැදුවා. ඒ නිසා තමයි ඒක එදා පස්සට තල්ලු කරගන්න මේ රටේ ජනතාවට හැකියාව ලැබුණේ. ඒ සංවාදය නිසා. ඒ සංවාදයෙන් රටට, ජාතියට, අනාගත පරම්පරාවට සිදුවන හානිය නිසා. 

ඊළඟට අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාලේ මෙවැනි ප්‍රතිසංස්කරණයක් තාරා ද මෙල් හිටපු අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් ගෙනාවා. එයත් ජනතාව තුළ සංවාදයක් ඇති වුණා. ඒ නිසා එයද පස්සට, පසුපසට තල්ලු කර ගැනීමේ හැකියාව ලැබුණා. ඒ ද ක්‍රියාත්මක වුණේ නෑ.

නමුත් ජනවාරි මාසේ ඉඳන් මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය, අනිත් පැත්තෙන් අග්‍රාමාත්‍ය හරණි අමරසූරියලා ජනවාරි මාසේ ඉඳන් කිසිඳු සංවාදයකට ඉඩ නොතබා, කිසිදු සාකච්ඡාවකට ඉඩ නොතබා. අඩු ගානේ විධිමත් යෝජනාවක්වත් නැතුව හුදු “Power Point Presentation එකකින් පමණක්”. මේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට දැන් සැරසෙනවා, ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනවා.

 මොකක් වෙනුවෙන් කියලද කියන්නේ? අධ්‍යාපන පරිවර්තන හරහා ලංකාවේ පරිවර්තනය. ඉතාම ගැඹුරු අරමුණක් පෙරදැරි කරගෙන, ඉතාම බැරෑරුම් අරමුණක් පෙරදැරි කරගෙන. මෙහෙම ප්‍රතිසංස්කරණයක් එනවා නම්, එන්න ඕනේ කොහොමද? 

මෙහෙම ප්‍රතිසංස්කරණයක් එනවා නම් එන්න ඕනේ, ඒ වෙනුවෙන් වන අධ්‍යාපනඥයන් සමඟ සාකච්ඡාවක්, ගුරුවරුන් සමඟ සාකච්ඡාවක්, දෙමව්පියන් සමඟ සාකච්ඡාවක්, ශිෂ්‍යයන් සමඟ සාකච්ඡාවක්, මේ රටේ විද්වතුන් සමඟ සාකච්ඡාවක්. එවැනි ප්‍රබුද්ධ සාකච්ඡාවකින් අනතුරුව තමයි එවැනි බැරෑරුම් ප්‍රතිසංස්කරණයක් ඇතිවෙන්න ඕනේ. ඒ සඳහා නීතියකුත් තියෙනවා. ඒ තමයි “1998 අධ්‍යාපන කොමිෂන් සභාව සඳහා ගෙනෙන ලද නීතිය”. ඒ අනුව ජාතික ප්‍රතිපත්තිය අරමුණු කොටගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා නම්, සිද්ධ වෙන්න ඕනේ ඒ පිළිබඳ වන බැරෑරුම් සාකච්ඡාවකින් අනතුරුව, ඒ සඳහා වන සියලු ආයතන, “පාර්ලිමේන්තුවද ඇතුලත්ව සියලු ආයතන ඇතුලත්ව සිදුවන බැරෑරුම් ප්‍රබුද්ධ සංවාදයකින් අනතුරුව” තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම සකස් විය යුතු වන්නේ.

නමුත් මේ ජනවාරි මාසේ පළවෙනි වාරේ ඉඳන්, 2026 ජනවාරි මාසේ පළවෙනි වාරේ ඉඳන් හය ශ්‍රේණියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මේ හරණි අමරසූරියගේ “කඩිමුඩි හිතුවක්කාර දඩබ්බර අත්තනෝමතික දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට” එහෙම කිසිදු සාකච්ඡාවක් නෑ. ඒක තීන්දු වුණේ හුදු පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින් පමණයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් දැන් වෙලා තියෙන්නේ “ගුරුවරුත් මඤ්ඤං වෙලා” තියෙන්නේ. මේ පිළිබඳ අගක් නෑ, මුලක් නෑ, යන්නේ කොහෙටද කියලා කිසිඳු විස්තරයක් නෑ.

දැන් මේකෙන් මොකද වෙන්නේ? භයානකම තත්ත්වය, මේකෙන් ඇතිවෙන භයානකම කාරණා මොනවද? “එක: 2026 ජනවාරි මාසේ සිට හයවෙනි ශ්‍රේණියේ පෙළ පොත අහෝසීයි”. ඒ වෙනුවට එනවා “මොඩියුල්” කියලා සාරයෙන් අඩු, හරයෙන් අඩු, පෙළ පොත්වල තිබිච්ච විෂය කරුණුවලින් භාගෙට භාගයක්වත් නැති, හුදු ලියවිලි ටිකක් ඒ වෙනුවට එනවා ගුරුවරු අතට හා දරුවන් අතට. ඊට පස්සේ මේ සාරයෙන් අඩු, හරයෙන් අඩු, විෂය කරුණු අඩු පෙළ පොතට සාපේක්ෂව ඉතාම දුර්වල ක්‍රියාකාරකම් අනුව තමයි පන්ති කාමරයේදී දරුවන්ට ගුරුවරු ලකුණු ලබා දෙන්නේ. 

වාර අවසානයේදී මේ මොඩියුලයකට අදාළ ක්‍රියාකාරකම්, පන්ති කාමරයේ සිදුවෙන ක්‍රියාකාරකම් අනුව ලකුණු ලබා දීලා, 70%ක් ලබා දීලා, ඉතුරු ලකුණු ගුරුවරයාට “අභිමත පරිදි” දරුවාට ලබා දෙනවා. දැන් මේකෙන් මොකක්ද වෙන්න පුළුවන්? මේකෙන් “පුද්ගල බද්ධව” තමයි ලකුණු ලබා දෙන්නේ. ගුරුවරයා තමන්ට රිසි සේ, තමන්ට රුචි සේ ලකුණු ලබා දීමක් සිදු වෙනවා. එක පැත්තකින් 30%ක් කෙලින්ම දෙන්න පුළුවන් ගුරුවරයාට. තවත් 70%ක් මේ මොඩියුල අනුව කෙරෙන පන්ති කාමරයේ ක්‍රියාකාරකම් අනුව දෙන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන අවැඩ තමුන් වහන්සේලාට තේරුම් ගන්න පුළුවන්. ලෝකේ කොහේවත් මෙහෙම අධ්‍යාපනයක් නෑ. මෙහෙම අධ්‍යාපනයක් නෑ. මෙහෙම “විකාර රූපී අධ්‍යාපනයක්” නැහැ ලෝකේ කොහෙවත්.

ඊළඟට දෙවෙනි භයානක කාරණය තමයි: “2026 ජනවාරි මාසේ සිට හයේ පන්තියේ වාර විභාග සියල්ල අහෝසියි”. වාර විභාග සියල්ල අහෝසියි. 2026 පන්තියේ ළමයාගේ වාර විභාග අහෝසියි. වාර තුනේම විභාග අහෝසියි. පළවෙනි වාරේ, දෙවෙනි වාරේ, තුන්වෙනි වාරේ. 2027 හතට යන ළමයාගේ වාර විභාග අහෝසියි. 2028 අටට යන ළමයාගේ වාර විභාග අහෝසියි. 2029 නවයට යන ළමයාගේ වාර විභාග අහෝසියි. 2030 දහයට යන ළමයාගේ විභාගය අහෝසියි. 2031 දී 11ට යන ළමයාගේ වාර විභාග අහෝසියි. “වාර විභාග 18ක් අහෝසියි”. ඊට පස්සේ කෙලින්ම 2031 අපොස සාමාන්‍ය පෙළට ඒ ළමයා ලියනවා. ඊට පෙර හුරු පුරුදු තිබිච්ච විභාග 18කට වාඩි වෙන්නේ නැතුව, “විභාග අත්දැකීමක් නැති ළමයෙක්” කෙලින්ම වාඩි වෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට. කල්පනා කරලා බලන්න, මේක “මඤ්ඤමක්” නෙවෙයිද? මේක පිස්සුවක් නෙවෙයිද? මේක විකාරයක් නෙමෙයිද? ඒ නිසා මේ විකාර අධ්‍යාපනය ලෝකේ කොහෙවත් මෙහෙම එකක් නෑ.

දැන් අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විය යුතු නම්, විය යුතු වන්නේ මේ දැන් තිබෙන “විද්‍යාත්මක විභාග ක්‍රමය තවදුරටත් පෝෂණය වෙන”, තවදුරටත් නවීකරණය වෙන, ලෝකයේ තිබෙන දියුණුවට සාපේක්ෂව, ඒ වගේම ලංකාවේ තිබෙන සමාජ සංවර්ධන දියුණුවට සාපේක්ෂව, නවීන, දැනුවත්, ප්‍රබුද්ධ, ගුණ යහපත් නව මිනිසෙක්, නව පුරවැසියෙක් තනනවා මිසක්, ඊට අනුරූපීව, ඊට ඉලක්ක සහගතව මිසක් මේ විදියහට විකාර රූපීවද? 

දැන් ඔබ දන්නවා තරඟ විභාග. දැන් හය ශ්‍රේණියේ පළවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රය හදන්නේ කොට්ඨාසය. ඊළඟට දෙවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රය හදන්නේ යම් විෂයයකට අදාළව කලාපයෙන්. අධ්‍යාපන කලාපයෙන්. කලාපයේම පාසල්වලට එකම විභාග ප්‍රශ්න පත්‍රයක්. කොට්ඨාසෙම පාසල්වලට පළවෙනි වාරේ එකම ප්‍රශ්න පත්‍රයක්. තුන්වෙනි වාරයේ ප්‍රශ්න පත්‍රය හදන්නේ පළාතෙන්. පළාතේම පාසල්වලට වෙනම ප්‍රශ්න පත්‍රයක්. මේ විදියහට තමයි දරුවාගේ මැනුම, දරුවාගේ විෂය දැනුම මැනීම සිද්ධ කරන්නේ කොට්ඨාසයෙන්, කලාපයෙන් සහ පළාතෙන්. ඊට පස්සේ තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට, ජාතික මට්ටමේ විභාගයට ළමයාව ඉදිරිපත් වෙන්නේ. බලන්න මොන තරම් විද්‍යාත්මකයිද ඒක. දැන් ඒකේ තරඟකාරීත්වය වැඩියි නම් කරන්න ඕනේ මොකක්ද? විෂය කරුණු අඩු කරලා, අවශ්‍ය විෂය මාලාව යම් වෙනස්කමකට ලක් කරලා, මේ මේ යම් සංශෝධනයක් ප්‍රබුද්ධ සංවාදයක් ඇතුලේ සිද්ධ කරන එක. එහෙම නැතුව විභාග සම්පූර්ණයෙන්ම නැති කරන එකද? පෙළ පොත් සම්පූර්ණයෙන් නැති කරන එකද? ලෝකේ කොහෙවත් මෙවැනි විකාර රූපී අධ්‍යාපනයක් ඇත්තේ නැහැ.

මේ සිද්ධ කරන්න යන්නේ එකක් “අත්තනෝමතික විදිහට”. එකක් “හිතුවක්කාර විදියට”. එකක් කඩි මුඩියේ. එකක් දඩිබිඩියේ. මේ හයවෙනි පන්තියට ජනවාරි මාසේ සිට මේ හරණි අමරසූරිය ක්‍රියාත්මක කරන්න යන්නේ අපේ රටේ සම්පූර්ණ දරුවන් අසමත් කරන, දරුවන් අසමතුන් බවට පත් කරවන ව්‍යාපෘතියක්. සියලුන් සමතුන් කරන්නය කියලා ගේන්නේ. 

සියලුන් අසමතුන් කරන, සියලු දරුවන් අදක්ෂයන් කරන, සියලු දරුවන් නිකමුන් කරන, සියලු දරුවන් දුර්වලයන් කරන, සියලු දරුවන් “මහා මූඪයන් වට පත් කරන” මහා විකාර රූපී මහා භයානක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි මේ 2026 ජනවාරි මාසේ හයවෙනි ශ්‍රේණියේ ඉඳන් මේ ක්‍රියාත්මක වීමට නියමිත. හරණි අමරසූරියට ඒක කරන්න පැවරිලා තියෙනවා. 

අපි දන්නවා හරණි අමරසූරිය කියන්නේ කවුද කියලා. ඇය සැක කටයුතු කෙනෙක්. සැක කටයුතු කෙනෙක්. මීට පෙර ඇය මේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක හිටියා. ඒ රාජ්‍ය නොවන සංවිධානවලින් ඉඳලා මේ රට හතුරු මතය මුළු මහත් ජීවිතයේ මතය බවට පත් කරගෙන තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ මුල් කොට ගත්තු මේ ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය දක්වා මේ ගමන් කරන්නේ. ඒ තමන්ට පවරපු කොන්ත්‍රාත්තුව මේ රටේ ශිෂ්ඨාචාරය මොකක්ද මේ කොන්ත්‍රාත්තුව ඉෂ්ට කිරීමේ කාර්ය පරිසමාප්ත කරන්න.

දැන් එයා හරිනම් කරන්න ඕනේ.... අධ්‍යාපනය මෙච්චර මේක නවීකරණය කරන්න ඕන නම්, මුලින්ම කරන්න ඕනේ හරණි අමරසූරියම බෝඩ් එකක් බැඳගෙන දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා පාරේ ආවනේ. ගාළු පාර දිගේ කොළඹ ආවනේ. දැන් කරන්න ඕනේ තමන් ඉන්න ආණ්ඩුවේ, තමන් අග්‍රාමාත්‍ය ධූරය දරණ ආණ්ඩුවේ, තමන් අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ආණ්ඩුවේ, තුනෙන් දෙක බලසම්පන්න ආණ්ඩුවේ, විධායක බලතල තියෙන ආණ්ඩුවේ, තමන් කරන්න ඕනේ මුලින්ම 6% දෙන එකනේ. 6% පැත්තට දාමු. 3%ක් වත් දෙන එකනේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන්. ඒවා ගැන දැන් කතා නෑ හරණි. 

ඒව ගැන කතා කරන්නේ නැතුව මේ අධ්‍යාපනයේ, මේ දැනටත් තියෙන මේ අපේ දරුවන් නිදහසේ අධ්‍යාපනය ලබන මේ ලොව යම් ප්‍රශස්ත ඇගයුමක් තිබෙන මේ අධ්‍යාපනය මුළුමනින්ම නසලා, වනසලා, අපේ දරුවන් මුළුමනින්ම අසමත් කරන, මුළුමනින්ම අදක්ෂයන් කරන, මුළුමනින්ම නිකමුන් කරන, මුළුමනින්ම දුර්වලයන් කරන විකාර රූපී අධ්‍යාපනයක් ආදේශ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ, සූදානම් වෙන්නේ. ඒ නිසා මේ දුෂ්ට හරණි අමරසූරියලාගේ මේ දුෂ්ට මාලිමා ආණ්ඩුවේ මේ “දුෂ්ට ප්‍රයත්නය වහාම හකුලා ගන්න” කියලා අපි ආණ්ඩුවට බල කරනවා. 

එකක් මේ ආපදාවක් අස්සේ. පාසල් දහස් ගාණක් අරින්නවත් බැරි තත්ත්වයක් අස්සේ. ජාතිය මහා කම්පනයකට, ජනතාව මහා කම්පනයකට ලක් වෙලා ඉන්න වෙලාවක් අස්සේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම වහාම හකුලා ගන්න. 

දෙක, අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. මේ රටේ අධ්‍යාපන විශේෂඥයන්ගෙන්, මේ රටේ මහා සංඝරත්නයෙන්, ඒ වගේම අන්‍යාගමික පූජක ප්‍රසාදීන්වරුන් වහන්සේලාගෙන්, ඒ වගේම දේශපාලන පක්ෂ නායකයන්ගෙන්, ඒ වගේම විද්වත් වෘත්තිකයන්ගෙන්, ඒ වගේම ගුරුවරුන්ගෙන්, ඒ වගේම දෙමව්පියන්ගෙන්, ඒ වගේම ශිෂ්‍යයන්ගෙන්, අපි ඉල්ලනවා මේ අධ්‍යාපන, ඊනියා හරණි අමරසූරියගේ මේ හිතුවක්කාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව “වහාම පෙළ ගැහෙන්න”. මේ පිළිබඳ සංවාදයක් ඇති කරගන්න. මේ පිළිබඳ “පුළුල් බලපෑමක් ආණ්ඩුවට සිදු කරන්න”. ඔබ ඉන්න ක්ෂේත්‍රවල ඉඳගෙන පුළුල් බලපෑමක් සිදු කරලා, පුළුල් මැදිහත්වීමක් සිදු කරලා, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට වහාම මැදිහත් වෙන්න කියලා මේ රටේ සියලුම ප්‍රබුද්ධ ජන කොටස් වලින් අපි ඉල්ලා සිටිනවා.

 අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා, පාර්ලිමේන්තුවේ ඉන්න. මේක දැක්කේ නෑ වගේ ඉන්න එපා. මේ එන්නේ මහා භයානක, “භයානක ආපදාවකට” මේ රට ලක් කරන්න. ද්විත්වා ආපදාවටත් වඩා. ඒ නිසා මේක දැක්කේ නෑ වගේ ඉන්නේ නැතුව මේ පිළිබඳ බැරෑරුම් සංවාදයක් ගොඩනැගීමට, මේ අත්හිටුවලා පළමුව 2026 ජනවාරි මාසේ නම් එළඹෙන ජනවාරි මාසේ නම් හයවෙනි ශ්‍රේණියේ ඉඳන් ක්‍රියාත්මක වීමට නියමිත හරණි අමරසූරියගේ “මඤ්ඤං අධ්‍යාපන ප්‍රතිපත්තිය” කියලා ගෙනාපු ප්‍රතිපත්තිය වහාම අත්හිටුවන්න බලපෑම් කරන්න. ඉන් අනතුරුව මේ පිළිබඳ පළල් සංවාදයක් නිර්මාණය කරලා. ඒ පළල් සංවාදය, ප්‍රබුද්ධ සංවාදය ඇසුරින් මේ රටට මනා, අපේ දරුවන් ලෝකයට උවමනා, නවීන මිනිසුන්, ගුණ යහපත් මිනිසුන්, ප්‍රබුද්ධ මිනිසුන් බවට පත් කරන, දක්ෂ, සමත්, ජීවිතයේ සමත් මිනිසුන් බවට පත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කිරීමට මග පාදමු කියලා අපි නැවත නැවතත්, ජාතික නිදහස් පෙරමුණ හැටියට මේ රටේ මහා සඟරුවණෙන්, අන්‍යාගමික පූජතුමන්ගෙන්, ඒ වගේම උගතුන්ගෙන්, වියතුන්ගෙන්, ගුරුවරුන්ගෙන්, දෙගුරුන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, සියලු ජන කොටස් වලින්, දේශපාලන පක්ෂ නායකයන්ද ඇතුළුව, සියලු දෙනාගෙන් අපි ඉතා ඕනෑකමෙන්, අවධාරණයෙන්, ආයාචනාත්මකව ජාතික නිදහස් පෙරමුණ හැටියට ඉල්ලා සිටිනවා. 

මේ සඳහා වහාම මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ ආණ්ඩුවට බල කරලා කියනවා මේ වහාම අත්හිටුවන්න කියලා.

සම්බන්ධිත පුවත් | Related News

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.