දරු පරපුර විනාශයට පත් කරමින් කඩිමුඩියේ ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විමල් සත්‍යග්‍රහයක් ඇරඹීමට යයි..
ආණ්ඩුව විසින් කඩිමුඩියේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මෙරට දරු පරපුර විනාශයට පත් කරමින් සිදු කරන කාර්යට එරෙහිව සඳුදා (12) පෙරවරු 9:00 ට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ බහුජන සංවිධානයේ කැඳවුම්කරු, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ විද්වත් සංවාදයකින් තොරව දරුවන් මත පටවමින් පවතින බවයි.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව විවිධ මත දරන පිරිස් මෙම විනාශකාරී ක්‍රියාවලියට එරෙහිව එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
හය වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක කේතයක් ඇතුළත් වීම අහම්බයක් නොවන බවත්, එය අධ්‍යාපන ඇමැතිනියගේ සිට ඉහළ නිලධාරීන් දක්වා සම්බන්ධ වූ දැනුවත්ව සිදුකළ මහා පරිමාණ ජාවාරමක් බවත් වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙනුවෙන් ඔවුන්ගේ වට්ටෝරුවකට අනුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකෙරෙන බව හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාලය භාවිත කරන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් හඳුන්වා දීම හරහා දරුවන්ව අසභ්‍ය වෙබ් අඩවි පරිශීලනය කරන බඩියන් බවට පත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම නව ක්‍රමය හරහා සිදුවන්නේ ප්‍රශස්ත ශාස්ත්‍රීය දැනුමක් සහිත දරු පරපුරක් බිහි කිරීම නොව, ලෝකය සමඟ තරඟ කළ නොහැකි සිපයිකරණය වූ හෙවත් කුලී හේවායන් වැනි පිරිසක් බිහි කිරීම බව වීරවංශ මහතා අවධාරණය කළේය. ගමේ පාසලෙන් ඉහළටම ගොස් නාසා ආයතනය වැනි ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට නිදහස් අධ්‍යාපනය තුළ තිබූ අවස්ථා මේ හරහා අහුරා දමන බවද ඔහු පැවසීය,.
මෙම විනාශකාරී අධ්‍යාපන ක්‍රමය වහාම අකුලා ගන්නා ලෙසත්, ඊට වගකිව යුතු අධ්‍යාපන ඇමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය බලකර සිටියි.
දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට පක්ෂ භේදයකින් තොරව ලබන සඳුදා ආරම්භ වන අඛණ්ඩ සත්‍යග්‍රහය වටා රොක් වන ලෙස විමල් වීරවංශ මහතා ආරාධනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්