අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාලියේ යටි අරමුණ පෙළපොත සහ වාර විභාග අහෝසි කිරීමයි.. මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට සැරසීමම එක්තරා මෙහෙයුමක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
රටේ සමස්ත දරු පරපුරටම බලපාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කිසිඳු අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස් විමසීමකින් තොරව, මූලික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කටයුතු කරමින් සිටින බවත්, මෙය දිට්වා ආපදාවටත් වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවලියක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් අද(18) පැවත්වූ ප්‍රවෘති සංකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණවල මූලික ලේඛනය ඉදිරිපත් කරන ලද්දේ පසුගිය ජූනි මාසයේදී බවත්, මෙම විෂයමාලා සංවර්ධන යෝජනාවලියේ යටි අරමුණ වන්නේ පෙළපොත සහ වාර විභාග අහෝසි කිරීම බවත් ය.
මෙහිදී දරුවන් අතරට පත්වන්නේ පෙළපොත වැනි සංකීර්ණ විෂය නිර්දේශයක් නොව සරල කෙටි සටහන් ප්‍රමාණයක් බව පවසන ඒ මහතා මෙම මොඩියුලර් වලින් ලකුණු සියයට 70ක ප්‍රමාණයකුත්, ගුරුවරයාගේ අධීක්ෂණයෙන් ලබාදෙන සියයට 30ක ලකුණු ප්‍රමාණයකිනුත් එකතුකර දරුවාට ලකුණු ලබාදෙන බවත් සඳහන් කරයි.
එමගින් වාර විභාග සම්පූර්ණයෙන්ම අහෝසි වන බවත්, මෙම ක්‍රියාවලිය 6 වසරේ සිට දරුවන්ට ලබන වසරේ සිට කඩිමුඩියේ ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමාජය ලොකු විපතකට වැටී සිටින අවස්ථාවක මේ පිළිබඳව සමාජ සංවාදයක් ඇති නොවන අවස්ථාවක ඉතා සූක්ෂම ලෙස මෙම බරපතළ විෂය මාලා සංවර්ධන යෝජනා අගමැතිවරිය ක්‍රියාත්මක කරීමට බලහත්කාරී ලෙස සූදානම් වන බවත් පෙන්වා දෙයි.
මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමම එක්තරා මෙහෙයුමක් බවත්, අධිරාජ්‍යවාදී සංවිධාන තමන් අතේ තබාගෙන සිටින න්‍යායපත්‍ර රටක් ආපදාවකට ගොදුරුවූ විට ක්‍රියාත්මක කිරීම සිදුකරන බවත් ඒ මහතා සඳහන් කරයි.
වාර විභාග අහෝසි කිරීම සහ පෙළපොත් අහෝසි කිරීම යනු බරපතළ තීන්දුවක් බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු සංවාදයක් සමාජයේ ඇති නොවූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
මේ වන විට මේ සඳහා ගුරුවරුන් ද පුහුණුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම්වත් භාවයද නොමැති බවත් පවසන ඒ මහතා මෙම පුහුණු වැඩසටහන් වලදී ගුරුවරුන්ට ද ප්‍රශ්න කිරීමට අවස්ථාව නොදෙන බවත් සඳහන් කරයි.
අධ්‍යාපන පරිවර්තනයක් යනු තියෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් බවත්, මෙම අධ්‍යාපන පරිවර්තනයේ දී සිදුකිරීමට යන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නොව මෙතෙක් තිබූ ක්‍රමය කණපිට පෙරළවීමක් බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
අගමැතිවරය අධ්‍යාපන ඇමැතිනිය ලෙස පත්වූ පසු පළමුවෙන්ම ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් අනිවාර්ය නොවන විෂයන් බවට තීන්දුකළ බවත්, ඉන්පසුව ආගම විෂයේදී බෞද්ධ දරුවන්ට බෞද්ධ ආගම වෙනුවට පොදුවේ ආගම් ඉගැන්වීමේ සුප් එකක් දරුවන්ට පෙවීමට තීන්දු කළ බවත්, මෙය ඉතා සූක්ෂම ක්‍රියාවලියක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඉන්පසුව ඇය විසින් ලිංගික අධ්‍යාපන යෝජනාවලියක් ගෙන ආ බවත් එයද මේ විෂය මාලා සංවර්ධනයට අදාළ බවත්, මෙය ජාත්‍යන්තර සංවිධානවලින් වටේ රටවල්වලට සාදා දුන් ලිංගික චර්යාවන් අත්හදා බැලීමට දරුවන් යොමු කිරීමට කටයුතු කරන යෝජනාවලියක් බවත් පවසන ඒ මහතා LGBTQ ප්‍රවර්ධනය කිරීම මෙමගින් සිදුවන බවට ද චෝදනා කරයි.
එංගලන්තයේ 2010 දී මෙම ක්‍රියාවලිය ආරම්භ කළ බවත්, එමගින් එම රට විශාල වන්දියක් ගෙවා දරුවන් මානසික අවුල් ජාලාවක සිරවූ පසු එම ක්‍රියාවලිය නවතා දැමූ බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එංගලන්තය විසින් පාඩමක් ඉගෙනගෙන නතර කළ වැඩේ අද හරිනි අමරසූරිය මෙරටේ සිදුකරන බවටත් ඒ මහතා චෝදනා කරයි.
එමෙන්ම දන්ඩනීති සංග්‍රහට සංශෝධනය කර ගුරුවරුන්ට මානසික බාධක පැනවීම ද මෙම ක්‍රියාවලිය තුළ අන්තර්ගත වන බවත්, ගුරුවරයෙක් දරුවකුට තදින් අවවාද කළහොත් එය ශාරීරික වරදක් ලෙස මෙහිදී සැලකෙන බවත් එමගින් ගුරුවරයාට සිරබත් කෑමට සිදුවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.
මෙම ක්‍රියාවලිය තුළින් මෙරට දරුවන්ගේ අනාගතය මහා විනාශයකට ලක්වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.